නිව්යෝර්ක් නුවර පිපිරිමක් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ටයිම්ස් චතුරශ්‍රය ආසන්නයේ බස් පර්යන්තයක පිපිරිමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 11 December 2017
දළ පුට්ටාවගේ දළ කොළඹට රැගෙන එන්න කළ ඉල්ලීම ඉවතට අධිකරණය බාරයේ ඇති ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත්දළ යුගල සහ ගජමුතු වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන යාමට අවසර දෙන්නැයි ජාතික සත්වෝද්‍යානයේ අධ්යක්ෂවරයා මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීම මහව අතිරේක දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවාරචිචි මහතා අද (12) ප්‍රතික්ෂේප කළේය. 11 December 2017
දුම්රිය අධීක්ෂණ කළමණාකරුවෝ වැඩට එති දුම්රිය වැඩවර්ජනයට එක්වී සිටි දුම්රිය අධීක්ෂණ කලමනාකරුවන්ගේ සංගමයට අයත් සියලු සංගම්වල සියලු සාමාජිකයන් අද (11) දින සේවයට වාර්තා කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය. 11 December 2017
දුම්රිය රියදුරෙකුගේ මාසික ආදායම 225,000 යි - නියෝජ්‍ය ඇමැති අතිකාල දීමනාද සහිතව දුම්රිය රියදුරෙකු මසකට රුපියල් 226,000 ක වැටුපක් ලබාගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය. 11 December 2017
ඉන්දියා ජාතික කොන්ග්‍රසයේ නායකත්වය රාහුල්ට ඉන්දීය ජාතික කොන්ග්රසය සිය පක්ෂයේ සභාපතිවරයා ලෙසින් රාහුල් ගාන්ධි තෝරා ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (11 වැනිදා) නිවේදනය කළේය. 11 December 2017
මාස 11 ට ළමා අපයෝජන පැමිණිලි 8548 යි මේ වසරේ ගෙවී ගිය මාස 11 ක කාලය තුළ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 8548 ක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි. 11 December 2017
මඩකලපුවෙන් එච්.අයි.වී ආසාදිතයන් 31ක් ගතවූ මාස 11ක කාලය තුළ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එච්.අයි.වී වෛරසය ආසාදනය වූ ඒඩ්ස් රෝගීන් 31 දෙනෙකු හදුනාගෙන ඇතැයි මඩකලපුව සමාජ ,ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ඒකකයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 11 December 2017
හෙරොයින් ළඟ තබා ගත් කතට සිරදඬුවම් හෙරොයින් ග්‍රෑම් 11ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (11) ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. 11 December 2017
සීඑස්එන් නඩුව පෙබරවාරියේ විභාගයට ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරී 14 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (11) තීරණය කළේය. 11 December 2017
විමල්ගේ මුල් නඩු වාර්තා මහාධිකරණයෙන් ඉල්ලයි නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු ඇමැති විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ මුල් නඩු වාර්තාව මහාධිකරණයට එවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ ලේඛාධිකාරීවරයාට අද (11) නියම කළේය. 11 December 2017
‘දූෂිතයන්ට නාමයෝජනා දුන්නොත් වැඩ වරදී‘ - මාර්තු 12 පළාත් පාලන මැතිවරණයේ දී දූෂිතයන්ට නාමයෝජනා දුන්නොත් ඔවුන් රටට හෙළි කරන බව මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය. 11 December 2017
ජාතික නිදහස් පෙරමුණේ තිදෙනෙක් ශ්‍රීලනිපයට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක මෙන්ම උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර යන මහත්වරු අද(11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ. 11 December 2017
වර්ජනය දිගටම තිබ්බොත් සාපෙළ සිසුන්ටත් බාධා සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වන බැවින් අද රාත්‍රී වන්නට පෙර දුම්රිය වර්ජනයට විසඳුම් ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටියි. 11 December 2017
ධර්ම යුද්ධය ව්‍යාජ ලෙස විකිණූ සැකකරු රිමාන්ඩ් නිසි අවසරයකින් තොරව ‘ධර්ම යුද්ධය‘ සිනමා පටය ව්‍යාජ ලෙස සංයුක්ත තැටිවලට ඇතුළත් කර අලෙවිකළ වෙළඳසල් හිමියකු ලබන 13වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(11) නියෝග කළාය. 11 December 2017
මධ්‍යම පළාත් ඇමැති ඇතුළු සිව් දෙනාට ඇප පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති සහ මධ්‍යම පළාත් අමාත්‍ය එම් රාමේෂ්වරන් මහතා ඇතුළු සිව් දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස හැටන් මහේස්ත්‍රාත් එස් සරවනරාජා මහතා නියෝග කළේය. 11 December 2017
‘වර්ජනයේ නැති සංගම් රියදුරන් යොදවනවා’ - අශෝක් අබේසිංහ වර්ජනය අවසන් වනතුරු වර්ජනයට එක්ව නොමැති දුම්රිය වෘත්තීය සංගම් දෙකක රියදුරන් මගින් දෛනිකව කාර්යාල දුම්රිය හෝ ධාවනය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා පැවසීය. 11 December 2017
ජාතික ලොතරැයි ලොක්කන්ට කෝටි 5ක දිනුමක් ජාතික ලොතරැයි මණ්ඩයේ ඉහළ කළමනාකාරීත්වය මේ වසරේ මුල් මාස 10ක කාලයේදී ‘දිනුම් ඇදීම් දීමනා’ නැමැති ක්‍රමවේදයක් යටතේ රුපියල් මිලියන 8.1ක මුදලක් ලබාගෙන (ආසන්න වශයෙන් රුපියල් 8,146,750) ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 11 December 2017
දුම්රිය සේවාව අත්‍යවශ්‍ය යයි ගැසට් නිවේදනය සම්මතයි දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත්කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය. 11 December 2017
සාපෙළ සිසුන්ට දුම්රිය වාර ප්රවේශපතින් පෞද්ගලික බස්වල යාමේ වරම් හෙටින්(12) ඇරැඹෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා තම දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය පෙන්වා පෞද්ගලික බස්රථවලින් නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලබාදී ඇතැයි ජාතික ගමනාගමන කොමිසම පවසයි. 11 December 2017
දුම්රිය කොන්ත්‍රාත් සේවකයින් සේවයට කැඳවයි දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම මත දැනට සේවය කරන සියලු දුම්රිය රියදුරන්, පාලකවරුන්, නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා නියෝග කර ඇත. 11 December 2017
තියුණු ආයුධ හා පොලු සමග තිදෙනෙක් කොටු අපරාධයක් සිදුකිරීමට තියුණු ආයුධ හා පොලු මුගුරු රැගෙන යතුරුපැදිවලින් ගමන්කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු යාපනය තෙලිප්පලෙයි අලවෙඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලිසිය කියයි. 11 December 2017
ඒකාබද්ධයෙන් තේරීම්කාරක සභාවක් ඉල්ලයි පසුගිය රජය සමයේ පොත්පත්වල සටහන් නොතබා රහසිගතව ණය ලබාගෙන ඇති බවට අගමැතිවරයා කළ ප්‍රකාශය ඇතුළු කරුණු හතරක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. 11 December 2017
ශ්රීලනිපය ඡන්ද ලකුණු කිහිපයකින් පුංචි ඡන්දයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයේ දී අත, බුලත් කොළය සහ තවත් සලකුණු අනුව ක්‍රම තුනකින් තරග කරන බව ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි. 10 December 2017
‘භික්ෂුණී සසුන පිළිනොගන්නේ දේශපාලනඥයෝ‘ - ඉනාමළුවේ මහනාහිමි මෙරට භික්ෂුණී සසුන පිළිනොගන්නේ බෞද්ධයන් යැයි කියාගන්නා දේශපාලඥයන් බව ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක හිමියෝ පවසති. 10 December 2017
දුම්රිය වර්ජනයත් - සාකච්ඡාත් දිගටම වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය අද(10) සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වන අතර මේ හේතුවෙන් දුම්රිය මගීන් රැසක් දැඩි අපහසුතාවයට ලක්විය. 10 December 2017
ශ්‍රියානි විජේවික්‍රම ජනපතිට සහාය පළ කරයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය අද(10) සවස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය පළ කළ බව දේශපාලන ආරංචි පවසයි. 10 December 2017
තනි දළයාගේ මරණයට හේතුව හෙළිවෙයි පුත්තලම සෙල්ලන්කන්දල් රක්ෂීතයේ මැරි සිටි දළ ඇතාගේ මරණයට හේතුව විස ශරිර ගතවිමක් බව වන ජීවි පශු වෛද්‍යවරු අද(10) සවස පැවති පශ්චාත් මරණ පරික්ෂණයේදි තහවුරු කර තිබේ. 10 December 2017
නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් සැකපිට බේරුවල චීනකොටුව ප්‍රදේශයේදී නීති විරෝධීව බලපත්‍ර නොමැතිව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 6000 ක් සමග සැකකරුවන් දෙදෙනකු අද (10) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි. 10 December 2017
නිදහස් පක්ෂය තනිව තරග කරන බව කම්කරු ඇමැති කියයි ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බව කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඞී. ජේ සෙනෙවිරත්න මහතා අද(10)ලංකාදීපයට පැවසීය. 10 December 2017
පලස්තීන මිත්‍රත්ව සංගමය ට්‍රම්ප්ගේ තීරණය හෙළා දකී ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසෙලම ලෙස පිළිගැනීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පලස්තීන මිත්‍රත්ව සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 10 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026