අගමැතිගේ ඉන්දීය සංචාරයේ තතු ජනපතිට සිය ඉන්දීය නිල සංචාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (22) දහවල් ඉදිරිපත් කර තිබේ. 22 October 2018
අක්කර 2000 කට ජලය දෙන්න අක්කර 19,000 ක වන විනාශයක් පරිසර ක්ෂේත්රයේ පසුගිය කාලයේ වැඩි කතාබහකට ලක් වූ පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා මේ වන තෙක් මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර අනුමැතිය ලබා දී නැති බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. ඊට අදාල පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය තවමත් සිදුකරමින් පවතින බව ද මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි. 22 October 2018
ශිෂ්‍යත්ව විභාග සමත් ලකුණ පහළ දමන්නැයි ජනපතිට ඉල්ලීමක් මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සමත් ලකුණ පහළ දමන්නැයි ලංකා ගුරු සේවා සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත. 22 October 2018
උකුවෙල පොහොට්ටුවේ මන්ත්‍රීගේ සාමාජිකත්වය අත්හිටුවයි පාසල් සිසුවෙකු අපයෝජනයට ලක් කළැයි සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අනුරුද්ධ ඒකනායක මහතා එම පක්ෂයෙන් ඉවත් කිරීමට අදාළ ලියකියවිලි පක්ෂ මුලස්ථානය වෙත බාර දී තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසනයේ කැඳවුම්කරු උකුවෙල ප්‍රාදේශීය 22 October 2018
අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් ආරම්භ කළාට අධිචෝදනා බාරදෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් ආරම්භ කර පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පවරා ඇති ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනාට අද(22) බාරදෙන ලදී. 22 October 2018
විදුලි දුම්රිය ව්‍යාපෘතියට අනුමැතිය දෙන්න කොමිස් මුදලක් ඉල්ලී යැයි පරීක්ෂණයක් අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනය කිරීමේ ආයෝජන ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදීම වෙනුවෙන් රාජ්‍ය ඇමැතිවරයකු විසින් විදේශීය ආයෝජකයකුගෙන් කොමිස් මුදලක් ඉල්ලුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අදාළ ආයෝජනයේ දේශීය නියෝජිතයා වන සීමාසහිත සිලෝන් හයිස්පීඞ් රේල්වේ සමාගමේ කළමණාකාර අධ්යක්ෂවරුන් කැඳවා ඊට අදාළ තොරතුරු ලබා ගෙන ඇත. 22 October 2018
‘අධිකරණයේ ස්වාධීනත්වය-ජන විශ්වාසය රකිනවා‘ අධිකරණයේ ස්වාධීනභාවය හා ජන විශ්වාසය තහවුරු කිරීමට හේතුවන සියලු ක්‍රියාමාර්ග තමන් විසින් ගන්නා බව නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා අද ( 22) කියා සිටියේ ය. 22 October 2018
ඩොලරය 173 පනී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (22) 173 ඉක්මවා ගියේය. 22 October 2018
අඟුණකොලපැළැස්ස බන්ධනාගාරයේ උද්ඝෝෂණය අවසන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් එහි කුලුනක් මත නැඟ අැරැඹු උද්ඝෝෂණය මීට සුළු වේලාවකට පෙර අවසන් කෙරිණි. 22 October 2018
වැලි ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගත් සේවකයෙක් අත්අඩංගුවට කටාන ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයකුව දුරකථනයෙන් බිය ගන්වා රුපියල් ලක්ෂ 12 කප්පම් ලබා ගැනීමට උත්සහ කළ මුල්‍ය ආයතනයක සේවකයකු අද (22) අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. 22 October 2018
ගල්නෑවේ පවුල් 120 ක් හාමතේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැටකොලුවාගම සහ හබරවත්ත යන ගම්මාන දෙකේ පවුල් 120ක පමණ ජනතාවක් ආහාර සහ පොදු පහසුකම් හිඟවීම ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරමින් සිටිති. 22 October 2018
පීඩාවට පත් දැරියකට වෙනත් පාසලක් දෙන්නැයි ළමා ආරක්ෂක අධිකාරිය කියයි කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක විවිධ නොසලකාහැරීම්වලට ලක් වූ බව කියන දැරියකට සුදුසු වෙනත් පාසලක් ලබාදීමට මැදිහත්වන්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයාගෙන් ඉල්ලා ඇත. 22 October 2018
රංගන ගාල්ලේදීම සමුගැනීමට සැරසෙයි වමත් දඟ පන්දු යවන්නන් අතර වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් දඟ පන්දු යවන්නා වශයෙන් ක්‍රිකට් වාර්තා පොතට එක්ව සිටින රංගන හේරත් ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව වාර්තාවේ. 22 October 2018
ඌරුබොක්කේ වෙඩි තැබීමකින් අයෙක් මරුට මාතර - ඌරුබොක්ක ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 22 October 2018
ලක්ෂ 40 ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ හතලිහකට ආසන්න වටිනාකමින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මට්ටක්කුලිය ආගමික මධ්යස්ථාකයක් අසළදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත දිසා දූෂණ මර්දන අංශය කියයි. 22 October 2018
නාලක ද සිල්වා තෙවැනි දිනටත් සීඅයිඩියට හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (22) තෙවැනි දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 22 October 2018
ශ්‍රී ලන්කන් ගුවන් සේවාවට තවත් පාඩුවක් මගීන් 280කට ගමන් කළ හැකි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් විශේෂිත පුද්ගලයන් (වී.වී.අයි.පී.) 32 ක් රැගෙන රුසියාවට සෘජු ගුවන් ගමනක් යෑම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ලබාගත හැකිව තිබූ විශාල ලාභයක් අහිමිව ගිය බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර අවන්ති අබේසිංහ මහත්මිය පැවසුවාය. ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙළිකළාය. 22 October 2018
‘විග්නේෂ්වරන් උතුරු මහඇමැති ලෙස නම් කිරීමෙන් තාමත් විඳවනවා’ දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී.විග්නේශ්වරන් යෙදවීම මේ වන විට තමන් ඇතුළු පක්ෂය අවුරුදු 5 ක් පුරා විඳවන බවට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා කියා සිටියේය. 22 October 2018
අඟුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියෝ තවමත් කුලුන මත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් බන්ධනාගාර තුළ සේවයේ යෙදවීමට හා බන්ධනාගාර අධිකාරීවරයාට විරෝධය දක්වමින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරායේ රැඳවියන් ඇරැඹු උද්ඝෝෂණය අද (22) දෙවැනි දිටත් එලෙසම ක්‍රියාත්මක වේ. 22 October 2018
ඇඹිලිපිටිය-කොළඹ බස් වර්ජනයක් ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයින් අද (22) අලූයම සිට බස් ධාවනයෙන් ඉවත්ව වැඩ වර්ජනයක් අරඹා තිබේ. 22 October 2018
මාලදිවයින් ජනපතිගේ ඡන්ද පෙත්සම විසිවේ ඉකුත් මාසයේ පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලංගු යැයි මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීන්දු කළේය. 21 October 2018
බන්ධනාගාරයේ කුලුන මත සිට සිංදු කියති පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් බන්ධනාගාර තුල සේවයේ යෙදවීමට විරෝධය දක්වමින් අගුනකොළපැලැස්ස බන්ධනාගාරයේ කුලුනක් මත නැග විරෝධතාවයක් ආරම්භ කළ රැඳවියන් පිරිස රාත්‍රී කාලය වන විට ගීත ගායනා කරමින් විනෝද වන ආකාරය දක්නට ලැබිණි. 21 October 2018
පෞද්ගලික රෝහල් නියාමනය කරනවාමයි පෞද්ගලික රෝහල් නියාමනය අනිවාර්යෙන් සිදු කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. 21 October 2018
ලාංකික සිසුවා ගැන සොයන්න ක්‍රීඩකයාගේ ගෙදරට පොලිසිය යයි ත්‍රස්ත චෝදනා මත ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්ව සිටි මොහොමඩ් නිසාම්ඩීන් නැමැති ශ්‍රී ලාංකික සරසවි සිසුවා ත්‍රස්ත සැකකරුවෙකු බවට පත් කොට ඇත්තේ ප්‍රකට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වන උස්මාන් කවාජාගේ සොහොයුරෙකු බවට සැකයක් මතුවී තිබෙන බව එරට පොලිස් වාර්තා උපුටා දක්වමින් ඕස්ට්‍රේලියාවේ පළවන ‘‘ටෙන් නිව්ස් “ වෙබ් අඩවිය අද (21) වාර්තා කළේය. 21 October 2018
කුලුනට නැගීමට පෙර බන්ධනාගාර නිලධාරීන්ට පහරදීලා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් උද්ඝෝෂණයට කුලුන මත නැගීමට පෙර සිරකුටිවල දොරගුළු කඩා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුටද පහරදී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය. 21 October 2018
රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේ මගඩියක් රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේදී ඒවා මිලදී ගන්නා ඇතැම් ආයතන කෘතිම රුධිරය කලවම් කිරීමේ චෝදනාවන්ට ලක්වීමෙන් ඒ පිළිබඳ විශාල ගැටළුවක් ඇති වී ඇති බවත් එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට බරපතල අපකීර්තියක් විය හැකි බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේෂ් මහතා පවසයි. 21 October 2018
පාරමීට නිවාස දෙකක් ආජන්ටිනාවේ පැවැති තුන්වන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශී‍්‍ර ලංකාවට කීර්තියක් ගෙන දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නිවාස දෙකක් පිරිනැමීමට රජය කටයුතු යොදාගෙන යන බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය. 21 October 2018
ලංකා- මහජන බැංකුවල අක්‍රමිකතා හොයන්න ජනපති කොමිෂන් සභාවක් ඉල්ලයි වැඩිම වත්කමක් හා වැඩිම ජනතා විශ්වාසයක් දිනු ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ සිදු වී ඇති දුෂණ, වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පුර්ණ බලතල ඇති ජනාධිපති විමර්ශන කොමිසන් සභාවක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 21 October 2018
ගලහ රෝහලේ සිද්ධියට තවත් 5 ක් අත්අඩංගුවට පසුගිය අගෝස්තු 28 වැනි දා ගලහ රෝහලට පහර දී අලාභ හානි සිදු කිරීම සම්බන්ධව තවත් සැකකරුවන් පස්දෙනෙකු හැදල හා දෙහිවල ප්‍රදේශයේ වැඩබිමක සැඟවී සිටියදී අද (21) ගලහ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 21 October 2018
මත්කුඩු තිප්පොලේ බන්ධනාගාර ජේලර්වරයෙක් දකුණේ ප්‍රබල පාතාල නායකයකු වන පොඩි ලැසීගේ ගෝලයින් දෙදෙනෙකු හෙරොයින් විකුණමින් සිටියදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම ස්ථානයේ බන්ධනාගාර ජේලර්වරයකුද සිට ඇත. 21 October 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026