දළ පූට්ටුවා ඝාතනයට සැක ග්‍රාම නිලධාරීන්ට ඇප නෑ වෙඩි තබා ඝාතනය කෙරුණු ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාගේ බවට සැක කෙරෙන ගජමුතු දෙකක් නීති විරෝධීව සන්තකයේ තබා ගෙන සිටියදි එම ගජමුතු දෙකද සමග සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩි බාරයට පත් කර සිටින ග්‍රාම නිලධාරින් දෙදෙනා ඇප මත මුදා හැරීම මහව අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රසික මල්ලවාරචිචි මහතා අද (20) යළි ප්‍රතික්ෂේප කළේය. 20 December 2017
වෛද්‍ය සිසුවිය ගැන අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවයි දින 12ක් වයසැති තම පිරිමි දරුවා රාත්‍රි කාලයේ තනිකර බෙහත් ශාලාවක් අසල බිම දමා ගොස් කෲරත්වයට පත් කර පළා යාම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සිසුවිය සම්බන්ධයෙන් ලබන ජනවාරි 12 වැනිදා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවක් කැඳවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අද නියෝග කළේය. 20 December 2017
‘මහින්ද පොහොට්ටුවට යන්නේ නෑ‘- අමුණුගම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර කිසි විටක පොහොට්ටුවේ සාමාජිකත්වය නොගන්නා බව තමාට විශ්වාස බව ගලගෙදර ආසනයේ තුම්පනේ ප්‍රාදේශීය සභාව සඳහා අද(20) නාම යෝජනා භාරදීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය. 20 December 2017
පොහොට්ටුව උසාවි යයි පොදුජන පෙරමුණ මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පොදුජන පෙරමුණේ නායකයා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් අභියාචනාධිකරණයට පෙත්සමක් අද (20) බාර දුන්නේය. 20 December 2017
අල්ලස් පනත සංශෝධනයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කෙරෙමින් පවතින බව එහි අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කළේය. 20 December 2017
අලියාගෙන් වෙන්වූ මනෝ ගනේෂන් ඉනිමගේ නගියි ඉදිරි පළාත් පාලන මැතිවරණයට කොළඹ මහ නගර සභාව සඳහා දෙමල ප්රගතිශීලී සන්ධානය වෙනම තරග කරන බව එහි නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අද(20) කොළඹදී පැවසීය. 20 December 2017
අහංගම බැංකු කොල්ලයේ ලොක්කා හමුදා කපිතාන්වරයෙක් අහංගම රාජ්‍ය බැංකුව කොල්ලකෑමට සැලසුම් කළ ප්‍රධාන සැකකරු බූස්ස යුද හමුදා කදවුරේ සන්නාහ සන්නද්ධ බළකායේ අවි ආයුධ ගබඩාවේ අධීක්ෂණ නිලධාරී වශයෙන් කටයුතු කළ යුද හමුදා කපිතාන්වරයකු බව හෙළී වී ඇත. 20 December 2017
පෙරදා හමු වු සාම්පුර් නටබුන් පසුදා ඩෝසර් පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් විසින් දින කීපයකට ඉහතදී සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ අනුරාධපුර මුල් යුගයට අයත් බවට සැලකෙන ගරාවැටුණු චෛත්‍යයක් කිසියම් පිරිසක් විසින් පෙරේදා (18) ඩෝසර් කොට බිමට සමතලා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාම්පූර් පොලිසිය පරීක්ෂණ පවත්වයි. 20 December 2017
ජනවාරි 1වැනිදා සිට කොළඹ නගරයේ සිඟමන් යැදීම තහනම් ලබන ජනවාරි 1වැනිදා සිට කොළඹ නගරයේ මාර්ගවල හා පොදු ප්‍රවාහන සේවා තුළ සිඟමන් යැදීම තහනම් කර ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 20 December 2017
දඹුල්ලේ කුණු අල හා ලූනු කුණු කොල්ලයට අලෙවි කරති ඉදිරි උත්සව සමය ඉලක්ක කරගෙන ඉන්දියාව පකිස්ථානය චීනය ආදී රටවල් ගණනාවකින් ශ්‍රී ලංකාවට අර්තාපල් අල හා ලොකු ලූනු ආනයනය කිරීම මහා පරිමාණයෙන් සිදුවෙන බවත් පාරිභෝගිකයන් පිළිබඳව සිතා රජය ආනයනය කරන අර්තාපල් සහ ලොකු ලූනු සඳහා පනවා තිබූ බදු මුදල ඉවත් කිරීමත් සමඟ නුසුදුසු තත්වයේ ආහාර ගෙන්වීම සිදුකරන බවත් පාරිභෝගිකයෝ චෝදනා කරති. 20 December 2017
තවත් ගල් අඟුරු බලාගාර දෙකක් මෙගාවෝට් 600 ක ධාරිතාවෙන් යුත් තවත් ගල් අඟුරු බලාගාර දෙකක් ඉදිකිරීමේ යෝජනාවක් අද (19) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත්ව ඇත. 20 December 2017
එජාපයෙන් හෙළ උරුමයෙන් ශ්‍රීලනිපයට මහනුවර මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක සාමාජික සාමාජිකාවන් පිරිසක් මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වූහ. 20 December 2017
ඇස්බැස්ටස් තහනම කල් යයි ලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ. 19 December 2017
හොරට ලියූ ශිෂ්‍යයාගේ විභාගය අවලංගුයි ජංගම දුරකතනයක් භාවිත කරමින් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ බව කියන අනුරාධපුර වලිසිංහ හරිස්චද්‍ර විදුහලේ ශිෂ්‍යයාගේ මෙවර විභාග අපේක්ෂකත්වය අවලංගු කිරීමට විභාග දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ. 19 December 2017
එජාප නාම යෝජනා සකස්කර අවසන් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ දේශපාලන පක්ෂ හා සංවිධාන 22 ක් සහිත එක්සත් ජාතික පෙරමුණ අලියා ලකුණෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කරන සියලු අපේක්ෂක ලැයිස්තු පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (19දා) අනුමත කර තිබේ. 19 December 2017
යේමනයෙන් ආ බැලැස්ටික් මිසයිලය සෞදි අරාබියෙන් වනසයි සෞදි අරාබියේ රියාද් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල වූ බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව විනාශ කළ බව එරට ආරක්ෂක අංශ පවසයි. 19 December 2017
නියං ආධාර වල ප්‍රමිතියෙන් තොර සහල් මහකුඹුක්කඩවල වල්පාළුව ගම්මානයේ ජනතාවට නියං ආධාර යටතේ ලබා දී ඇති සහල් ප්‍රමිතියෙන් තොර කල් ඉකුත් වූ ඒවා බව කියමින් ජනතාව අද (19) දින විරෝධතාවයක් මතු කර ඇත. 19 December 2017
කොළඹ පුරපති තරගෙට එජාපෙන් රෝසි කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව ලෙස හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. 19 December 2017
විනිසුරු වැටුප ඉහළට විනිශ්චයකාරවරුන්ගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට රජය තීරණය කර ඇත. 19 December 2017
පුත්තලමේ කසළ කළමනාකරණ ව්‍යාපෘතියකට අනුමැතිය පුත්තලම අරුවක්කාලු කසළ කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අද කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 19 December 2017
වෙඩි කෑ කොල්ලකරුට බරපතල නැහැ ජීව අත් බෝම්බ රැගෙන හෙල්මට්, ජැකට් පැළද,අත්වැසුම් සහිතව බැංකුව තුලට පැමිණ ඇති කොල්ලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් බැංකු කළමනාකාරවරියගේ කෙස්වැටියෙන් අල්ලා ගන්නවාත් සමඟම බැංකුවේ ආරක්ෂිත නලා නාදවීම නිසා කොල්ලය වැරදුනු බව පොලිසිය පවසයි. 19 December 2017
ඖෂධ 48ක මිල 5% කින් ඉහළට ඉකුත් වසරේ මිල අඩුකරන ලද අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 මිල ගණන් සියයට 5 කින් ඉහළ නංවා තිබේ. ඖෂධ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය සහ ඖෂධ ආනයනකරුවන් පිරිසක් කරන ලද ඉල්ලීමකට අනුව මෙම මිල ඉහළ නංවා ඇත. 19 December 2017
පරණ කෘමිනාශක සහ වල්නාශක විකුණන ජාවාරමක් අල්ලයි කල් ඉකුත් වූ කෘමිනාශක, වල්නාශක සහ විවිධ කෘෂිකාර්මික යෙදවුම් අලුත් ලේබල් අලවා වෙළඳපොළට යැවීමේ මහා පරිමාණ ජාවාරමක් සීගිරිය ප්‍රදේශයේ දී දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද අනාවරණය අනාවරණය කරගනු ලැබ තිබේ. 19 December 2017
අයවැය විවේචනය කරන්න ඒකාබද්ධයට දැනුමක් නෑ - මොහාන් 2018 අයවැය යෝජනාවළියේ ආර්ථික දෘෂ්ටිය මතු කරගැනීමට හෝ විවේචනය කිරීමේ හැකියාවක් ඒකාබද්ධ විපක්ෂයට නොතිබූ බව ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පැවසීය. 19 December 2017
තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාව ගැන පතුරන ව්‍යාජ තොරතුරු බැහැර කරන මෙන් ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 19 December 2017
තහනම් බෙහෙත් පෙති සමග මගියෙක් කොටුවෙයි ලංකාවේ විකිණීමට තහනම් කර ඇති නිති විරෝධි ඇපල් වර්ගයේ ට්රමඩෝල් නැමැති බෙහෙත් පෙති තොගයක් සමග සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි. 19 December 2017
යුද හමුදා භුමිය විකිණිමෙන් කෝටි 500ක වාර්ෂික කුලියක් පසුගිය රජය සමයේ යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ භූමිය විකුණා එම මූලස්ථානයේ ස්ථාපිතව පැවති යුද හමුදාවේ විවිධ අංශ කුලියට ගත් ගොඩනැගිලි 15ක් ස්ථාපිත කිරීම හේතුවෙන් වාර්ෂිකව කුලිය ලෙස රුපියල් කෝටි 500ක් ගෙවීමට රජයට සිදුව 19 December 2017
ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් වෙයි පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රධාන පාසල් සඳහා සිසුන් බඳවා ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් කර ඇත. 19 December 2017
පොලිතින් සැරසිලි ගැන පොලිසියට කියන්න දේශපාලන රැස්වීම් පිළිගැනීම් හෝ එවැනි වෙනත් උත්සවවල පොලිතින්වලින් සැරසිලි සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි. 19 December 2017
හිටපු ප්ලොට් නායකයෙක් ගිනි අවි සමඟ අත්අඩංගුවට යාපනය රෝහල මාර්ගයේ පිහිටි නිවසක සිටි පුද්ගලයකු එම නිවසෙන් ඉවත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ගිනිඅවි ඇතුළු යුද උපකරණ තොගයක් අදාල නිවසේ තිබියදී අද (19) පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 19 December 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026