‘අලි රොෂාන්’ ඇතුළු 7 දෙනාට ඇප බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ආකාරයෙන් අලි ඇතුන් සිව් දෙනෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ‘අලි රොෂාන්’ ඇතුළු විත්තිකරුවන් 7 දෙනා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (26) නියම කළේය. 26 October 2018
හෙරොයින් ගිල පැමිණි පකිස්තානු යුවළ රේගුවේදී අත්අඩංගුවට හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ල ඒවා ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තානු ජාතික ගුවන් මගී යුවළක් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 26 October 2018
කොමිෂන් සභා සාමාජිකයන්ගේ නිල කාලය දීර්ඝ කරයි ස්වාධීන කොමිෂන් සභාවන් සඳහා පත්කර සිටින සාමාජිකයින්ගේ නිල කාලය ඔවුන්ට වයස අවුරුදු 80 වන තෙක් දීර්ඝ කිරීමට යෝග්‍ය යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (25) රැස්වී තිරණය කර තිබේ. 26 October 2018
ආණ්ඩුව රාජ්‍ය බැංකු දෙක මංකොල්ල කනවා - සුසිල් ආණ්ඩුවේ ඇතැම් පිරිස් නව ක්‍රමවේදයකට රාජ්‍ය බැංකු දෙක මංකොල්ල කමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (25) පැවැසීය. 26 October 2018
ලුතිනන් කර්නල් කලණ අමුණුපුර යළි කැඳවයි රාජයේ සාම සාධක බළඇනියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කලණ අමුණුපුර මහතා මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශ බි්රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය. 25 October 2018
ශ්‍රේෂ්ඨාධිකරණයට - අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් තිදෙනෙක් නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබේ. 25 October 2018
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා රිමාන්ඩ් ජනාධිපතිවරයා , හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළේය. 25 October 2018
ලුතිනන් කර්නල් අමුණුපුර රටෙන් ගෙන්වන යෝජනාවට ජනපතිගේ නොසතුට මාලි රාජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවලට අනුයුක්තව රාජාකාරී කරන ශ්‍රී ලංකා යුද හමුදා භට කණ්ඩායමේ අණ දෙන නිලධාරී ලූතිනන් කර්නල් කළණ අමුණුපුර මහතා නැවත ශ්‍රී ලංකාවට කැඳවා ගන්නා ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පවසා ඇත. 25 October 2018
මාස පහකට පසු කොමිසමේ නියෝගය පොලිස්පති ක්‍රියාත්මක කරයි ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය මැයි මාසයේ සිට වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරනු ලැබූ කිලිනොච්චිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාගේ එම උසස්වීමට අදාල විශේෂ පොලිස් පණිවුඩය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (25) නිකුත් කළේය. 25 October 2018
ඒකාබද්ධයෙන් අයවැයට විකල්ප යෝජනා - සුසිල් ප්‍රේමජයන්ත ආණ්ඩුව ලබන වසර සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කළ පසු රටේ ආර්ථික ප්‍රශ්නවලට සමගාමීව විකල්ප අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (25) පැවැසීය. 25 October 2018
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පස් දෙනකුගේ වැඩ තහනම් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි නිරීක්ෂණ කුලුන මතට නැග විරෝධතාවයක නිරතවීම පිළිබඳ සිද්ධියේදී රාජකාරී පැහැර හැරීමේ චෝදනා මත එහි නියාමන නිලධාරින් සිව් දෙනෙකුගේ හා ජේලර්වරයකුගේ වැඩ තහනම් කර ඇත. 25 October 2018
රන්දෙනිගල වාන් දොරටු විවෘත වෙන්න ආසන්නයි රන්දෙනිගල ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් වැඩිවෙමින් පවතින අතර ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන දොරටු හේතුවෙන් අද (25) රාත්‍රීයේ හෝ හෙට උදෑසන දොරටු විවෘත වීමට ඉඩ ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර මහතා පවසයි. 25 October 2018
හානිපූර්ණ කාර්යාලයෙන් ත්රස්තවාදීන්ට වන්දි දෙන්නේ නෑ - ඇමැති පාඨලි හානිපූර්ණය සඳහා වන කාර්යාලයෙන් යුද්ධයෙන් සහ රටේ ඇති වූ වෙනත් ගැටුම්වලින් පීඩාවට පත්වූවන්ට මිස ත්රස්තවාදීන්ට වන්දි ලබාදීමක් සිදුනොවන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 25 October 2018
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ජනාධිපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ටික වේලාවකට පෙර ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේය. 25 October 2018
රතන හිමියෝ භාරකාර ආණ්ඩුවක් ඉල්ලති රටේ දැනට පවතින අරාජිකත්වය නැති කිරීමට මහමැතිවරණයක් පැවැත්වෙන තුරු මැති ඇමතිවරු සියලූ දෙනා ඉවත් වී භාරකාර ආණ්ඩුවක් යටතට රට පත්කරන්න යැයි අතුරලියේ රතන හිමියෝ අද (25) පැවසූහ. 25 October 2018
අය වැයට කඳුරට පෙරමුණේ ඡන්දය වැට උඩ වතු කම්කරුවන්ගේ වැටුප් ප්රශ්නය ජාතික ප්‍රශ්නයක් බවත් එයට ජනාධිපති සහ අගමැති ප්රමුඛ රජය මැදිහත්වී විසඳුමක් ලබා නොදුනහොත් මෙවර අය වැයේදී රජයට සහාය දෙනවාද නැද්ද යන්න සලකා බැලිය යුතු බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය හා කඳුරට ජනතා පෙරමුණේ නායක වේළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා අද (25) නුවරඑළියේදී පැවැසීය. 25 October 2018
කාබන් බද්ද ජනවාරියේ සිට කාබන් බද්ද ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 October 2018
පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් 26 ක් චීනයේ සංචාරයක පාර්ලිමේන්තු මාධ්‍යවේදීහු 26 දෙනෙකු මේ මස 27 වැනිදා සිට නොවැම්බර් 4 වැනිදා දක්වා දින 9ක් චීන අධ්‍යයන චාරිකාවක සහභාගී වෙති. 25 October 2018
දිගම්බරන්ගෙන් ආණ්ඩුවට රතු එළියක් වතු කම්කරුවන්ගේ මූලික වැටුප වැඩි කිරීමට ආණ්ඩුව වහා මැදිහත් විය යුතු බවත් ආණ්ඩුව එසේ නොකළහොත් තවදුරටත් ආණ්ඩුවේ රැදී සිටින්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවත් දමිළ ප්රගතිශීලී සංධානයේ නියෝජ්‍ය නායක සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගම්බරම් මහතා කොළඹදී අද (25) පැවසීය. 25 October 2018
‘රජයේ හෝටල් විකිණීමට විරුද්ධව නඩු පවරනවා’ රජයේ හෝටල් කිහිපයක් විකිණීමට ආණ්ඩුව ගෙන යන මගඩි ක්‍රියාවට විරුද්ධව නඩු පවරන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද(25) පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 October 2018
බිරිඳ - දරුවා ආතතියෙන් නිසා ඇලෝසියස්ට ඇප ඉල්ලයි ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැඳුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් යන අයගේ බිරිඳ සහ වැඩිමල් දියණිය මානසික ආතතීයෙන් පෙලීම හේතුවෙන් එය සුවිශේෂී කරුණක් ලෙසට සලකමින් සැකකරුට ඇප ලබා දෙන ලෙස ජනාධිපති නිතීඥ අනිල් සිල්වා මහතා අද (25) අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. 25 October 2018
‘වතුකම්කරුවනට දිනක වැටුප 1000 ක් දෙන්න බෑ’ වතුකම්කරුවන් ඉල්ලා සිටින පරිදි දිනකට රුපියල් 1000ක මූලික වැටුපක් කිසිසේත් ලබාදිය නොහැකි අතර වතු සමාගම්වලට ලබාදිය හැක්කේ දිනකට රුපියල් 600ක මූලික වැටුපක් පමණක් යැයි ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද මහතා කොළඹදී අද (25) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 25 October 2018
බදුල්ල විදුහල්පතිනියගේ පෙත්සම විභාගයට අවසර දේශපාලන ආධාරකරුවකුගේ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කළැයි තමා දණ ගස්වා අමානුෂික ආකාරයෙන් බැන වැදීමෙන් ඌව පළාත් මහ ඇමැතිවරයා විසින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි කියමින් බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) අවසර ලබා දුන්නේය. 25 October 2018
පහේ ශිෂ්‍යත්වය අනිවාර්ය කරන චක්‍රලේඛය හකුලාගන්නැයි උපදෙස් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (25) අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. 25 October 2018
ඩිලාන්ගෙන් අමරවීරට ප්‍රශ්න දෙකක් ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධකම් පවත්වන කැබිනට් ඇමතිවරු සිව්දෙනෙකු සිටින බව හෙළිකරන සන්ධාන මහ ලේකම්වරයා එවැනි ඇමති මණ්ඩලයක තවදුරටත් නොසිට තම කණ්ඩායම සමඟ වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (25) පැවසීය. 25 October 2018
රවීගේ නිවස ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ කළාට පරීක්ෂණයක් ඉල්ලයි බත්තරමුල්ලේ පිහිටි තමාගේ නිවස කිසියම් පුද්ගලයකු විසින් අනවසරයෙන් රූප ගත කිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (25) කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය. 25 October 2018
‘පහුගිය ආණ්ඩුව රාජ්‍ය බැංකුවල අධ්යක්ෂ මණ්ඩල සඳහා පත් කළේ ශාස්ත්රකරුවන්‘ පසුගිය රජය රාජ්‍ය බැංකුවල අධ්යක්ෂ මණ්ඩල සඳහා පත් කළේ කේන්දර බලන ශාස්ත්රකරුවන් යැයි සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 October 2018
‘ශ්‍රී ලංකා-ඉන්දීය ගිවිසුමේ කරුණු කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි‘ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2017 වසරේදී අත්සන් කර ඇති ගිවිසුමෙහි ඇති කරුණු ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවත්, එම කටයුතු දැනටමත් බොහෝ ප්‍රමාද වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 25 October 2018
ආයෝජන මණ්ඩල විසුරුවා හැරීම ගැන කොමිසමක් පත්කරන්නැයි ඉල්ලීමක් ලංකා බැංකුව, මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කළේ ඒවායේ අක්රමිකතාවයන් හා දූෂණ නිසා බැවින් ඒ පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කොමිසමක් පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 October 2018
පාතාල සාමාජිකයකුට ජීව උණ්ඩ දුන්නැයි මේජර්වරයෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට ස්වයංක්‍රීය ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ තුන් දහසක් පාතාල ක්‍රියාකාරිකයකුට ලබා දුන්නැයි සැක පිට පදවිය වෙහෙරතැන්න ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක අණ දෙන නිලධාරිවරයෙකු ලෙස රාජකාරි කරන යුද හමුදා මේජර්වරයකු සහ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි. 25 October 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026