තෙල් සංස්ථාවේ වෙඩි තැබීම ගැන පරීක්ෂණ සී.සී.ඩියට දෙමටගොඩ පිහිටි ඛනිජතෙල් සංස්ථාවේ මූලස්ථාන පරිශ්‍රයෙහි ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සේවකයකු මිය යාම සහ තවත් දෙදෙනකු තුවාල ලැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට පවරා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 29 October 2018
ජනපති චීන සංචාරය අවලංගු කරයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෛනික නිල සංචාරයක් සඳහා ලබන සිකුරාදා (2) චීනය බලා පිටත්ව යාමට නියමිතව සිටියද එම සංචාරය හදිසියේම අවලංගු කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 29 October 2018
හිටපු අගමැති ආරක්ෂාව ඉවත් කිරීමත් සමඟ පාක්ෂිකයෝ අරලියගහ මැදුරට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබු ආරක්ෂාව ඉවත් කිරීමත් සමඟ එක්සත් ජාතික පාක්ෂිකයෝ විශාල පිරිසක් මේ අරලියගහ මන්දිර පරිශ්‍රයට පැමිණ සිටිති. 29 October 2018
සාමසාධක හමුදාව කැඳවන්නැයි අපි ලියුම් යැව්වේ නෑ ලංකාවට සාම සාධක හමුදාව කැඳවන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලියුමක් යවා ඇතැයි පැතිර යන ආරංචිවල සත්‍යතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 29 October 2018
නව ආණ්ඩුවේ මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිකම මහින්දට නව ආණ්ඩුවේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ. 29 October 2018
කැනේඩියානු මහකොමසාරිස් අවධානයෙන් බලාසිටී ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව විමසිලිමත්ව සහ අවධානයෙන් යුතුව බලා සිටින බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනඩා මහකොමසාරිස් ඬේවිඩ් මැකිනන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 29 October 2018
ඔල්වරසන් මැද රවීත් අරලියගහ මන්දිරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ද මීට සුළු වේලාවකට පෙර අරලියගහ මන්දිරයට පැමිණියේය. 29 October 2018
පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජවිපෙ මන්ත්‍රීවරු කතානායකට ලියති රටේ ඇතිවෙමින් පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය ගැන පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළ යුතු බැවින් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ලිපියක් මගින් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කරති. 29 October 2018
හිටපු අගමැති රනිල් විදෙස් මාධ්‍යවේදීන් හමුවෙයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ මාධ්‍යවේදීන් අතර හමුවක් අරලියගහ මැඳුරේදී තව සුළු මොහොතකින් ඇරැඹිමට නියමිතය. 29 October 2018
අගමැති මහින්ද වැඩ බාරගනී නව අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සර්ව ආගමික ආශිර්වාදය මැද සිය රාජකාරී ආරම්භ කළේය. 29 October 2018
පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන බව ජනපති කියයි මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කර පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 29 October 2018
’අරලියගහ මැදුරෙන් හිටපු අගමැති ඉවත් කරන්න හමුදාව යොදවන්නේ නෑ’ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයෙන් ඉවත් කිරීමට කිසිදු ආරක්ෂක හමුදා කණ්ඩායම් යොදවන්නේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ල්මේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බීබීසී සිංහල සේවය වෙත ප්‍රකාශ කර ඇත. 29 October 2018
කෘෂිකර්ම ඇමැතිකම අමරවීරටම නව ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස පත් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 29 October 2018
තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව අකිල කියයි ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණ පමණ නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු පෙරමුණු මන්ත්‍රීවරු කිහිප දෙනකුද එකතු කරගෙන තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව අකිල විරාජ් කාරියවසම් මහතා අද (29) පැවසීය. 29 October 2018
කෙහෙළියට - සමරසිංහට මාධ්‍ය ප්‍රකාශක තනතුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ හා කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරු රජයේ නව මාධ්‍ය ප්‍රකාශකවරු ලෙස පත් කර තිබේ. 29 October 2018
මහින්ද හමුවීමට ගියේ කළගුණ සැළකීමක් විදියටයි තමා කිසි විටෙක එක්සත් ජාතික පක්ෂය හෝ රනිල් වික්‍රමසිංහ මහතා හැර යන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මාධ්‍ය හමුවකදී පැවසීය. 29 October 2018
මන්ත්‍රීවරු එහා මෙහා යති පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමේ අභියෝගය බාරගෙන සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වරින් වර යන බව වාර්තාවේ. 29 October 2018
සේවකයින් වර්ජනයේ-තෙල් බෙදාහැරීම නවතී ඛනිජතෙල් සේවකයින් ඉන්ධන බෙදා හැරීම මුළුමනින්ම නවත්වා දමා අද (29) උදෑසන සිට වැඩ වර්ජනයක් අරඹා තිබේ. 29 October 2018
ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඉල්ලයි ප්රජාතන්ත්රවාදී වටිනාකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සහ ක්‍රියාවලියට ගෞරව කරමින් කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 29 October 2018
පාර්ලිමේන්තුව කැඳවන්න’යි ඇමරිකාවෙනුත් ඉල්ලයි කතානායක කරු ජයසූරිය මහතා සමඟ සාකච්ඡා කර කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත. 29 October 2018
කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි විපක්ෂ නායක ඉල්ලයි ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය පවත්වා ගැනීම සහ පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය හඳුනා ගනිමින් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කතානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යවමින් දන්වා ඇත. 28 October 2018
රාජ්‍ය මාධ්‍යවල වැඩ බලන්න අලුත් ප්‍රධානීන් ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වැඩ බලන සභාපතිවරුන් පත් කරනු ලැබ ඇත. 28 October 2018
හිටපු අගමැති රනිල්ගේ ආරක්ෂක කණ්ඩායම 10 දෙනකුට සීමා කරන්නයි පොලිස්පතිගෙන් උපදෙස් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවය යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වහාම ඉවත් කර නිලධාරීන් 10 දෙනකු පමණක් ආරක්ෂාවට යොදවන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (28) සවස අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ මහතාට නියෝග කර තිබේ. 28 October 2018
ජනපති හා තානාපතිවරු - මහ කොමසාරිස්වරු අතර හමුවක් හෙට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මෙරට සිටින තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් අතර හමුවක් හෙට (29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත යැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි. 28 October 2018
මහින්ද අගමැති වීම ඩී.එම්.කේ. පක්ෂයට ප්‍රශ්නයක් වෙයි ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම දෙමළ ජනතාවට තර්ජනයක් යැයි ද්‍රවිඩ මුනේත්ර කලහම් (ඩී.එම්.කේ) පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 28 October 2018
‘කාමරයක සිර කර මාව මරන්න උත්සාහ කළා‘ බීමතින් පොලු මුගුරු අතැතිව කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් තමා මරා දමන්නට උත්සාය කළ බවත්, කලහකාරී පුද්ගලයෙකු ඇමැති ආරක්ෂකයකුගේ ගිනිඅවිය උදුරාගැනීමට තැත් කිරීමේදී එය වැලැක්වීමට ආරක්ෂක නිලධාරියා වෙඩි තබා ඇති බවත් ඛනිජ තෙල් සංවර්ධන හිටපු ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය. 28 October 2018
වසන්ත සේනානායකගේ සහය එජාපයට එක්සත් ජාතික පක්ෂයෙන් කිසිම අවස්ථාවක නොයන බවත්, මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පවත්වන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කන බවත් එක්සත් ජාතික පක්ෂ පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය. 28 October 2018
සජිත්ගේ නිවාස ව්‍යාපෘතිවලට බාධා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති නවතා දමන ලෙස දිසාපතිවරයාට යම් පාර්ශවයක් විසින් දන්වා ඇති බවත් නිවාස ඉදිරිකිරීම් ව්‍යාපෘති හි නාමපුවරු කිහිපයක් කිසියම් පිරිසක් මේ වන විට කඩා දමා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (28) පැවසීය. 28 October 2018
ජනපති විශේෂ ප්‍රකාශයෙන් එජාපයට කළ චෝදනා ප්‍රතික්ෂේප කරනවා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතමින් එක්සත් ජාතික පක්ෂයට, පක්ෂ නායකත්වයට සහ එ.ජා.ප ඇමතිවරුන්ට එල්ල කළ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. 28 October 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026