( කාංචන කුමාර ආරියදාස)
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැටකොලුවාගම සහ හබරවත්ත යන ගම්මාන දෙකේ පවුල් 120ක පමණ ජනතාවක් ආහාර සහ පොදු පහසුකම් හිඟවීම ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරමින් සිටිති.
නිසි ආකාරයෙන් කන්න හයක් පමණ වගා කර ගත නොහැකි වීම නිසා මෙම ජනතාව දැඩි ආහාර අර්බුදයකට ලක්ව සිටිති. ඔවුන් කියා සිටියේ වැසි ජලයෙන් පමණක් සිය ගොවිතැන් කටයුතු සිදුකර ගන්නා බවයි.
නිසි කලට වර්ෂාව නොලැබීම හේතුවෙන් වසර කිහිපයක සිට ගොවිතැන්බත් අහිමිව ජීවත්වීමට නොහැකි තත්ත්වයකට තමන් පත්ව සිටින බව ඔවුහු පැවසූහ. මේ දිනවල වැසි ලැබෙන නමුදු නැවතත් වගා කටයුතු ආරම්භ කිරීමට ඔවුන්ට ආර්ථික ශක්තියක් නොමැත.
මෙම ගම්මානවල ජීවත්වන පවුල් කිහිපයක් හැර සෙසු සියල්ලෝ නිසි නිවාසයක් හෝ සනීපාරක්ෂක පහසුකමක් නොමැති ව සිටින අතර බොහෝ දුවාදරුවන් නිසි වස්ත්රාභරණ පවා නොමැතිව අසරණව සිටිති. නිවෙස් හිමියෝ තාවකාලිකව තැනූ නිවාසවල වාසය කරති.
ඇතැම් මවුවරුන් තම දරුවන්ට උගැන්වීමට දැඩි උත්සාහයක නිරත වන්නේ කුසට අහරක් පවා නොගෙනය. ඔවුහු දිනකට වේලක් පමණක් ආහාර ගනිති.
එම ගම්මානවලට ගමන් කිරීමට නිසි මාර්ගයක් පවා නොමැත. විශාල දුරක් ගෙවා ආරෝග්‍ය ශාලාවට ගමන් කිරීමට සිදුවන බවත් රාත්‍රී කාලයේ වන අලින්ගෙන් පීඩා විඳීමට සිදුවන බවත් ඔවුහු පවසති.
නැවත වගාවන් ආරම්භ කරන තෙක් දින කිහිපයකට හෝ වියළි ආහාර යම් ප්‍රමාණයක් ලබා දෙන්නේ නම් එය ප්‍රමාණවත් වන බව ඔවුහු පවසති.
ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කී සැනින් බොහෝ දෙනෙකුට මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සිහි වන නිසා මෙම ගම්මානයට ලැබෙන බොහෝ පොදු පහසුකම් අහිමි වී තිබෙන බව ගම්මු පවසති. එහෙත් මහවැලි දිය පොදක් හෝ තම ගම්මානයට නොලැබෙන බව ඔවුන්ගේ අදහසයි.
මෙම ගම්මානයේ පදිංචිව සිටින ජනතාව පිළිබඳව රජයේ කඩිනම් අවධානය යොමු ව අවම වශයෙන් වියළි ආහාර යම් ප්‍රමාණයක් හෝ ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පුටුවක් ගන්න සල්ලි වලින් පවුල් කීයකට කන්න දෙන්න පුළුවන්ද? ආණ්ඩුව බලය රැකගන්න අර අඳිනවා. ඡන්දෙ දීපු අහිංසකයින් හාමතේ... මේ අයටත් ජීවත්වීමේ අයිතියක් තියෙනවා.
කාලකන්නි ආණ්ඩුවක්... මේ අයට සැපවාහන ගන්න නම් සල්ලි තියෙනවා. මේ පාහරයින්ට ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ.
ඒකට කමක් නෑ පාර්ලිමේන්තුවේ කෑම තියෙනවා...
මුරුංග කොළ කෑවා කියලා පළවුණා කියල පහුගියකාලේ ජනපති කාර්යාලයෙන් මැරෙන්න හැදුව එහෙම නැහැ කියල, දැන් මොකද කියන්නේ , ඒ වගේම තදියමකින් මේ ගමටත් ගිහින් බලල සහනයක් දෙන්න මේ අසරණයින්ට ඇත්ත වහන්න කපටිකම් කල්පනා නොකර.
නිලධාරින් නම් වැහි වහැලා. වෙන සෙතකුත් නැහැ බලන් යද්දී. යටිතල පහසුකම් මෙවැනි දුෂ්කර ගම්මාන වලටනේ ලබාදිය යුත්තේ. ඔක්කොම නගරයට ඇදෙනවා මිසක් ගමට සෙතක් නැහැ වගේ.
මේවා පත්තරෙන් දැකල අපේ ජනධිපතිතුමට තරහයිද දන්නේ නැ අර මුරුංග කොළ ස්ටෝරියට වගේ
අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ...............
අහිංසක දරු පැටව ටික දැක්කම හෝර්ස් ගාල බඩ පපුව පිච්චිලා යනවා, අහිංසක අපි මොනවා කරන්නද, දේමේවා පෙනුනොත් හොදා . පන්සල් ගානේ ගිහින් දේසපාලනේ කරනවට වැඩිය පහුගිය කාලේ හොරෙන්කාපු සල්ලි ටිකක් මෙයාලට දුන්නොත් නරකද, සොහොන් කොත් හදන්න මිලියන ගණන් වියදම් කරනවට වැඩිය
තවත් මුරුංගා හා සමාන තතාවක්. කාට කියන්නද කවුරු අහන්නද?????????????
නගරවල ඈතිවෙන්න කම්කරු, සිකියුරිටි, ගාමන්ට් රස්සාවල් තියෙනවා. ඒවට යන්න මේ අය කම්මැලියි. ලංකාවේ කවුරුත් දිනපතා කම්කරු රස්සාවක් නෑ කියනවා නම් ඒක බොරුවක්... මගේ වත්තෙ තණකොල උදලු ගාන මිනිහට එන මාස 3ම බුකින්... එයා මට වඩා බිසී. අනික මගේ ගේ බලන මිනිහා වත්තේ වැඩ කරන්නේ නෑ. හැබැයි පඩිය 30000 ක් මාසෙට..
මෙවැනි මිනිසුන් සිටින රටක අගමැතිවරයා ලක්ෂ 3000 වටිනා වාහනයක් තම භාවිතය සඳහා ආනයනය කල පුවතක් මා මෑතකදී ඇසුවා. මා සිතන්නේ මෙවැනි ආකල්ප ඇති දේශපාලකයින් ඇති රටක ඉපදීම පවක් යයි කියායි.
ලොකුවට නිදහස් උත්සවය සමරනවා.. සුද්දාගෙන් රට බේරගත්තා කියලා... සුද්දා රට කරනකොට රට සංවර්ධනය වුණා. මිනිසුන්ට ඒ කාලේ හැටියට කන්න බොන්න බෙහෙත්... කිසිම අඩුවක් නැහැ. රටත් ලස්සනයි. ලෝකෙට ණයත් නැහැ. 1948.02.04. ඉඳලා. අද වෙනකම් පක්ෂ නායකයින් රට සම්පූර්ණ විනාශකෙරුවා. ලෝකෙට ණයවෙලා තියෙන්නේ. රටවැසියන්ට කරලා නෙමේ.... ඒ මුදල්වලින් නායකයෝ සුරසැප විඳලා ළඟදී රජකෙනෙක් පත්වෙලා සේසතම අරගෙනයි ගියේ. මේ අයට ඇයි හෙන වදින්නේ නැත්තේ. සේරම එන්නේ දුප්පතාට....