(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් ආරම්භ කර පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පවරා ඇති ඇති නඩුවේ අධිචෝදනා පත‍්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනාට අද(22) බාරදෙන ලදී.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයෙන් නිකුත් කර තිබු සිතාසි වලට අනුව විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙලෙස අධිචෝදනා පත‍්‍ර බාරදෙන ලද්දේ මෙම නඩුවේ විත්තිකරුවන් වශ්‍යයෙන් නම් කර සිටින තිරුගුනම් කනගසබේ, චානුක රත්වත්තේ, රොමේෂා දුෂාන්ති සෙනරත්, නන්දික දංජීව දයාරත්න, නිරෝෂන් රොමෙන්ඩෝ සහ ඉසිර ධර්මප‍්‍රිය බණ්ඩාර නමැත්තන්ටය.
2015 ජනවාරී මස පළමු වැනිදාත් ඔක්තොම්බර් මස 30 වැනිදාත් අතර කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අනුමැතියකින් තොරව ‘එන්ට‍්‍රස්ට්’ පෞද්ගලික ආයතනය නමින් මුල්‍ය ආයතනයක් ආරම්භ කොට පවත්වාගෙන යන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන්ට අධිචෝදනා පත‍්‍ර බාරදුන් විනිසුරුවරයා මෙම නඩුව යළි කැඳවන ලබන දෙසැම්බර් මස 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ ගිනි පොලී අයකර ජනතාව ගසා කන්නේ නීත්‍යානුකූල අායතන... අපූරුයි මහබැංකු මහත්වරුනි..,
මහබැංකුවේ අනුමැතිය නොමැතිව පටන් ගන්නවා වැඩි පොලි පොරොන්දු වෙනවා මිනිසුන්ගේ සල්ලි කෝටි ගණන් තැන්පත්වී ටිලකාලයකින් පාඩුයි කියා ගාන ශේප් කරගෙන ආයතනය වසා දමනවා.
ඊටීඅයි එකට මහා බැංකුව විශේෂ සහන දෙන්නේ මොකද ?
මේ කට්ටියම ගල් ආඳො තමයි. ජීවිතාන්තයටම කූඩුවේ දමන්න ස්වාමිනි...