(අනීෂා මානගේ)
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් එහි කුලුනක් මත නැඟ අැරැඹු උද්ඝෝෂණය මීට සුළු වේලාවකට පෙර අවසන් කෙරිණි.
ඊයේ (21) උදෑසන 7.00 සිට ආරම්භ කල විරෝධතාවය අද(22) දහවල් වන තෙක් පැවැතිණි.
මාතර බන්ධනාගාරයේ අධිකාරි ඩබ්ලිව් ඩී සී කරුණාසේකර මහතා පැමිණ රැඳවියන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව දෙපාර්ශවය විසදුමකට එලැඹීම නිසා විරෝධතාවය අවසන් කෙරිණි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය, බන්ධනාගාර ඉහළ නිලධාරීන් ඇතුළු කිහිප පිරිසක් අද බන්ධනාගාරයට ගොස් සිටි අතර පැවැති සාකච්ඡාවකින් පසුව මෙලෙස ඔවුන් හා සාකච්ඡාවක් කිරීමට එකඟතාව පළ කර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් බන්ධනාගාර තුල සේවයේ යෙදවීමට හා බන්ධනාගාර අධිකාරීවරයාට විරෝධය දක්වමින් මෙලෙස රැඳවියන් හැත්තෑපහකට අධික පිරිසක් බන්ධනාගාරය තුළ පිහිටි සිව්මහල් කුලුනක් මතට නැග විරෝධතාවයේ නිරත වූහ.
රැඳවියන්ගේ ග්‍රහණයට පත්ව තිබූ නැරඹුම් කුලුන යළි බන්ධනාගාර නිලධාරින් විසින් සිය භාරයට ගත් අතර රැඳවියන් විසින් කුලුන මත ප්‍රදර්ශනය කර තිබූ පුවරු ඉවත්කිරීමටද බන්ධනාගාර නිලධාරිහු ක්‍රියා කළහ.




(ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අලාභ හානි කරා නම් නීති මගින් කටයුතු කල යුතුයි.
මේක මහා පුදුම රටක්. අපරාධකාරයින් හෝ එසේ යයි කියා චෝදනා ලැබූ අය රටේ නීතිය ක්‍රියාත්මක කරන අයට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. ඔවුන් මොවුන්ට නීති ක්‍රියාත්මක කළයුතු ආකාරයත් කියලා දෙනවා. අර උඩට නගින්න කලින් බැරිවුණාද මැඩපවත්වලා ඕක නවත්ව ගන්න. මෙහෙම වුනාම රට අරාජික වෙනවනේ... නඩු අහන්න එපා කියනවා, විනිශ්චය කරන්න... නඩු අහන්න බැහැ කියලා කට්ටිය අයින් වෙන රටේ දුන්නු ආදර්ශය පුංචි තැනින් ඉපිල ආව අංකුරයක් තමා ඔය උද්ඝෝෂණ. අනේ අපේ රට කොහාටද යන්නේ? මිනිස්සු පිල් බෙදිලා උඩ ඉන්න කට්ටියට ආවඩන කට්ටියකුත් බිහිවෙලා හෝ වේවි...
මෙතන එකක් පැහැදිලියි ....එස්.ටී. ආරක්ෂක කටයුතු කරනවට බන්ධනාගාර නිලධාරීන් අකමැතියි. නැතිනම් කොහොමද රැඳෙවියන් ආරක්ෂක නිරීක්ෂණ කුටියට පහසුවෙන් නැග්ගේ?
මොකද වෙඩි නොතැබුවේ.. අපරාධ කාරයෝ එතනත් අපරාධ කරනවා.