(නිමල කොඩිතුවක්කු)
වතු කම්කරුවන්ගේ මූලික වැටුප වැඩි කිරීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතු බවත් ආණ්ඩුව එසේ නොකළහොත් තවදුරටත් ආණ්ඩුවේ රැදී සිටින්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවත් දමිළ ප‍්‍රගතිශීලී සංධානයේ නියෝජ්‍ය නායක සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගම්බරම් මහතා කොළඹදී අද (25) පැවසීය.
වතු කම්කරුවන්ට සාදාරණයක් ඉටු නොවී තමන්ට තවදුරටත් අමාත්‍යධුර දැරිමෙන් ලක් නොවන බවද බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දමිළ ප‍්‍රගතිශීලී සංධානයේ නියෝජිතයන් පිරිසක් කොල්ලූපිටියේ පිහිටි ක`දුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
වත්මන් ආණ්ඩුවට ඡන්දය දුන් කම්කරු ජනතතාවට අවශ්‍ය දේ ලබාදීමට නොහැකිනම් තවදුරටත් ආණ්ඩුවේ සිටීමෙන් ඵක් නොවන බවත් ඔහු සදහන්
වතු කම්කරු ගැටලූ සම්බන්ධයෙන් තමන් ජනාධිපති, අගමැති, විෂය භාර අමාත්‍යවරයා මුණ ගැසී සාකචචා සිදු කළ බවද අමාත්‍යවරයා පැවැසීය.
එම අවසතාවට එක්වෙමින් දමිළ ප‍්‍රගතිශීලී සංධානයේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වේලූ කුමාර් මහතා සදහන් කලේ මේ ආන්ඩුව එරෙහිව තින්දුවක් ගැනීමට අයවැය තෙක් බලා සිටීමට අවශ්‍ය නොවන බවයි.
වතුකම්කරු ගැටලූවලට ස්ථිර විසදුමක් නොලැබෙන ඕනෑම අවස්තාවක ආණ්ඩුව සම්බන්ධයෙන් තීරණයක් ගැනිමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් කීවේය.

(ඡායාරූපය -ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්ථාවාදී දේශපාලකයන්ගෙන් මෙයිට වඩා යමක් බලාපොරොත්තු වෙන්ට බැහැ. කොහොම නමුත් අපේ දේශපාලකයන්ට හොඳ පාඩමක් මේක. නමුත් අපේ දේශපාලුවෝ ඡන්දෙ කිට්ටු වෙනකොට බලේ ගන්න ඕනෙම පොරොන්දුවක් දෙන්ට කැමති වෙනවා.