බිඟුන් මේනක ගමගේ
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සමත් ලකුණ පහළ දමන්නැයි ලංකා ගුරු සේවා සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාදෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 15,000 කට සීමා කිරීමෙන් හා සමත් ලකුණ ඉහළ දැමීමෙන් තුන්ලක්ෂ පනස්දහසකට අධික සිසු දරු දැරියන් සංඛ්‍යාවක් දැඩි පීඩාවකට පත්වීම හේතුවෙන් මෙම ඉල්ලීම් කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියේ සඳහන් වේ.
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් දැනට භාවිත සමත් කිරීමේ ලකුණ හා පහසුකම් සහිත පාසල්වල ඉඩකඩ ආදිය අවිද්‍යාත්මක නිර්ණායක බවත් ශිෂ්‍යත්ව සංඛ්‍යාව වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සතුව වෙනත් ව්‍යාපෘති ඇති බවත් ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කරයි.
එම ලිපියේ පිටපතක් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට යොමු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඩා වැදගත් වන්නේ සෑම දරුවකුටම සමාන අධ්‍යාපන පහසුකම් සලසාදීම වන අතර නිදහස ලබා වසර හැත්තෑවක් සම්පූර්ණ වුවද බලයට පත් එකම ආණ්ඩුවකටවත් ඒ අරමුණ ජයගන්න වුවමනාවක් හෝ ශක්තියක් නොතිබුණු අතර හැමදාම දුප්පත් මිනිසා සල්ලිකාරයන්ගේ කුලිකාරයෙක් ලෙස ඉන්නවා දැකීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව...
ඒක නම් හොඳයි..
ඔය විබගය අවශ්‍යම නැහැ.
සමත් ලකුණ 10ක් කරානම් හොඳයි එහෙම කරන්න අමාරු නම් විභාගේ කරන ඔක්කොම සිසුන්ව සමත් කරන්න!!!!
සමත් ලකුණ පහත දාපුවම පාස් වෙන ගැන වැඩිවෙනවා ඒ කියන්නේ විභාගේ තත්වය බාල්දුවීමක් නේ. වැඩි දෙනා පාස් වෙන විභාගයක වටිනාකමක් තියෙනවද?