වමත් දඟ පන්දු යවන්නන් අතර වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් දඟ පන්දු යවන්නා වශයෙන් ක්‍රිකට් වාර්තා පොතට එක්ව සිටින රංගන හේරත් ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව වාර්තාවේ.
එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සිය සමුගැනීමේ තරගාවලිය බව මීට මාස කිහිපයකට ඉහතදීම රංගන හේරත් ප්‍රකාශ කර තිබිණ. එහෙත් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන ගාල්ලේදීම ටෙස්ට් පිටියෙන් සමුගැනීමට රංගන සූදානම් බවද දැනගන්නට තිබේ.
තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගෙන් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලැබ්රෝයි මහතා කියා සිටියේ “රංගන තාමත් අපට ඒ ගැන කියලා නෑ“ යනුවෙනි. තේරීම් කමිටු සාමාජිකයන්ගේ අපේක්ෂාව වන්නේ තරග 3 කින් සමන්විත තරගාවලියේදී අඩුතරමේ තරග දෙකක් සඳහාවත් රංගනගේ සේවය ලබාගැනීමයි.
රංගන හේරත් වසර 1999 දී සිය පළමු ටෙස්ට් තරගයට සහභාගි වූයේත් ගාල්ලේදීමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙස්ට් දිනලත් ඉවරයි මීට පස්සේ...
තව කලක් ඉන්න ..........
ඔබත් ගිය පසු කුමක් වේවිද?
මහේල, සංගා, රංගන කණ්ඩායමේ නැති වීම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අවසානය නොවේ. ඉදිරියේදී පාසල් වලින් බිහිවෙන නව ක්‍රීඩකයින් ඒ තැන්වලට පැමිණෙයි.
පහුගිය දවස්වල දිනපු ටෙස්ට් තරග ටික දිනුවේ රංගනට පින්සිද්දවෙන්න තමයි. දැන් ඉතින් ටෙස්ට් එකක් දිනන්න කියලාවත් තිබුණු බලාපොරොත්තුත් ඉවරයි.