(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ හතලිහකට ආසන්න වටිනාකමින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මට්ටක්කුලිය ආගමික මධ්‍යස්ථාකයක් අසළදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත දිසා දූෂණ මර්දන අංශය කියයි.
එම පුද්ගලයා සන්තකයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙසිය පනහයි මිලිග්‍රෑම් පන්සිය හැටක් තිබී පොලිසිය භාරයට ගෙන ඇත.
මට්ටක්කුලිය ප්‍රදේශයේ ත්‍රි රෝද රථ රියදුරෙකු යම් පුද්ගලයෙකුට හෙරොයින් මත්කුඩු ලබා දීම සඳහා පැමිණෙන බවට වැල්ලවත්ත දිසා දූෂණ මර්දන ඒකකයේ පොලිස් කොස්තාපල් 83764 වීරසිංහ මහතා ලද තොරතුරකට අනුව එහි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් රැක සිට කරන ලද වැටලීමක් කර ඇත.
එහිදී සැකකරු සමඟ මත්කුඩු තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
මනුෂ්‍ය ඝාතන කිහිපයකට රිමාන්ඩ් භාරයේ පසුවන මට්ටක්කුලිය රොෂාන් නැමැති පාතාල සාමාජිකයා ලබා දුන් දුරකතන ඇමතුමක් අනුව මේවා රැගෙන ආ බව ඔහු ප්‍රකාශ කර ඇතැයි පොලිස් නිලධාරියා තවදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙරොයින් වැඩි වෙන එකට සුරාබදු එක වගේම රටේ පලකයොත් වග කියන්න ඔන. අඩු මිලට මත්පැන් වර්ගයක් වෙලදපොලේ තියේනම් මේ වගෙ දරුනු මත්කුඩු වලට වෙලදපොලක් හැදෙන්නේ නෑ සහ ඉල්ලුමක් නෑ. මේවට ඉල්ලුම තියෙන නිසා තමයි මේ වගේ සැපයුමුත් වැඩි වෙලා තියෙන්නේ. මේ වගෙ සරල දෙයක්වත් තෙරුම් ගන්න් බැරුව මේ රටෙන් මේ දරුනු මත් කුඩු ඉවත් කරන එක විහිලුවක්.