මාලි දේශයේ උතුරු දිග හමුදා කඳවුරකට ජිහාඩ් සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් සොල්දාදුවන් 53දෙනකු සහ එක් සිවිල් වැසියකු මියගොස් ඇතැයි එරට රජය පවසයි.
මෙම ප්‍රහාරය පසුගිය දශකය තුල හමුදාවට එරෙහිව එල්ල කළ මාරාන්තිකම ප්‍රහාර වලින් එකක් බව ද ඔවුහු පවසති.
මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බවත් අමතර භට පිරිස් කඳවුර වෙත යවා ඇති බව සඳහන් වේ.
මෙනකා කඳවුර වෙත එල්ලවූ ප්‍රහාරයෙන් පසුව හමුදා පවුල් වල සාමාජිකයන් විසින් මාලි අගනුවර වන බමාකෝහි විරෝධතාවයන් ආරම්බ කර ඇතැයි වාර්තා වේ.
ඥාතීන් පවසන්නේ ජිහාදි කණ්ඩායම් වල පිරිස් බලය වැඩි හෙයින් හමුදා භටයින්ට භූමියේ ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බවයි.
පසුගිය මාසයේ මාලි සොල්දාදුවන් වෙත එල්ල කළ මෙවැනිම ප්‍රහාර දෙකකින් සොල්දාදුවන් 41දෙනකු මියගොස් 20දෙනකු අතුරුදන් විය.
මාලි දේශයේ 2012 වර්ෂයේ සිට ප්‍රචණ්ඩ ක්‍රියා පවතින අතර ඉස්ලාම් සටන්කාමීන් විසින් අත්පත් කරගෙන තිබූ උතුරු ප්‍රදේශ ප්‍රංශයේ සහාය ඇතිව මුදවා ගැනීමට හැකිවිය.
කෙසේවුවද මේ වනවිට ජිහාඩ් කණ්ඩායම් එම ප්‍රදේශ වල ක්‍රියාකාරීව සිටින බව මාධ්‍ය වාර්තා කර ඇත.
(ඩේලි මේල් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහේ ඕනේ තරම් ප්‍රශ්න තියෙනවා.
සිංහලයෙනි, ලෝකය දිහා බලලා පාඩම් ඉගෙන ගන්න. පාදඩ සිංහල දේශපාලුවෝ අද බලය ගන්න හදන්නේ අපේ සිංහල දරුවන්ගේ හෙට දවස පාවලා දීලා.
බමුණු ඔබතුමාටයි කිව්වේ.
නිසාර්, අපි එයාලට ඡන්දේ දෙන්නේ ඔයාලට ගහන්න නෙමේ. අපිට ඔයාලගෙන් මැරුම් නොකා ඉන්න ඕනේ නිසයි.
සුනාමි හොරු ගැන කොමිසමකින් කියැවුනේ නැත. එ්ත් බැංකු හොරු ගැන කොමිසමකින් සාක්කි විමසලා පිටු දහස් ගණනක වාර්තාවක් පිටවෙලා තිබෙනවා. ඒ වාර්තාව සිංගප්පූරුවටත් යවලා තිබෙනවා. මහා හොරාගේ යහළු හොරා අල්ලන්න. එමනිසා මැට්ටෙක් වගේ කතා නොකර උගත් පුද්ගලයෙක් වගේ කතා කරන්න.