රාධ ක්රිෂ්ණන්ගේ සහය මහින්දට කඳුරට ජනතා පෙරමුණු නායක වී. රාධ ක්‍රිෂ්ණන් සහ එම පක්ෂයේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් යන මහත්වරු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇත. 28 October 2018
වසන්ත සේනානායකගෙන් කොන්දේසි තුනක් යහපාලන ආණ්ඩුව නින්දිත සහ අපකීර්තිමත් එකක් බවත් , මේ ආණ්ඩුව නිසා එක්සත් ජාතික පක්ෂය විනාශ වූ බවත් , පිරිහී ගිය බවත් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී අද සවස පැවසීය . 28 October 2018
වෛරී දේශපාලනය පිටුදකිනවා - මහින්ද රාජපක්ෂ වෛරී දේශපාලනය පිටුදැක සෑම පුරවැසියෙකුගේම මූලික මානව අයිතීන් සුරකින හා රටේ නීතිය හා සාමය තහවුරු කරන අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙසට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවලට ගෞරවයෙන් ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 28 October 2018
මත්ද්‍රව්‍ය සාදයේ සිටි ෆේස්බුක් මිතුරන් 57 ක් අත්අඩංගුවට ෆේස්බුක් සමාජ ජාලය හරහා මිතුරු වී හපුතලේ විහාරගල සංචාරක හෝටලයකට පැමිණි තරුණයින් 57දෙනෙකු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින්, සාදයක් පවත්වමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි. මොවුන් බදුල්ල, පස්සර යන ප්‍රදේශවල අයවලුන් බවද පැවසේ. 28 October 2018
අගමැති මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයකු වන රොහාන් වැලිවිට මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්කරනු ලැබ සිටී. 28 October 2018
අගමැති මහින්ද හෙට වැඩ බාර ගනී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 22 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හෙට (29) පෙරවරු 11.00 ට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී වැඩ බාර ගැනීමට නියමිතය. 28 October 2018
රනිල්ගේ සහායට දිවුරුම් පෙත්සම් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා මේ වන විට මන්ත්‍රීවරුන් 120කට අධික පිරිසක් දැනට සිටින බව සුජීව සේනසිංහ මහතා මාධ්‍යහමුවකදී පැවසීය. 28 October 2018
දෙමළ ජාතික සන්ධනයත් එජාපයට සහය දෙයි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ කළ සාකච්ජා ධනාත්මකයැයි සභා නායක රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය හමුවකදී අද (28) පැවැසීය. 28 October 2018
මහින්ද මල්වතු- අස්ගිරි මහනාහිමිවරු බැහැ දකිති ජනාධිපතිවරයා නව අග්‍රාමාත්‍යවරයා ලෙස තමාව පත් කළේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථානුකූලව බවත් පාර්ලිමේන්තුවේ 120 කට වැඩි බහුතරයක් ස්ථිර වශයෙන්ම තිබෙන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (28) ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි සහ මල්වතු මහා නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව උන්වහන්සේ වෙත වත්මන් දේශපාලන තත්වයන් පිළිබඳව ප්‍රකාශ කළේය. 28 October 2018
ජනාධිපති ගත් තීරණය කාලෝචිත බව ආණ්ඩුකාරවරු කියති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යධූරයට පත්කරමින් නව රජයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ඉතා නිවැදි කාලෝචිත තීරණයක් බව ආණ්ඩුකාරවරු පවසති. 28 October 2018
අර්ජුන අත්අඩංගුවට නොගත්තොත් තෙල් බෙදාහැරීම නවත්වන්න යයි දෙමටගොඩ ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ අද (28) සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්ම නොකළහොත් හෙට (29) සිට තෙල් බෙදා හැරීම නවතා වෘත්තීය ක්‍රියා මාර්ගයක නියැලෙන බව ඛනිජතෙල් පොදු සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පවසයි. 28 October 2018
රවී කරුණානායකගේ සහාය රනිල්ට බව නලීන් බණ්ඩාර කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බවත් ඔහුගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට පිරිනැමීමට තීරණය කර ඇති බවත් නලීන් බණ්ඩාර මහතා අද (28) පැවසීය. 28 October 2018
ජනපති ජාතිය අමතයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සවස 5.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශය පහතින්. 28 October 2018
අර්ජුනගේ ආරක්ෂකයා අත්අඩංගුවට දෙමටගොඩ පිහිටි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේදී කළහකාරී වාතාවරණයක් අතරතුර වෙඩි තැබූ බව කියන ආරක්ෂකයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. 28 October 2018
මහින්ද අගමැති කළ හැටි ජී.එල්. පහදා දෙයි නව අගමැතිවරයා පත්කිරීම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් යැයි එක්සත් ජාතික පක්ෂය නඟන චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපතිවරයා සියලු කටයුතු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට පැවැරී ඇති බලතල අනුව බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. 28 October 2018
තනතුරු බාරගැනීමට ගෝඨාභය සූදානම් නැතිලු රජයේ කිසිදු තනතුරක් භාර නොගැනීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. 28 October 2018
ඛනිජ තෙල් සංස්ථාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට - දෙදෙනෙකුට තුවාල දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මුලස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. 28 October 2018
ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඉන්දියාවත් විමසිල්ලෙන් ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලෙසත් සමීප අසල්වැසියකු ලෙසත් ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදී වටිනාකම්වලට සහ ව්‍යවස්ථා ක්‍රමවේදයට ගෞරව කරනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රවීෂ් කුමාර් මහතා අද (28) ප්‍රකාශ කර ඇත. 28 October 2018
’රජයක් පිහිටුවන්න අවශ්‍ය තරම් සුළු ජාතික පක්ෂ අපට ඉන්නවා’ එක්සත් ජාතික පක්ෂයට සහය දක්වනවා යැයි කියනු ලබන සුළු ජාතික දේශපාලන පක්ෂ තමන් සමඟ ද සාකච්ඡා කර ඇති එවැනි නව රජයක් පිහිටුවීමට අවශ්‍ය මන්ත්‍රීධූර සංඛ්‍යාව පිළිබඳව කිසිඳු ගැටලූවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අද (28) පැවසීය. 28 October 2018
පාර්ලිමේන්තුව කැඳවා නීතියට ගරු කරන්න’යි නීතිඥවරු ඉල්ලති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීම චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් සහ ප්රජාතන්ත්ර විරෝධී කි්රයාවක් බවත් එතැන් පටන් සිදුකරනු ලබන සියළු පත්කිරීම් නිතිවිරෝධී පත්කිරීම් බවත් පත්කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය නිතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා අද (28) පැවසීය. 28 October 2018
ද්‍රවිඩ සන්ධානයේ සහය කාට දැයි තීරණය ලබන සතියේ තම කණ්ඩායම සහාය දෙන්නේ කාට දැයි ලබන සතියේ තීරණය කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා පැවසීය. 28 October 2018
ජනපතිට එරෙහිව දෝෂාභියෝගයට අත්සන් ගැනීම අරඹයි ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට අත්සන් ලබා ගැනීම අරඹා ඇති බව එක්සත්ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා අද (28) පැවසීය. 28 October 2018
මේක දේශපාලන කුමන්ත්‍රණයක් යයි පාඨලීත් රාජිතත් කියති අමාරු කාලයක ජනතාවගේ ජිවිත තවත් අර්බුදයට ඇද නොදමා වහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය. 28 October 2018
ශ්‍රීලනිපයට - සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරයට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය. 28 October 2018
‘පාර්ලිමේන්තුව කැඳවන්න’යි එජාප විද්වත්හු ඉල්ලති‘ අගමැතිධුරය සඳහා වඩාත් සුදුසු පුද්ගලයා තේරීම සදහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජාතික විද්වත් සංසදයේ ආචාර්ය මහාචාර්යවරුන් කොළඹදී අද(28) මාධ්‍ය හමුවක් කැඳවමින් දී පැවසීය. 28 October 2018
‘අලුත් ආණ්ඩුව කැබිනට් ඇමැතිධුර 30 ට අඩුවනවා’ නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30කට අඩු වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. 28 October 2018
ජනපතිගේ තීරණයට විරෝධය පා 30 වැනිදා උද්ඝෝෂණයක් පාර්ලිමේන්තුවේ බහුතරය නැති පුද්ගලයකු අගමැති ධුරයට පත් කිරිමෙන් ජනාධිපතිවරයා ගත් ප්රජාතන්ත්රවාදී විරෝධී ක්‍රියාදාමයට විරෝධය පළ කරමින් අඟහරුවාදා (30) කොළඹ දී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. 28 October 2018
බත්-කොත්තු-ප්ලේන්ටි මිල පහළට පවතින දේශපාලන තත්ත්වය හේතු කරගනිමින් හෙට (29) සිට ආහාර කිහිපයක මිල ගණන් පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කටයුතු කර තිබේ. 28 October 2018
ගෝඨාභයට ආරක්ෂක ලේකම් තනතුර මීළග ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිතව ඇතැයි ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. මේ වන විට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කපිල වෛද්‍යරත්න මහතා කටයුතු කරන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේදී වැඩ බාරගැනීමට නියමිත බවද දැනගන්නට ඇත. 28 October 2018
අගමැති වරප්‍රසාද රකින්න’යි කතානායක ජනපතිට ලියයි බහුතර මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා පාර්ලිමේන්තුවෙන් ස්ථාපිත වනතුරු රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන්නැයි කතානායක කරු ජයසුරිය මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 28 October 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026