(එස්. ඩි.කොඩිකාර)
මොරවක, කළුබෝවිටියන රුවන්කන්ද ඓතිහාසික රජමහා ලෙන් විහාරස්ථානයේ ඉදිකළ ධර්මශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රදානත්වයෙන් අද (03) පස්වරුවේ විවෘත කිරීමට නියමිතව තිබුණි.
කෙසේ නමුත් අධික වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා පැමිණීමට නියමිතව තිබූ හෙලිකොප්ටර් යානය ගොඩබැස්ස වීමට නොහැකිවීම හේතුවෙන් ජනාධිපතිවරයාට එම උත්සවයට සහභාගි වීමට නොහැකිවිය.
පසුව එම උත්සවය සඳහා පැමිණි වරාය නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් එම පස් මහල් ගොඩනැගිල්ල විවෘත කෙරුණු අතර දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා සහ හිටපු රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙහිදී විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා ඉදිකෙරෙන නව බෝධි ප්රාකාරයේ ඉදිකිරීම් කටයුතු සඳහා ද මුල් මුල්ගල තැබුණි.
මෙම පස් මහල් ගොඩනැගිල්ලේ පළමු හා දෙවන මහල් දායක පින්වතුන්ගේ ආධාර උපකාර ඇතිව ඉදිකෙරුණු අතර තෙවන, සිව්වන සහ පස් මහල් ගොඩනැගිලි ජර්මන් ජාතික වෘර්සුලා බයර් මැතිණියගේ වියදමින් ඉදිකළ බව රුවන්කන්ද ඓතිහාසික රජමහා ලෙන් විහාරස්ථානයේ විහාරාධිපති දෙහිගස්පේ සුමනසාර හිමියෝ පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාගල මෙනවිය බියක් සැකක් නැතිව ආවනේ...
පළමු හා දෙවන මහල් දායක පින්වතුන්ගේ ආධාර වලිනුත් 3,4,5 මහල් මැතිණියගේ වියදමිනුත් කෙරුණා නම් විවෘත කිරීමට වැඩකට වෙන දේශපාලුවන් ගෙනාවේ ඇයි?
සරල ජනපතිට හෙලිකොප්ටර් නැතුවම බෑ වගේ.
අර අධිවේගී මාර්ගයේ හරියට රාජකාරිය ඉෂ්ට කළා. රාළහාමි කෙනෙකුට හරියටම සැලකූ පින්වත් දේශපාලු පාණ්ඩුකාරයෙකුත් පින්කමට සහභාගි වුණාලු නේද...?
මෙතනට උදව්, ආධාර කළ පිරිසක් සිටිද්දී දේශපාලුවන් මොකට ගෙන්නුවද? මේවට දේශපාලුවන්ට කඩේ යන හාමුදුරුවෝත් වග කියන්න ඕනෑ. මේක විවෘත කරන්න තිබුනේ ආධාර උපකාර කළ පිරිස අතින්මයි. එයින් ඔවුන්ගේත් පින, සතුට වැඩිවෙනවා.
මට ටිකක් ලැජ්ජාවක් එනවා වගේ තේරෙනවා.
දේශපාලුවන්ට ගරහන්න මහජනතාව දෙපාරක් හිතන්නෙ නැහැ.
ඔය ඔක්කොම හරි කියමු. පස් මල් ධර්ම ශාලාවක්? දැන් බොහෝ විහාරස්ථානවල ඉදිකිරීම් මල්ටි මහල්. ඒත් ඕවා පිරෙන්න සෙනග? නඩත්තුව...?
මේවා විවෘත කරන්න ප්‍රදේශයේ රටට ගමට වැඩක් කරපු කෙනෙක් නැත්නම් ගරුකටයතු ස්වාමීන් වහන්සේ කෙනෙක් නැත්නම් විශේෂ දක්ෂතා දක්වපු පාසල් හෝ විශ්වවිද්‍යාල දරුවෙක් යොදා ගත්තා නම් ඉවරයි.. තට්ටු 3ක් දීපු මනුස්සයවත් ඇවිත් නැහැ. මොකද ඒ මනුස්සයා මේක අතඇරලා දීලා තියෙන්නේ.. නියම බුදුදහම ජර්මන් කාන්තාවගේ හිතේ තිබිලා තියෙනවා...
මම හිතුවේ බලෙන් විවෘත කරා කියලා. මහින්දට විතරයි එහෙම කරන්න පුළුවන් මේ රටේ...
හාමුදුරුවන්ගේ වාහනේ VIP ගහන්න උදව් කළාට වෙන්නේ නැහැ... හොඳ බෞද්ධයෙක්...
පන්සලේ ස්වාමීන්වහන්සේලාගේ වුවමනාවට මිනිසුන් විසින් සාදා නිමකර, පල්හොරුන් ලවා විවෘත කරන ලද ධර්ම ශාලාව කියා නම් කරමු. ධර්මය දෙසීමට වඩා ධර්මයේ හැසිරිලා පෙන්නුවා නම් වටිනවා. එහෙම නම් ඔයතරම් විශාල කොන්ක්‍රීට් ගොඩවල් අනවශ්‍යයි. සරලව කියනවා නම් බුදුන් දෙසූ දහම සරල බසින් කියා දුන්නා නම් ඇති. පන්සල්, මාලිගාවල් වෙන රටක කටු මැටි පුංචි නිවෙස්වල පවුල් පිටින් ජීවත් වෙනවා. නිකම් හිතමු ඔය කටුමැටි නිවසක එදිනෙදා වේල සකසාගන්න අන්ත දුක්විඳින මිනිහෙක්.. මෙවැනි තැනකට ඇවිත් බණ දේශනා අහගන ඉන්නවා කියලා. මට නම් විහිළුවක් වගේ...
යමක් දැන් දුන්නම එ්ක ගැන හොයන්න හොඳ නෑ.. එ්ක අත ඇරලා ඉවරයි. අපි යමක් දෙන්නේ දෙව් මිනිස් සැපත කෙළවර අමාමහ නිවන පතාගෙන.. බටහිර අය දැන් දෙන්නේ මරණින් පසු ලෝකයක් ගැන විශ්වාසයක් පවා නැතිව... ඇත්තටම නියම බුද්ධ දර්ශනය සමීප බටහිර රටවලට.. අපි නම් මාත්රිකව විතරයි දැන් දෙන්නේ...