අල්ලස් ගත්තැයි ගුවන්තොටුපොළ පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටතටදී රන් අාභරණ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 25 ක අල්ලසක් ලබා ගත්තේ යැයි පැවසෙන සිද්ධියකට අදාළව ගුවන්තොටුපළ පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 24 October 2018
අඹ සොරකමට වරද පිළිගනී අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් සොරකම් කර ඒවා සිය සන්තකයේ තබා ගත් බවට අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටි වියපත් කාන්තාවක් තමාට එරෙහිව පවතින එම චෝදනාවන්ට වරද පිළි ගන්නා බව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය. 24 October 2018
වතු කම්කරුවෝ ලෝටස් පාර අවහිර කරති උද්ඝෝෂණයක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොළඹ කොටුව ලෝටස් වට රවුම අසළින් වසා දමා ඇතැයි පොලීසිය කියයි. 24 October 2018
ඇල්ල- වැල්ලවාය මාර්ගයේ නායයාමේ අවදානමක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 24 - 25 කණු අතර එක් ස්ථානයක ප්‍රධාන මාර්ගයේ පැති බැම්ම කඩා වැටී මාර්ගය ගිලා බැස නායයාමේ දැඩි අවදානමකට ලක්ව තිබේ. 24 October 2018
කැපුම් තුවාලකරු රෝහලට ගෙනයද්දී ආයෙත් ඇවිත් පිහියෙන් අනී නාවලපිටිය, කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් මල්ගොල්ල ගම්මානයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි කුරුඳුවත්ත පොලීසිය පවසයි. 24 October 2018
වීරකැටියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට වීරකැටිය උඩයාල ප්‍රදේශයේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වීරකැටිය පොලිසිය කියයි. 24 October 2018
වසර 2400ක් පැරණි නැවක් මුහුදු පත්ලේ තිබී සොයා ගනි වසර 2400කට වඩා පැරණි ග්‍රීක වෙළඳ නැවක් කළු මුහුදේ බල්ගේරියානු වෙරළට නුදුරින් තිබි සොයාගෙන ඇතැයි වාර්තා වේ. 23 October 2018
රාජ්‍ය ත්‍රාන්තික මෙහෙයුමකට පාඨලීගෙන් යෝජනාවක් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ඇති යෝජනාව ඉවත් කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ක්‍රියාත්මක කළ යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා අද (23) කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ. 23 October 2018
ජල ගාස්තු වැඩි කරන්න ඇමැති හකීම් අනුමැතිය ඉල්ලයි ජල ගාස්තු සියයට 65කින් පමණ ඉහළ දැමීමට ජල සම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් මහතා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත. 23 October 2018
දේශීය ආදායම් කොමසාරිස් තනතුරට සී.ජේ.පී. සිරිවර්ධන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.පී සිරිවර්ධන මහතා පත්කර තිබේ. 23 October 2018
හකීම් - බදියුදීන් කැබිනට් රැස්වීමේදී ගැටෙති ජල සම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් මහතා ඔහුගේ මාධ්‍ය ඒකකයේ 30 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් තෝරාගෙන තමාට එරෙහිව ප්‍රචාර ගෙන යන බවට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා අද (23) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 23 October 2018
‘‘රට රැකගන්න දේශපාලනඥයෙක් නොවන රටට ආදරය කරන පුද්ගලයෙක් සොයා ගත යුතුයි‘‘ විදේශීය බලවේගවලින් රට රැකගැනීම සදහා දේශපාලනඥයින් කෙරෙහි විශ්වාසය තැබීමට නොහැකි නිසා දේශපාලනඥයෙක් නොවන රටට ආදරය කරන පුද්ගලයෙක් අප සොයා ගත යුතුයැයි ත්‍රිකුණාමලයේ ආනන්ද අමරපුර ශ්‍රී ධම්මරක්ෂික මහා නිකායේ මහානාහිමියෝ අද (23) පැවැසූහ. 23 October 2018
ශ්‍රී ලංකාවට ලකුණු 219 ක ජයක් එංගලන්තයට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී ලකුණු 219 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්විය. මෙම තරගයටත් වර්ෂාවෙන් බාධා පැමිණි අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලට හිමිවිය. කෙසේ වෙතත් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ ජය 3-1 ක් ලෙසින් එංගලන්තයට හිමිවිය. 23 October 2018
නාලක ද සිල්වාගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් අද (23) සිව් වන දිනටත් පැය 8 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු ආරංචි මාර්ග කියයි. 23 October 2018
හිටපු ඇමැති මර්වින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සැරසෙයි තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (23) අනුරාධපුරයේදී පැවසීය. 23 October 2018
රුපියලේ අගය ආරක්ෂා කර ගන්න විදේශ සංචිත මුදා හරින්නේ නෑ රුපියල අවප්‍රමාණය වීම බරපතල ආර්ථික ප්‍රශ්නයක් හෝ රට කඩා වැටීමක් නොවන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය. 23 October 2018
ජමාල් කෂොක්ජිගේ සිරුරේ කොටස් තුර්කියෙන් පිටතට රැගෙන ගිහින් ඝාතනය කළ මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ සිරුරේ කොටස් තුර්කියෙන් පිටතට රැගෙන ගොස් ඇතැයි එරට බලධාරිහු බිය පළ කරති. 23 October 2018
පළමු වසරට ළමයි ගන්න පරීක්ෂණයේ ලකුණු වෙනස් කර ඇතැයි පැමිණිලි 2019 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණ වලදී සිසුන්ට හිමි වූ ලකුණු ප්‍රමාණය තාවකාලික පොරොත්තු ලේඛණවලට ඇතුළත් කිරීමේදී වෙනස්කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 23 October 2018
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන කථානායකවරයාටත් ජනාධිපතිවරයාටත් දන්වනවා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල ද නැද්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් පාර්ලිමේන්තු කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) ප්‍රකාශ කළේය. 23 October 2018
කෂෝක්ජි ඝාතනය කළ අයකුගෙන් සල්මාන් කුමරුට ඇමැතුම් 7 ක් ජමාල් කෂෝක්ජි ඝාතනය කළ දිනයේදී එම ඝාතනයට සම්බන්ධ යැයි කියන අයකු සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුගේ කාර්යාලයට අවස්ථා හතකදී දුරකතන ඇමතුම් ලබා දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 23 October 2018
ශ්‍රී ලංකාව කඩුලු 6 ට 366 යි එංගලන්තයට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 366 ක් ලබාගත්තේය. එකම පිතිකරුවකු හෝ ශතකයක් ලබා නොගත් කණ්ඩායමක් විසින් එක්දින තරගයකදී ලබාගත් තුන්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේද මෙයයි. 23 October 2018
බස්නාහිර ආණ්ඩුකාර නිල නිවස හදන්න කෝටි 10 ක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර නිල නිවස ඉදිකිරීමට කෝටි 10.34ක් වැය වන බව මහඇමති ඉසුර දේවප්‍රිය මහතා අද (23) පළාත් සභාවේදී පැවසීය. 23 October 2018
පොලිස් කොමිසමේ සාමාජිකයෝ කතානායක හමුවෙති කතානායක කරු ජයසූරිය මහතා හා ජාතික පොලිස් කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(23) පැවැත්විණි. 23 October 2018
ශ්‍රීලනිපයේ 24 දෙනා එජාපය හදන ආණ්ඩුවකට එක් වෙන්නේ නෑ - මහින්ද අමරවීර ආණ්ඩුවේ මැති ඇමතිකම් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 24 දෙනා එක්සත් ජාතික පක්ෂය හදන ආණ්ඩුවකට කිසිසේත්ම එක් නොවන බව ස්ථිර යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. 23 October 2018
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා යටතේ කෝටි 5882 ක ණය දීලා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ පුද්ගලයින් 29389 දෙනෙකුට රුපියල් කෝටි 5882 ක වටිනාකමකින් යුත් ණය මුදල් ලබාදී තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 23 October 2018
’රෝ ඔත්තු සේවා පුවතින් පසු මාධ්‍ය නිදහසට බලපෑම් කරන තත්ත්වයක්’ තමා ඝාතනය කිරීමට ඉන්දීය රෝ ඔත්තු සේවය කටයුතු කරන බවට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී පවසා ඇතැයි ‘ද හින්දු’ පුවත්පතේ කොළඹ වාර්තාකාරිනි මීරා සිරිනිවාසන් විසින් තම පුවත්පට වාර්තා කරනු ලැබීමෙන් පසුව විවිධ පාර්ශ්ව දක්වන ප්‍රතිචාර මාධ්‍ය නිදහසට බලපෑම් කරන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. 23 October 2018
‘මාඝා ඉංජිනියරින් සමාගමේ’ පෙත්සම විභාගයට ගන්න අවසර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නව මගී පර්යන්තය සැලසුම් කිරීම, ඉදිකිරීම හා බාර දීමේ කොන්ත්‍රාත්තුව රජයේ පිළිගත් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කරමින් සුදුසුකම් නොමැති සමාගමකට ලබාදීමට රජය සූදානම් වන බවත්, ඒ සඳහා සුදුසකම් ලැබූ තමන්ට එම කොන්ත්‍රාත්තුව ලබාදෙන ලෙසත් ඉල්ලා මාඝා ඉංජිනියරින් පෞද්ගලික සමාගම ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) අවසර ලබා දුන්නේය. 23 October 2018
හිටපු ක්‍රිකට් මූල්‍ය ලොක්කා රිමාන්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විදෙස් රූපවාහීනි ආයතනයකින් ලැබීමට නියමිතව තිබු ඩොලර් මිලියනයකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය අංශයේ ප්‍රධානී පියල් නන්දන දිසානායක ලබන මස 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 23 October 2018
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් 25 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් බ්‍රහස්පතින්දා (25) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. 23 October 2018
වසර 600 කට වඩා පැරණි චීන මැටි බඳුන් හමුවෙයි මේ දිනවල යාපනය අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ දී චීන පුරාවිද්‍යා නිලධාරීන් පිරිසකට චීනයේ නිෂ්පාදිත වසර 600 කට වඩා පැරණි මැටි බඳුන්වල කැබලි කොටස් රැසක් හමු වී ඇති බවට කැනීම් කටයුතුවල නිරත වූවන් පවසා සිටිති. 23 October 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026