( ටී.කේ.ජී.කපිල)
හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ඒවා ගිල ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තානු ජාතික ගුවන් මගී යුවළක් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 67 හැවිරිදි කාන්තාවක් සහ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
පාකිස්තානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා වල මගීන් සහ භාණ්ඩ ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවකට ලක් කිරීම සිදු වන නිසා ඔවුන් මග හැරීම ට පාකිස්තානයේ ලාහෝර් සිට ඩුබායි වෙත ගොස් , එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 348 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී අත් අඩංගුවට ගත් මොවුන් දෙදෙනා හෙරොයින් ගුලි ගිල දමා පැමිණ ඇති බැව් අනාවරණය කර ගත් පසු මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි .
ඉන්පසු රෝහල් වෛද්‍යවරුන් විසින් මොවුන් දෙදෙනාට විරේක බෙහෙත් ලබා දෙමින් ඔවුන් ගිල දමා ඇති හෙරොයින් ගුලි එළියට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
කාන්තාව විසින් ගිල දමා සිටි හෙරොයින් ගුලි 35 ක් එළියට එළියට ගෙන ඇති අතර එම ගුලි තුළ රුපියල් ලක්ෂ 42 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 350 ක් ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .
මෙම කාන්තාව මීට පෙර 06 වතාවක් මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති අතර , පිරිමි පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පළමු වතාවටය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමයේ දුතයෝ සාමයේ පණිවිඩය බෙදන්න ආපු ගමනක් ඕක!
පොතේ ලියල තියෙන්නේ පාවිච්චි කරන්න එපා කියලලු නමුත් විකුණන්න තහනම් නැහැලු.
අවම වශයෙන් මේ හෙරොයින් එළියට ගත් ආකාරය ගැන සලකා, ලංකාවේ තරුණයින් හෙරොයින් භාවිතයෙන් වැළකී සිටියි යැයි සිතමි...
මේ ගුලි එළියට ගන්නේ නැතිව බඩ ඇතුලේම විනාශකර දමලා ඔවුන්ගේ රටට පිටත්කර හරින්න...