(බිඟුන් මේනක ගමගේ)
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මැතිවරණ මූල්‍යකරණ අංශය ප්‍රචාරණ පිරිවැය සම්බන්ධයෙන් ඔක්තෝම්බර් 14 සිට 31 දක්වා කළ ඇස්තමේන්තුවට අනුව සති දෙකක කාලයේදී රුපියල් කෝටි 100 ක් වැය කිරීමට ජනපති අපේක්ෂකයන් කටයුතු කර ඇතැයි එම අංශයේ සම්බන්ධීකාරිනී රංසි කරුණානායක මෙනෙවිය ලංකාදීපයට අද(5) පැවසුවාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රුපියල් කෝටි 57ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ රුපියල් කෝටි 37 ක් ජාතික ජනබලවේගය රුපියල් කෝටි 1.6 ක් වශයෙන් මෙම ප්‍රචාරණ වැය සඳහා වියදම් දරා ඇතැයි රංසි කරුණානායක මෙනෙවිය කීවාය.
මෙම ඇස්තමේන්තුගත මුදල්වලට වඩා ජනාධිපතිවරණ ප්‍රචාරණයෙහි සැබෑ වියදම්වල අගය විශාල අගයක් විය හැකි යැයි ද කරුණානායක මෙනෙවිය කීවාය.
ජනාධිපතිවරණ ප්‍රචාරණ වියදම් ගණනය කිරීම සඳහා සහාය දක්වන්නැයි තම සංවිධානය කළ ලිඛිත ඉල්ලීමට කිසිදු දේශපාලන පක්ෂයක් මෙතෙක් සහාය දක්වා නැතැයි ද ඇය පැවසීය.
මෙරට මැතිවරණ ඉතිහාසයේ පළමු වරට කෙරෙන ප්‍රචාරණ වියදම් ගණනය කිරීමේ වැඩපිළිවෙල සඳහා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ලිඛිතව මෙම ඉල්ලීම කළේ යැයි ද ඉල්ලීම කර මේ වනවිට සති තුනක කාලයක් ගතව ඇතැයි ද කරුණානායක මෙනෙවිය කීවාය.
යහපත් දේශපාලන සංස්කෘතියක් හා මැතිවරණයක සුපිළිපන්නභාවය උදෙසා දේශපාලන පක්ෂවල ප්‍රචාරණ වියදම් හා මූල්‍ය මූලාශ්‍ර ගැන පොදු ජනතාව දැන ගත යුතු යැයි ද දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නේ නම් අනිවාර්යෙන්ම ඊට සහාය දැක්විය යුතු යැයි ද කරුණානායක මෙනෙවිය වැඩිදුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අනුව ගෝඨාට 57% යි. සජිත්ට 37% යි. අනුරට 1.6% යි.
පිස්සු කෙලින්න එපා. වියදම් හරියට කිව්වොත් ආදායම කොහෙන්ද කියලා අහනවානේ. අරයගෙන් මෙච්චරයි, අහවල් කෙනාගෙන් මෙච්චරයි යනාදී වශයෙන් විස්තර දෙන්නද කියන්නේ? ඊට පස්සේ ඒ අයගේ වියදමට සරිලන ආදායම් මාර්ග අපහු සලසා දෙන්නේ කොහොමද? එකිනෙකා නොදන්නා දේවල් වලට කොන්තරාත්තු භාරදෙන්නේ කොහොමද?