(රොමේෂ් මධූෂංඛ)
හදිසියේ පැතිර ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් වවුනියාව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනකු වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇත.
විශ්වවිද්‍යාලයේ නේවාසිකව සිටින සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට සඳහා එහි ගිය වෛද්‍යවරයෙකුට වෛරස් උණ රෝගය වැළදී සිටින තවත් සිසුන් 58 දෙනකු සොයා ගැනීමටද හැකි වී ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
ඔවුන් නේවාසිකාගාරවල සිටම ප්‍රතිකාර ලබා ගන්නා අතර ඔවුන් අතරින් අසාධ්‍ය වන සිසුන් වරින් වර රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
මේ වෛරස් උණ රෝගය නිසා විශ්වවිද්‍යාල සිසුන්ට නිවාඩු ලබා දෙන ලෙස ශිෂ්‍ය සංගම් ඉල්ලා ඇතත් මේ දිනවල විශ්ව විද්‍යාලය තුළ අවසන් විභාග ආරම්භ කර ඇති බැවින් සිසුන්ට නිවාඩු ලබා දිය නොහැකි බව පාලන අධිකාරිය දැනුම් දී තිබීම හේතුවෙන් සිසුහු අපහසුතාවට පත්ව සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd