එජාප මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ගේ සහය අගමැති මහින්දට බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද (28) අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිය සහය පළ කළේය. 28 October 2018
පොලොන්නරුවේදී බසයක් ලොරියක ගැටී 27 ක් රෝහලේ පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ සෙවනපිටිය , සුසිරිගම ප්‍රදේශයේ දී අද (28) පෞද්ගලික බස් රථයක් හා ලොරියක් එකිනෙකට ගැටීම නිසා සිදුවූ අනතුරක් හේතුවෙන් බස් රථයේ ගමන් ගත් මගීහු 27 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 28 October 2018
එජාපයේ පක්ෂ 6 සහය රනිල්ට ඇතැයි බදියුදීන් - හකීම් කියති ජාතික රජය නියෝජනය කළ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධාන පක්ෂ හයේ ම සහය පාර්ලිමේන්තු බහුතරය පෙන්වීම සඳහා එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත පළ කිරිමට තීරණය කර ඇත. 28 October 2018
අගමැති රනිල්ගේ ආරක්ෂාව-වරප්‍රසාද තහවුරු කරන්නැයි එජාපයෙන් කථානායකට ලිපියක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසගේ විශ්වාසය දිනාගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඇතුළු සියලු වරප්‍රසාද තහවුරු කරන්නැයි එක්සත්ජාතික පක්ෂය කථානායක කරු ජයසුරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. 28 October 2018
යුරෝපා සංගමයෙන් අවවාදයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්පූර්ණයෙන් කටයුතු කරන ලෙස යුරෝපා සංගමය ඇතුළු තවත් රටවල් කිහිපයක් මෙරට දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර ඇත. 28 October 2018
එංගලන්තයට ලකුණු 30 ක ජයක් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති විස්සයි-20 තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 30 ක ජයක් අත්කර ගත්තේය. 27 October 2018
මෛත්‍රී එක්ක වැඩ කරන්න මට බාධාවක් නෑ - මහින්ද තමාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව කටයුතු කිරීමට කිසිදු බාධාවක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (27 දා) රාත්‍රියේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 27 October 2018
එංගලන්තය කඩුලු 8 ට 187 යි ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැත්වෙන එකම විස්සයි-20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 187 ක් ලබාගත්තේය. 27 October 2018
නොගැලපෙන විවාහයක් අවසන් කළා - ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත්කිරීමට හේතු වූ කාරණා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට අද (27 වැනිදා) පස්වරුවේ පැහැදිළි කළේය. 27 October 2018
නව ඇමති මණ්ඩලය දිවුරුම් දීම සඳුදා නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය සඳුදා (29 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. 27 October 2018
ජනපති හෙට ජාතිය අමතයි වත්මන් දේශපාලන අර්බුදය සහ එය ඇතිවීමටත් එයින් ගැලවීමට ගතයුතු සුදුසු ක්‍රියාමාර්ගත් විස්තර කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (28 වැනිදා) පෙරවරුවේදී ජාතිය අමතා කතා කිරීමට නියමිතය. 27 October 2018
හිටපු අගමැති රනිල්ගේ වාහන ගැන මංගලගෙන් පණිවුඩයක් ‘හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අයත් වාහන සහ ආරක්ෂක නිලධාරීන් ඉවත් කරන්න’යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය හිටපු ඇමති මංගල සමරවීර මහතා ට්වටර් පණිවුඩයක් තබා තිබේ. 27 October 2018
මේක කළු දශකයේම දිගුවක් ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රියේ සිදුවූ ආණ්ඩු පෙරළිය අන් කිසිවක් නොව 2015 පෙර තිබූ කළු දශකයේම දිගුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියයි. ඉතිහාසයේ සිදුවූ අයුරින්ම නැවතත් සිදුවෙමින් පවතින්නේ බල සූදුවක් නිර්මාණය වීම බවත් එයින් මුළාවේ නොවැටී අයිතිවාසිකම් වෙනුවෙන් පුළුල් කතිකාවක් ගොඩනැගීම කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කරවන බවත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය. 27 October 2018
ජනපති යහපාලන රජය බිඳදැමීමට කටයුතු කරලා - රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ යහපාලන රජය බලයට පැමිණියේ රට තුල ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට බවත් එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ප්‍රථමයෙන් ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ සහගත ක්‍රියාවක් සිදුකිරීම තුළින් යහපාලන රජය බිඳ දැමීමට ජනාධිපතිවරයා කටයුතුකර ඇතිබවත් රනිල් වික්‍රමසිංහ මහතා විදේශතානාපතිවරුන් හමුවේ අද (27) පැවැසීය. 27 October 2018
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැත්වෙන එකම විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. 27 October 2018
මෝදි පාර්ශ්වයෙන් අගමැති මහින්දට සුබපැතුම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි, නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කර ඇත. 27 October 2018
හිංසන ක්‍රියා එපා යයි නිමල් සිරිපාල වෘත්තීය සමිතිවලින් ඉල්ලයි දේශපාලනය බලය අතින් අත මාරු වුවද හිංසන ක්‍රියාමාර්ගවලට නොයන්නැයි සියලුම වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය . ඇතැම් රාජ්‍ය ආයතනවල දැනටමත් එවැනි කටයුතුවලට සූදානම් වන බවක් තමාට දැනගැනීමට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට කටයුතු කළ බවත් ඔහු කීවේය. 27 October 2018
මම අපක්ෂපාතීව ඉන්නවා - කථානායක මාතෘභූමිය තුළ මේ වනවිට පැනනැගී ඇති දේශපාලන ව්‍යාකූලභාවය, ජනසම්මතවාදයේ සහ ප්රජාතන්ත්රවාදයේ උත්තරීතර මූලධර්මයන්ට ගරු කරමින් ව්‍යවස්ථානුකූලව කඩිනමින් විසඳා ගැනීමට හැකිවනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පැනනැ.ඟී ඇති තත්ත්වයට අදාළව කථානායකවරයා ලෙස තමන් අපක්ෂපාතී ලෙස සහ නීතියට අනුව කටයුතු කරන බව ඔහු එම නිවේදනයෙන් අවධාරණය කරයි. 27 October 2018
පොලිස්පති ඉවත් කරන්න ජනපතිට ඕනෑ වුනත් සහයෝගයක් ලැබුණේ නෑ පොලිස්පතිවරයා ඉවත් කිරීමේ විශාල වුවමනාවක් ජනාධිපතිවරයාට තිබුණත් ඊට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය නොලැබුණු බව නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. 27 October 2018
ඒකාබද්ධ විපක්ෂයත් තානාපතිවරුන් හා සාකච්ඡා අරඹයි රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙරට සිටින තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පස්වරුවේ පැවැසීය. 27 October 2018
හැකිනම් අතුරු සම්මත ගිණුම පරාජය කර බහුතරය පෙන්වන්න පාර්ලිමේන්තුව නැවත රැස් වුූ පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ලබන බවත් එය පරාජයට පත්කොට එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්විය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කීය. 27 October 2018
රනිල් විදේශීය තානාපතිවරුන් හමුවෙයි රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ තානාපතිවරුන් අතර හමුවක් අද (27) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. 27 October 2018
අරලිය ගහ මැදුරෙන් යන්න හෙට උදේ වෙනකම් කල් දෙනවා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යෑමෙට හෙට උදේ 8 වන තුරු කාලය ලබා දෙන බවත්, එසේ ඉවත්ව නොගියහොත් නීත්‍යනුකූලව ඔහු ඉවත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 27 October 2018
නව අගමැති ලේකම් එස් අමරසේකර සමන් ඒකනායක මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ලෙකම් ධුරයට එස් අමරසේකර මහතා පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. 27 October 2018
වැඩබලන ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව රජයේ වැඩබලන ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව මහතා පත් කර තිබේ. 27 October 2018
ඇමරිකාවේ අවධානය ශ්‍රී ලංකාව වෙතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්නැයි ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශවවලින් ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි. 27 October 2018
එජාපයේ 20ක් මහින්දගේ සහයට - ආනන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුව රැස්කල පසු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 20කට වැඩි ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පල කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 27 October 2018
වතු කම්කරු දිනක වැටුප 1000 කරන්ක අගමැති එකඟ වුණා - තොන්ඩමන් වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට එකඟ වූ නිසා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට තීරණය කළ බව ආර් තොන්ඩමන් මහතා පැවසීය. 27 October 2018
එජාප ආණ්ඩුව අවලංගුයි - දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බවත්, එජාප නායකයා තවදුරටත් අගමැති නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 27 October 2018
නව ඇමති මණ්ඩලය හෙට දිවුරුම් දෙයි නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය හෙට (28 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. 27 October 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026