IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ශ්‍රී ලංකා-ඉන්දීය ගිවිසුමේ කරුණු කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි‘

(ඩයනා උදයංගනී)


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2017 වසරේදී අත්සන් කර ඇති ගිවිසුමෙහි ඇති කරුණු ඉක්මනින් ක‍්‍රියාත්මක කළ යුතු බවත්, එම කටයුතු දැනටමත් බොහෝ ප‍්‍රමාද වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.


කොළඹ වරායේ පර්යන්තයක් ඉන්දියාවට මෙහෙයුම් කටයුතු සඳහා ලබාදීම, ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි නවීකරණය කර ඉන්දීය තෙල් සමාගම (අයි. ඕ.සී) සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පවත්වාගෙන යාම, කාර්මික හා වාණිජ කලාප ඇතිකිරීම, මන්නාරම-යාපනය, මන්නාරම-ත‍්‍රිකුණාමලය සහ ත‍්‍රිකුණාමලය- දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීම, ඉන්දීය ආධාර යටතේ දුම්රිය සේවය දියුණු කිරීම, කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය ආදිය සම්බන්ධයෙන් වන යෝජනා මෙම අවබෝධතා ගිවිසුමේ ඇතුළත් බව ද ඇමතිවරයා කීවේය.


සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සහ ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතර පසුගිය වසරේ අපේ‍්‍රල් මස 26 වැනිදා අත්සන් තැබුණු ගිවිසුමෙහි ඇති සංවර්ධන කටයුතු ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද අදහස් දක්වා තිබූ බව ඇමතිවරයා සඳහන් කළේය.


අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


 විශේෂයෙන්ම ඉන්දියාව යනු ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය මිත‍්‍ර රටක් බැවින් දැන්වත් මෙම ගිවිසුමෙහි ඇති කරුණු ඉතා කඩිනමින් ක‍්‍රියාවට නැංවිය යුතු බව ද ඇමති මහින්ද සමරසිංහ මහතා පැවසීය.


 මෙම වසරේ අවසන් කාලයේදී සහ ලබන වසරේ මුල් කාලයේදී එම ගිවිසුමේ කරුණු ඉටු කිරීමට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.


ඉන්දියාව සමඟ කටයුතු කිරීමේදී එහි වැදගත්කම දැනගෙන කටයුතු කළ බව කී ඇමතිවරයා එරටට ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීම සඳහා පහසුකම් සැලසීම කළ යුතු බවද කීවේය.



අදහස් (1)

‘ශ්‍රී ලංකා-ඉන්දීය ගිවිසුමේ කරුණු කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි‘

විජිත් Thursday, 25 October 2018 08:01 PM

මෙයාට මොකද මේ තියෙන හදිස්සිය?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site