(එෆ්.අස්ලම්)
ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදීම පිළිබඳ තීරණය ජනපති අපේක්ෂකයින් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තීරණය කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද (23) වැනිදා තීරණය කර තිබේ.
ජනාධිපතිවරණ පිළිබද සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද (23) පස්වරු 2.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විණි.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම සාකච්ඡාව සඳහා එම සන්ධානය නියෝජනය කරන පක්ෂ ත්‍රිත්වයෙහිම නායකයින් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 10 දෙනෙකු පමණ සහභාගී වී තිබිණි.
මෙතෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කර නොතිබීමත් එය ඉදිරිපත් කිරීමෙන් පසු දෙමළ ජාතික සන්ධානය තීරණයකට එළඹිය යුතු බවටත් දෙමළ ජාතික සන්ධානයේ බහුතරයකගේම මතය වී තිබුණි.
ඉල්ලීම් 13ක යෝජනාවලියක් ඉදිරිපත් කරමින් ගිවිසුමකට අත්සන් තැබූ උතුරේ දේශපාලන පක්ෂ පහේම එකගත්වය මත ජනපති අපේක්ෂකයා පිළිබද තීරණය ගතයුතුව ඇතැයිද මෙහිදී තීරණය කර ඇත.
ඒ අනුව හෙට (24) දිනයේදී බොහෝ විට ඉලංගයි තමිල් අරසු කච්චි,ප්ලොට්,ටෙලෝ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ ත්‍රිත්වයත්,දෙමළ ජනතා සංසදය සහ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂත් වශයෙන් දෙමළ දේශපාලන පක්ෂ රැස්වීමට නියමිතව ඇතැයි දෙමළජාතික සන්ධානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඒ අනුව දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී කාහටද සහාය දැක්වන්නේද යන තීරණය කිරීමේ සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ඔව් දැන්ම කියන්න එපා සජිත් මහත්තයාට සහයෝගය දෙනවා කියලා.. මැතිවරණ ප්‍රචාරණ කටයුතු නවත්තන්න දවසක කලින් කිව්වා නම් හොඳටම ඇති.. නැත්තම් හොහොට්ටු කාරයන් ඕක වේදිකාවේ පතුරු යවයි..
කොහෙන් ගිහිල්ලා හරි අන්තිමට රනිල් ඉන්න ගොඩට තමයි දෙන්න් වෙන්නේ. වෙන කාට දෙන්නද? නිකන් බොරුවට කාලේ මරනවා.
ඔය ඉල්ලිම් 13ට සිංහල, මුස්ලිම් නොවෙයි දකුණේ, වතුකරේ ඉන්න දෙමළ ජාතිකයින්වත් ඡන්දේ දෙන එකක් නැහැ...
මම හිතන්නේ 1982 ජනාධිපතිවරණයෙන් පස්සේ දෙමළ ජනතාවට ලැබෙන පළමු නිදහස් ජනාධිපතිවරණය තමයි මේ. සිංහල මහ ජාතිය වුණත් නුඹලා තමයි ලංකාවේ නායකයා තෝරන්නේ... සිංහල අය ගානට දෙකට බෙදුවා නම් උඹලා තමයි මේක තීරණය කරන්නේ. හොඳට තීරණය කරපල්ලා... සිංහල අය වගේ එකඑකාට කඩේ යන්න එපා. ඒ වගේම මතක තියාගනිල්ලා මස් රාත්තලම ඉල්ලන්න එපා. මේක අපි හැමෝගෙම රට... අපි ඔක්කෝටම තියෙන්නේ එකම ප්‍රශ්න... උඹලා ඔය කෑල්ල ගත්තා කියලා ඔයාලගේ තියෙන දරිද්‍රතාවය අඩුවෙන්නේ නැහැ. අපේත් එහෙමයි. මේකේ තියෙන්නේ පන්ති අරගලයක් මිස ජාතිවාදයක් නෙමෙයි. හැමදාම වෙන්නේ බලය මුදල තියෙන එකා, දුබල, දුප්පත් එකාව පාගාගෙන ඔවුන් රජවෙන සමාජයක්... එ්ක නැති කරන්න එක් රොක් වෙයව්...
අනේ සජිත්ට සහය දෙනවා කියලා බොරුවට හරි කියන්නෝ. ඉතිරි හරිය අපි බලා ගන්නම්.