හර්ෂණ තුෂාර සිල්වා
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (22) 173 ඉක්මවා ගියේය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (22) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 173.38ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල රුපියල් 169.49 ක් ලෙස දැක්විණි.
පසුගිය මස 21 වැනිදා ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 170 සීමාව ඉක්මවා ගියේය. ඉන් පසුව අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල ස්ථාවර අගයක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් විය.
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙම මාසයේ මේ දක්වා කාලයේදී 1.66%කින් ද සැප්තැම්බර් මාසයේදී 4.7%කින් ද දුර්වල වී ඇත.
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 19 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 10.7%කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 19 වැනිදා දක්වා කාලයේදී ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 2.4 %කින් වැඩි වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ගහන්න ඩොලරය යවන්න බැරිද?
අපේ බලාපොරොත්තුව අපනයනය දිරි ගැන්වීම යි එ නිසා අපි ඉදිරියටත් තව තවත් රැපියල ඉහළ යනවා.......... ජත්‍යන්තර අර්බුද....... ණය ...... එහෙම නැතිව අපිට කර ගන්න බැරිව නෙමෙයි ..... අපිට කොකියන් වැඩියෙන් ඉන්නවා බය වෙන්න එපා අද හෙටම අපි 200 යට ගෙනියනවා වගේම තව පොලු දානවා... සාර්ථක පිළියමක් ලෙස ඔබට ඩයස්පරාවෙි මහත්වරුන්ගේ මුදල් ගෙන්නවනවා ....
දණගැස්සු ආර්ථිකය හරිගැස්සු මිනිස්සු ,ජය වේවා !
"රටකට ඕනෑ අපමණ අගයක්...." කියන මෙන්න මේ පොරොන්දුවයි මේගොල්ලෝ මේ ඉෂ්ඨ කරන්නේ. මට හිතෙන විදිහට අපේ ලංකාවේ ටීම් එක විසින් එක මැච් එකක ගහන ලකුණු ගානට වැඩියෙන් ඩොලර් එක උඩ යාවි. හැටදෙලක්ෂයට උණුසුම් සුබ පැතුම්.!
තව සති 10යි දෙසැම්බර් වලට සතියකට රුපියල් 2.70 ගානේ බැලුවහම අවුරුද්ද අන්තිමේ ඩොලරය රුපියල් 200 යි.. දොයියෝ සාක්කි මේවට
මෙතන ඩොලරයේ ප්‍රශ්නයක් නෙමෙයි තියන්නේ , බලන්න රුපියල ගිය සතියට වඩා අනික හැම රටකම මුදල් එකක වලට සාපේක්ෂ ව බල්දුවෙලා.............
200ට තව ටිකයි... ඔහම යන්...ඔහොම යන්... ක්‍රිකට් ටීම් එකට බැරි වෙච්චදේ රුපියල කරනවා.
"ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 2.4 %කින් වැඩි වී ඇතැයිද " ඉන්දියාවට වඩා මොකක් වුණාම අපට මොකද? මේ කතාකරන්නේ ඩොලරය ගැනනේ... අසූචි ගොඩක් පෙන්නලා හරි ඊට වඩා හොඳයි... කියන්න බලන්නේ මහබැංකුව, ප්‍රශ්නේ තේරුම් ගන්න. ප්‍රතිකර්ම යොදන්න නෙමේ...
අපේ රටට මේ හෙනය වැදිලා තියෙන්නේ උගත්කම වැඩිවෙලා... විෂයබාර ඇමැතිගෙන් ඇහුවොත්... මෙහෙම වෙන්න හේතුව මම දන්නෙත් නැහැ කියයි. වෙන රටවල ආර්ථිකය හදන්න කලින් තමන්ගේ රටේ ආර්ථිකය හදලාඉන්න. රුපියල කඩා වැටෙනවා මහා උන් විදේශ රටවල සංචාරය කරනවා. මේ වෙලාවේ සියලුම ගමන් නතර කරලා වියදම් අඩුකරන්න. රටේ ජනතාවගේ මුදල් වලින් සවාරි ගහන්න බැහැ. සති ගණන් ඉඳලා එනවා.. ඒ ඇවිත් ඒ රටවල ඩොලරයේ අගේ කියනවා. ඕක කියන්න පුළුවන් කම්පියුටර් ළඟට ගියා නම් මේ අැමැතිලගේ රට සවාරි ගහන එක නතර කෙරුවොත් රුපියල ගොඩගන්න පුළුවන් මේ කාලකන්නි රට කනවා..
මෙහි අදහස් දක්වන කිසිවෙක් දන්නේ නැද්ද මේක මුළු ලෝකයේම තියෙන ප්‍රශ්නයක් කියලා?
රටක සංවර්ධනයක් නැති උනාම, රටක අදායම නංවන්න වැඩ පිළිවෙලක් නැති උනාම, අර මැති ඇමති මන්ත්‍රීලා රදවාගන්න ඔවුන්ට පාක්කුඩම් දිදී ආණ්ඩුව ගෙනියන්න ක්‍රම සල්ලි හොයාගන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් පිටරටින් ණයට අරගෙන මහා සංවර්ධනය කියල මොකක් හරි වැඩකුත් සද්දෙට කරලා ඉතුරුටිකෙන් කාල බිල සුද්දවගේ වියදම් කරලා තමනුත් ටිකක් සාක්කුවේ ගෙන රටවැසියෝ ණයකාරයෝ කරලා ඉන්න එක. අනික් ක්‍රමය බදු වැඩි කරලා රටේ මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි වලින් ගානක් අරගෙන එකෙන් රට ගෙනියන එක. ඒ උනත් එක කලොත් ආණ්ඩුව මිනිස්සුන්ට එපාවෙලා එලවල දානවා. ඊළඟ ක්‍රමය තමයි හින් නුලෙන් මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි උන්ට නොතේරෙන්න විදියට වටිනාකම අඩුකරලා, ඒ අඩුකරපු ගානට අයෙත් සල්ලි අච්චු ගහල එව්වගෙන් රට ගෙනියන එක. එතකොට ඒක මිනිස්සුන්ට තේරෙන්නේ දැනට ආනයනය කරලා තියෙන භාණ්ඩ අවසන් වෙලා අලුතෙන් භාණ්ඩ ගෙන්නන වෙලාවට එතකොට මුදල බල්දුවෙලා ටික කලක් ගිහින්. බදු වැඩි වෙන එකට බැනුම් අහන්නේ මුදලාලිලා. එක දුරදක්නා ක්‍රමය. එත් මේවාරේ නම් කොට්ටෝරුව කොටාගෙන කොටාගෙන ගිහින් කෙහෙල් ගහකටම කෙටුවද මන්ද?