(හර්ෂණ තුෂාර සිල්වා)
ආණ්ඩුවේ ඇතැම් පිරිස් නව ක්‍රමවේදයකට රාජ්‍ය බැංකු දෙක මංකොල්ල කමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (25) පැවැසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා එම කරුණු සඳහන් කළේය.
“ආණ්ඩුවේ ඇතැම් පිරිස් නව ක්‍රමවේදයකට සොරාකෑම ආරම්භ කර තිබෙනවා. මහජන බැංකුව, ලංකා බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල ඉවත් කළේ ඒවායේ දූෂණ වංචා සිදු වූ නිසයි. අධ්යක්ෂ මණ්ඩලවල ධූර කාලය අවසන් නිසා ඔවුන් ඉවත් කළ බව ආණ්ඩුවේ ඇතැම් පිරිස් උත්සාහ කළා.
මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ නිකුත් කරපු ණයවලින් කොතරම් ප්‍රමාණයක් බොල් ණය ලෙස කපා හැරියාද කියා සොයා බැලිය යුතුයි. බොල් ණය කියන්නේ අය කරගන්න බැරි ණය. බැංකු සමහර වෙලාවට එම ණය කපා හරිනවා. ඒ නිසා බැංකුවේ මුදල් අවභාවිතයකට ලක් වෙනවා. බැංකුවේ ද්‍රවශීලතාව අඩු වෙනවා.
බැංකුවට ලැබෙන්න තියෙන ලාභය අඩු වෙනවා. හිතන්කෝ තමන්ගේ ගජ මිතුරන්ට මිලියන 100කට ණයක් දෙනවා. ණය ගෙවා ගන්න බැරි වෙනවා. හිතමතා නොගෙන ඉන්නත් පුළුවන්. ඊට පස්සේ අධ්යක්ෂ මණ්ඩල එම ණය බොල් ණය ලෙස සලකනවා. ඊට පස්සේ අවුරුද්දකින් දෙකකින් කපා හරිනවා.
මුලින්ම මහ බැංකුව හොරා කෑවා. මේවා තමයි නව පන්නයේ හොරකම්. දැන් එතැනින් නැවැතිලා ලංකා හා මහජන බැංකුව හොරාකෑම ආරම්භ කරලා. තෙල් සංස්ථාව විතරක් මේ බැංකු දෙකට බිලියන 3.5කට වඩා ණයයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් ඒ වගේම ණයයි. රාජ්‍ය ආයතන රැසක් මේ බැංකු දෙකකට ණයයි. පාඩු ලබන රාජ්‍ය ආයතන ගැට ගසාගෙන යන්නේ මේ බැංකු දෙක නිසයි. ආණ්ඩුව මේ බැංකු රැක ගත යුතුයි. මේ බැංකු දෙක රැකගන්න ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න සිද්ධ වෙලා”.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් අපි එකඟයි ඔය කතාවට.
මේ කතාව විතරක් නෙවෙයි, විදෙස් රටවලින් ලංකා බැංකුවට සල්ලි එවන එක මීට මාස දෙකක ඉදන් ඉතාමත් අසීරු වෙලයි තියෙන්නේ. යුරෝපය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවල අය විශේෂයෙන්ම මැදපෙරදිග ශ්‍රමිකයින් මේ තත්වයට මුහුණ දීලා. ඔවුන් ගෙවල් වලට එවන මුදල් රජයේ බැංකු වලට නොයවා තාවකාලිකව පෞද්ගලික බැංකු වලට යවන්න තරම් මේ ප්රශ්නය උඩු දුවලා.. මේ ගැන ලංකා බැංකුව, මහජන බැංකුව කියන්නේ ඔවුන් මේ ගැන කිසිවක් නොදන්නා බවයි. එහෙත් විදෙස් රටවලින් පරීක්ෂා කිරීමේදී පෙන්වන්නේ ලංකා රජයේ බැංකු විදෙස් රටවලින් එන මුදල් තාක්ෂණික දෝෂයක් කියා නැවත හරවා යවන බවයි. මේ යන විදිහට රාජ්‍ය බැංකු ජනතාවට එපා කරවා ඒවායේ ස්වභාවික ලාභය අඩුකරවා ඒවා පුද්ගලික අංශයට විකිණීමට උනත් බැරි නැහැ.
රාජ්‍ය ආයතන පඩුවුනේ මහින්ද මහත්මය සහ තමුන්වගේ ඇමතිලා නිසා. මම දන්නවනේ ඔබතුමා කිසිම සුදුසු කමක් නැති පුද්ගලයින්ව තෙල් සංස්ථාවට දාපු හැටි . කොහොම හරි ඔබතුමාලා දගලන්නේ බලයට ගෙනල්ල ආයි සුපුරුදු ලෙස වැඩේ දෙන්න තමයි.
හොරෙක් කතා කරයි
පෙට්‍රෝලියම් එක වගේම නම් නැතුව ඇති නේද? මේ අය මැරිලා ඉපදිලාද තියෙන්නේ.............
කොහොමද ඒක පරණ හොරු වෙනුවට අලුත් හොරු !
සුමනේ වගේ කෙනෙක් පත් කරමු .....
ලංකාවේ රජයේ ආයතන රජයේ බැංකුවලට ණය වීම ඇරඹුනේ අද ඊයෙක නෙවෙයි. නමුත් පුදුම වැඩේ මෙච්චර රජයේ බැංකු ගැන කැක්කුම තියෙන අය අර හෙජින් එකක් බහු ජාතික බැංකුවක් එක්ක කරන්න ගිය එක.
මන්ත්‍රීතුමන්ලාගේ කාලයේ ක්‍රමවේදයක් නැතුවම රාජ්ජය බැංකු දෙක මහබැංකුව සහ සංස්ථා සෑම එකක්ම ක්‍රමවේදයක් නැතුව මංකොල්ල කෑවා . කොහෙන්ද ඔය කතා කරන්නේ ? හිටපු අයගේ වත්කම් හරිහැටි පරීක්ෂා කලානම් හොයාගන්න තිබුණ. ප්‍රාදේශීය සභාවට පත්වුනානම් ඇති බලාගෙන ඉද්දි කෝටිපතියෝ . තවත් උත්සහ කරන්නේ සෑම දෙයක්ම යටගහන්න , ජනතාව රවටන්න . මේක ධර්මප්දීපය .
මම දැක්ක තාප්පයක ලියල තියෙනවා සුසිල් කඩුවෙලට එපා කියලා..............
මහ බැංකුව හොරකම් කරනකොට ඔය කියන කෙනත් කැබිනට් එකේ සාමාජිකයක්. හොරුන් හොරුන්ව විවේචන කරනවා.
රජ්ජුරුවෝ ගෝලයොත් සමග හොරා කාපු බැංකුවට කියන්නේ මොන නමද? එදා හැමදේම වෙනකොට නොදැක්කා වගේ ඉඳලා දැන් අනුන්ගේ කුණු හොයනවා. රජ්ජුරුවෝ කනට ගහපු පාර මතකද? මට වුණා නම් රට අතඇරලා යනවා. ලංකාවේ දේශපාලනය කරන අයට ලැජ්ජාව කියනදේ දන්නේ නැහැ.. එ්කනේ... ඔය වගේ වැඩ කරන්නේ, මහමන්දිර සුඛෝපභෝගී වාහන තියාගෙන... පුදුම ලොකුකමකින් ඉන්නේ... මහන්සි වෙලා වැඩ කරලා වගේ....