රියැදුරු-කොන්දොස්තර කඩේ තේ බොද්දී ලංගම බසය පැහැරගෙන ගිහින් ශ්‍රී ලංගම බස් රථයක් සොරාගෙන යමින් සිටි පුද්ගලයකු එම බස් රථයද සමඟ සිකුරාදා (15) සවස අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. 18 December 2017
හබරාදුවේ පුද්ගලයෙක් කපා දමලා හබරාදුව මිහිරිපැන්න ප්‍රදේශයේදී පුද්ගලයකු තියුණු ආයුධ වලින් කපා මරාදමා ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 18 December 2017
උල් ආයුධ තොගයක් සමග 11ක් සැකපිට විවිධ වර්ගයේ තියුණු ආයුධ රැගෙන ලොරි රථයකින් ගමන් කළ පුද්ගලයින් 11 දෙනකු බණ්ඩාරවෙල නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 18 December 2017
කෝටි 44ක් වැඩිහිටි ලේකම් කාර්යාලයේ හිරවෙලා වැඩිහිටි ලේකම් කාර්යාලය ලබා ගත් කෝටි 44ක මුදලක් සුබසාධන වැඩවලට යොදවා නැතැයි රාජ්‍ය ගිනුම්කාරක සභාව පාර්ලිමේන්තුවට දන්වා ඇත. 17 December 2017
හොරණ ශ්‍රීලනිප නාමයෝජනා පත්‍ර පැහැරගත්තැයි පැමිණිල්ලක් හොරණ ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නාම යෝජනා පත්‍රය අද රාත්‍රී කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී තිබේ. 17 December 2017
ඖෂධ සංස්ථා සේවක වැටුප සියයට 50කින් වැඩිවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ වැටුප සියයට පනහකින් ඉහළ නැංවීමට පියවර ගත් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. 17 December 2017
තේ ගැටළුව ලිහන්න නිලධාරීන් පිරිසක් රුසියාවට ශ්‍රී ලාංකික තේ සඳහා රුසියානු රජය පැනවූ තහනම ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ තේ පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක් එරටට යෑමට නියමිතය. 17 December 2017
බැංකු කාඩ් සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බැංකු ඉදිරිපිට තිබෙන සවයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කරන ගනුදෙනුකරුවන්ගේ කාඩ්පත් ලබාගෙන ඒවායින් භාණ්ඩ මිලදී ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 17 December 2017
කැප්රා කෘමියා ඇතුළු වුණේ වෙනත් වරායකින් - ඇමති මතය රුසියාවට තේ අපනයනය කිරීම පිළිබඳව මතුවී ඇති ගැටළුවට ඉක්මන් විසඳුමක් ලබා දෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද පැවසීය. 17 December 2017
තැපෑලත් වර්ජනයකට සැරසෙයි තැපැල් දෙපාර්තමේන්තුව සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට රජය පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රිමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා තැපැල් සේවා සංගමය අවධාරනය කරයි. 17 December 2017
එල්ටීටීඊ රත්තරං සොයන්නට ගිය තුනක් කොටුවෙති එල්.ටි.ටි.ඊ පැරණි කඳවුරක් තුල සඟවා තිබෙන රත්‍රං තොගයක් සොයා මුලතිව් විශ්වමඩු ආදිවිනයාගර් කෝවිල අසල බැකෝ යන්ත්‍රයකින් කැණීම් සිදුකළ හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පුදුකුඩුඉරිප්පු පොලිසිය කියයි. 17 December 2017
ඇල සුද්ධ කරද්දි අත්බෝම්බයක් හමුවෙයි බකමූණ, අත්තනකඩවල බිංගේ මුදුන ප්‍රදේශයේදී බැකෝ යන්ත්‍රයකින් වාරි ඇලක් සුද්ද කරමින් සිටියදී අද (17) උදේ 10.00 ට පමණ විදේශ රටක නිපදවන ලද ජීව අත්බෝම්බයක් හමුවී ඇතැයි පොලීසිය කියයි. 17 December 2017
උද්ඝෝෂණයක් නිසා කොළඹ-බදුල්ල මාර්ගය අවහිරවේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල මරංවලදී හරස්කරගෙන උද්ඝෝෂණයක් ආරම්භ කිරීමත් සමඟ ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි පොලිසිය කියයි. 17 December 2017
ගම්පහ රෝහලේ අපද්‍රව්‍ය ගොඩගැසේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පවතින අපද්‍රව්‍ය දාහකයෙන් පිලිස්සීම් කටයුතු සිදුකිරීමට රෝහල් කාර්ය මණ්ඩලය විරුද්ධත්වය පළකිරීම මත දින ගණනාවක සිට අපද්‍රව්‍ය ගොඩගැසී තිබේ. 17 December 2017
අලුත්වැඩියා කළ මාර්ගය දින කිහිපයකින් ගිලා බසී. රජයේ මුදල් රුපියල් කෝටි ගනණක් වියදම් කර අවස්ථා කීපයකදීම අලුත්වැඩියා කරන ලද බදුල්ල පගරගම්මන හරහා මහියංගණ දක්වා වූ ප්‍රධාන මාර්ගය ගිලා බැසීමට ලක්ව ඇත. බදුල්ල සිට මහියංගනය වෙත යාමට ඇති කෙටිම මාර්ගයයි. 17 December 2017
බහින්බස්වීමකින් හිමිනමක් ඇතුළු දෙදෙනෙක් රෝහලේ පුද්ගලයෙකු සමග ඇති වූ බහින්බස් විමක් දුර දිග යාමෙන් හිමිනමකට සහ තවත් ගිහි පුද්ගලයන් දෙදෙනෙකුට කැපුම් තුවාල සිදු කිරිම හේතුවෙන් හිමියන් සහ අනික් දෙදෙනා මේ වන විට රෝහල් ගත කර ඇත. 17 December 2017
විදුලිසැර වැදී අයෙක් රෝහලේ අධි බලැති විදුලි රැහැණක් මතට නැමී තිබූ ගසක අත්තක් කැපීමට ගිය මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ පුද්ගලයෙකු අද (17) උදෑසන විදුලිසැර වැදීමෙන් බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇත. 17 December 2017
පැය 4 ක මෙහෙයුමකින් පුද්ගලයන් 1373 ක් අත්අඩංගුවට පැය 4 ක මෙහෙයුමකින් ගිනි අවි 6ක් ඇතුළුව දිවයිනේ විවිධ අපරාධ සම්බන්ධව අවශ්‍ය කරන පුද්ගලයන් 1373 ක් අත්අඩංගුවට ගෙන තිබේ. 16 December 2017
හැරි කුමරුගේ විවාහය මැයි 19 දා බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය වන ඇමරිකානු ජාතික මේඝන් මාකල්ගේ විවාහය වර්ෂ 2018 මැයි 19වන දින සිදුකිරීමට නියමිත බව කෙන්සින්ටන් මාළිගාවේ පිහිටි හැරී කුමරුගේ කාර්යාලය නිවේදනය කර ඇත. 16 December 2017
කාන්තාවන් රට යවන අනංගයා අල්ලයි ව්‍යාජ ලිපි ලේඛන සකසා මෙරට කතුන් සංචාරක විසාවලට ගෘහ සේවයට වෙනත් රටවල පිටත් කරන ලෙස පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත කාර්යාලය ගලේවෙල ප්‍රදේශයෙන් සොයා ගනී. 16 December 2017
මුරකරුට පහර දී සඳුන් ගස කපති අඟුණුකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා භූමියේ තිබූ අඩි දෙක හමාරක පමණ වට ප්‍රමාණයකින් යුත් වටිනා සඳුන් ගසක් අද(16) අලුයම පුද්ගලයින් සිව් දෙනෙකු විසින් කපා ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.මෙම පුද්ගලයින් ප්‍රාදේශීය සභාවේ මුරකරුට පහර දී ඔහුගේ දෑස් බැඳ මෙම සඳුන් ගස කපා ගෙන ගොස් තිබේ. 16 December 2017
මාතලේ පොත් බෙදාදීමක් මැතිවරණ කොමිසමේ නියමයෙන් නවතී මාතලේ ප්‍රදේශ කිහිපයක අඩු ආදියම්ලාභී පවුල්වල දරු දැරියන්ට පොත් බෙදා දීමේ උත්සවයක් මැතිවරණ කොමිසමේ නියෝගයෙන් නතර කළ බව පොලිසිය කියයි. 16 December 2017
ශ්‍රීලනිපයට නව ආසන සංවිධායකවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කරගන්නා ලදි. ඔවුන්ට පත්වීම් ලිපි අද(16) පෙරවරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී ප්රදානය කෙරිණ. 16 December 2017
පොලොන්නරුව බන්ධනාගාරයේ රැඳවියෙක් දිවිනසාගනී මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පොලොන්නරුව බන්ධනාගාරයේ රඳවා සිටි 15 හැවිරිදි අයෙකු අද(16) අලුයම ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 16 December 2017
ඩී. එස්. සේනානායක වට රවුම අසළ මළ සිරුරක් අනුරාධපුර නගරයේ ඩි.එස්.සේනානායක වට රවුම ආසන්නයේ තිබු පුද්ගලයෙකු ගේ මළ සිරුරක් අද (16) දින උදැසන පොලිසිය මගින් සොයා ගෙන තිබේ. 16 December 2017
පොලිස් කොමිසම ශක්තිමත් මදිලු ජාතික පොලිස් කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් විය යුතු යැයි මෙරට සංචාරයක එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ නිලධාරීහූ කොළඹදී අද (15) ප්‍රකාශ කළහ. 15 December 2017
ලංකාවෙ නිෂ්පාදනවලට රුසියාවෙන් තාවකාලික තහනමක් ශ්‍රී ලංකාවේ තේ ඇතුළු වැවිලි නිෂ්පාදන ආනයන මත රුසියානු සමූහාණ්ඩුව තාවකාලික තහනමක් පනවනු ලැබ තිබේ. 15 December 2017
හලාවත එජාප සංවිධායක ශ්‍රීලනිපයට හලාවත ආසනයේ එජාප සම සංවිධායක ලෙස කටයුතු කළ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (15) ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලබා ගත්තේය. 15 December 2017
’ශ්‍රිපාදස්ථානය අඹගමුව ප්‍රා.සභාවෙන් වෙන් වීමෙන් ගැටුම් ඇතිවෙනවා’ අඹගමුව ප්‍රාදේශීය සභාව ලෙස පැවැති බල ප්‍රදේශය පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ ගැසට් නිවේදනය හේතුවෙන් කොටස් තුනකට කැඩීමෙන් ශ්‍රීපාදස්ථානය ද්‍රවිඩ ජන කොටස් සහිත ප්‍රදේශයකට නතුවන බවත් ඉන් බෞද්ධයින්ට හිමි තැන නැතිවී ජනවාර්ගික ගැටුම් ඇතිවිය හැකි බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (15) දැනුම් දුන්හ. 15 December 2017
පාතාලයේ සිව් දෙනෙක් පොලිසියට කොටු වෙති මිනීමැරුම් හා කප්පම් ගැනීම්වලට සම්බන්ධ ප්‍රබල පාතාල සමාජිකයකු වන කොස්ගොඩ සුජී නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන පදුමා නැමැත්තා ඇතුලූ සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. 15 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026