මනෝප්‍රිය ගුණසේකර

 

බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ආකාරයෙන් අලි ඇතුන් සිව් දෙනෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ‘අලි රොෂාන්’ ඇතුළු විත්තිකරුවන් 7 දෙනා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (26) නියම කළේය.

ඔවුනට රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂ  25 බැගින් ශරීර ඇප සහ ඇපකරුවන් දෙදෙනකු ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියම කෙරිණි.

මීට අමතරව සැකකරුවන් 7 දෙනාට විදේශ ගමන් තහනම් කර සෑම මසකට වරක් රහස් පොලිසියේ පෙනී සිටින ලෙසට විනිසුරු මඩුල්ල ඇප කොන්දේසියක් ද පැනවීය.

නඩුව නොවැම්බර් 8 වැනි දා යළි කැඳවීමට නියමිතය.