අද රාත්‍රියේ සිට දෙදිනක් පුරා තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (19) රාත්‍රියේ සිට දෙදිනක් පුරා තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 October 2018
ලලිත් කොතලාවලට එරෙහි නඩුව ලබන වසරට කල් යයි සෙලින්කෝ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි චෝදනා හැකි ඉක්මනින් අවසන් කර ගැනීම පිළිබඳ නීතීපතිවරයා සමඟ කරන සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති හෙයින් මෙම නඩුවේ විභාගය ලබන වසරේ ජනවාරි 22 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (19) නියෝග කළේය. 19 October 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමට කරුණු ඇතැයි රහස් පොලීසිය කියයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට ලිපි සකස් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව අද (19) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ ප්‍රකාශ කළේය. 19 October 2018
ව්‍යාපාරිකයා ඝාතනය කළැයි දෙදෙනෙකුට මරණ දඬුවම් සපත්තු ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී ව්‍යාපාරිකයාට පිහියෙන් ඇන ගෙල සිර කර මරා දැමීයැයි චෝදනාවකට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (19) මරණ දඩුවම් නියම කළේය. 19 October 2018
කොළඹ ප්‍රදේශ කිහිපයක පැය 17 ක ජල කප්පාදුවක් ජල නල අලුත්වැඩියාවක් හේතුවෙන් අද(19) දහවල් 12 සිට පැය 17 ක කාලයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 19 October 2018
මන්නාරම් ගුවන් පථය ආසන්නයේ වළ දමා තිබූ කොටි ආයුධ තොගයක් හමුවෙයි මන්නාරම, තල්ලඩි ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදාවට අයත් ගුවන් පථය ආසන්න ප්‍රදේශයේ වළ දමා තිබූ කොටි සංවිධානයට අයත් බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මන්නාරම පොලීසිය පවසයි. 19 October 2018
ශ්‍රී ලාංකික සිසුවා ත්‍රස්ත චෝදනාවෙන් නිදහස් අයි එස් ත්රස්තවාදීන්ට සම්බන්ධ බවට චෝදනා ගොනු කරමින් ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවකු වන මොහොමඩ් කමාර් නිසාම්ඩීන් ත්‍රස්ත චෝදනාවෙන් නිදහස් කිරීමට ඕස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 19 October 2018
ගලහ රෝහලේ සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගලහ රෝහලට පහර දී අලාභ හානි සිදු කිරීම සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (19) උදෑසන ගලහ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 19 October 2018
ගෝඨාගේ නඩුව නොවැම්බර් 9 ට කල් යයි ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 49 ක් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවති නඩුව නොවැම්බර් 9 වැනි දා දක්වා අද (19) කල් තැබිණි. 19 October 2018
නාලක අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කළ යුතුයි ජනාධිපති ඝාතන තැත පිළිබඳ සිද්ධියේදී සිදුවිය යුතුව තිබුණේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කිරීම වුවත් මේ වනතුරුත් එය සිදුවී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (18) ප්‍රකාශ කළේය. 19 October 2018
නාලක දෙවැනි දිනටත් සීඅයිඩීයට ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (19) දෙවැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 19 October 2018
ගෝඨා ත්‍රිපුද්ගල මහාධිකරණයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට පැමිණියේය. 19 October 2018
අධ්යක්ෂ මණ්ඩල ඉවත් කිරීම ගැන මත ගැටුම් මහජන බැංකුව, ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ. 18 October 2018
ආයෝජන මණ්ඩල අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවතට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා අද (18) එම තනතුරින් ඉවත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 18 October 2018
මධූෂ්ගේ ගෝලයා මරුදකී ඔරුවල වානේ සංස්ථාව අසළදී සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සහ කිරීමේදී පොලිස් වෙඩි පහරකින් බරපතල තුවාල ලබා සිටි රණසිංහ ආරච්චිලාගේ අසිත නොහොත් බණ්ඩා නැමැත්තා අද (18) කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 18 October 2018
ලබන මාසයේ තෙල් මිල අඩුවිය හැකියි - මුදල් ඇමැති ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ක්‍රමයෙන් අඩුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන හෙයින් ලබන මාසයේදී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අඩුවිය හැකි යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යංශයේ අද (18) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. 18 October 2018
අමාත්‍යංශයේ නිර්දේශය පොලිස් කොමිසම විසි කරයි ආන්දෝලනයකට තුඩු දී ඇති කතරගම පොලිස් ස්ථානාධිපතිගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් නීතිය හා සාමය අමාත්‍යංශය ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කළ ජාතික පොලිස් කොමිෂන් සභාව එම ස්ථාන මාරුව පෙර පරිදිම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය. 18 October 2018
රටේ තිබෙනවාට වඩා අධ්‍යාපන අවස්ථා බිහිකළ යුතුයි - මහාචාර්ය සම්පත් අමරතුංග වර්තමානයේ තිබෙනවාට වඩා වැඩියෙන් මෙරට තුළ අධ්‍යාපන අවස්ථා බිහි කළ යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (18) පැවැසීය. 18 October 2018
මාධ්‍යයට වැරදි තොරතුරක් දුන් ඇමැතිවරු සොයා පරීක්ෂණයක් පැවැත්විය යුතුයි - මහින්ද සමරසිංහ රෝ ඔත්තු සේවය විසින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පැවසු බවට ‘ද හින්දු‘ පුවත්පතේ පළවූ පුවත තමන්ට ලබාදුන්නේ කැබිනට් මණ්ඩල නියෝජිතයින් සිව් දෙනෙකු බව එම පුවත්පතේ මෙරට මාධ්‍යවේදිනිය පවසා ඇති බැවින් එම සිව් දෙනා කවුරුන්ද යන්න සොයා වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 18 October 2018
පැය නවය හමාරකට පසු නාලක සිල්වා පිටව යයි - හෙට යළි කැඳවයි පැය නවය හමාරක් තිස්සේ ප්‍රකාශ ලබා දුන් ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මීට ටික වේලාවකට පෙර රහස් පොලිසියෙන් පිටව ගියේය. 18 October 2018
බැංකු ආයෝජන මණ්ඩලය විසුරුවා හැරීමට ගත් තීරණය ගැන සාකච්ඡාවකට සැරසෙයි ලංකා බැංකුව, මහජන බැංකුව සහ ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගත් තීරණය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා මුණ ගැසිමට තීරණය කර තිබේ. 18 October 2018
ලෙබනන් ගිය කතක් ගැන තොරතුරු සොයයි ලෙබනන් රටෙහි රැකියාව සඳහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති කාන්තාවක පිළිබඳව තොරතුරක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි. 18 October 2018
පොලිතින් ප්ලාස්ටික්වලට බද්දක් පනවන්නැයි රජයෙන් ඉල්ලයි පොලිතින් ප්ලාස්ටික් බෑග් අවම කිරීමේ නීති ශක්තිමත් කිරීම සඳහා බද්දක් පවන්නැයි පාරිසරික පදනම ජනාධිපතිවරයාට අගමැතිවරයාට හා මුදල් ඇමැතිවරයාට යෝජනා කර ඇත. 18 October 2018
බාලවයස්කාර දැරියක් නිවසට රැගෙන ආවැයි අම්මා පුතාව පොලිසි ගෙනයයි දැරියක් හා මිතුරුකමක් ඇති කරගෙන දින හතරක් වැනි සුළු කාලයකදී ඇය මාපිය රැකවරණයෙන් ඉවත්කර ගෙන ගොස් අපහරණය කළ 18 හැවිරිදි තරුණයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි. මෙම දැරිය 14 වැනි වියේ පසුවන්නියකි. 18 October 2018
පැය 7ක් තිස්සේ නාලක සිල්වාගෙන් ප්‍රශ්න කරයි අද උදෑසන රහස් පොලිසිය හමුවේ පෙනී සිටි ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් රහස් පොලිසිය පැය හතක් තිස්සේ ප්‍රශ්න කරමින් සිටියි. 18 October 2018
පාර්ලිමේන්තුවේ ආහාර සැපයීම ගැන යළි විපරමකට කතානායකගෙන් උපදෙස් පාර්ලිමේන්තුවේ ආහාර සැපයීමේ ක්‍රියාවලිය නැවත පුර්ණ පරීක්ෂාවට ලක් කරන්නැයි කතානායක කරු ජයසුරිය මහතා එහි අදාළ නිලධාරීන්ට අද (18) උපදෙස් දී ඇත. 18 October 2018
නාරාහේන්පිට හිටපු පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි වෛද්‍යවරයෙකුගෙන් රුපියල් ලක්ෂ 80 ක අල්ලසක් ඉල්ලා ඉන් ලක්ෂ 25ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා සහ එහි අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා තමන්ට එරෙහි සියලුම චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා හමුවේ අද (18) පැවසුහ. 18 October 2018
නැගෙනහිර පර්යන්තය බදු දෙන්නේ නැතැයි වරාය ඇමැති කියයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියට අත්‍යාවශ්‍ය එකක් බවත්, එය ඉන්දියාවට හෝ වෙනත් කිසිඳු රටකට ලබාදීමෙන් වරාය අධිකාරියේ පැවැත්ම පිළිබඳ ගැටලූ ඇතිවිය හැකි බවත් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 18 October 2018
‘ඉන්දු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයින් විරසක කරන සැලැස්මක් තියෙනවා‘ ඉන්දියානු ‘රෝ‘ ඔත්තු සේවය මගින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැරැසෙන බවට පළ වු පුවත හා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට යන සිද්ධියත් ජනාධිපතිවරයාට එරෙහිව අගමැතිවරයා ඇතුළු එජාපය ගෙන යන සැලැස්මක ප්‍රථිපලයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය. 18 October 2018
අගමැති ඉන්දියාවේ සංචාරයක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනය පරිදි , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා පිටත්ව ගියේය . 18 October 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026