(මනෝප‍්‍රිය ගුණසේකර)
රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රෝගී තත්වයෙන් පසුවීම හේතූවෙන් එම නඩු විභාගය ලබන නොවැම්බර් 7 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (23) නියම කළේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා බරපතල රෝගී තත්වයෙන් පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන හෙයින් අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට දණ්ඩ නීතී සංග‍්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා විත්තිකරුගේ රෝගී තත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා මෙම නඩුව කැඳවන ලබන නොවැම්බර් 7 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විත්තිකරුගේ නීතීඥවරයාට දැනුම් දුන්නේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තාජුඩීන් ඝාතන නඩුව නොවැ. 7 තෙක් කල්යයි
චමින්ද Wednesday, 23 October 2019 09:25 AM
අපි ඒත් බැලුවා තාජුඩීන් නඩුව මෙච්චර පරක්කු වුණේ ඇයි කියලා .ඡන්දයක් ළං වෙන කොට වෙන කේස් එකක් තමයි .2015 යහ පාලන ආණ්ඩුව බලයට පත්වුණේ ඔය තාජුඩීන් කියලා තමයි.හැබැයි පසුගිය අවුරුදු 5ට ඔප්පු කරන්න බැරිවුණා .
චිත්‍රානන්ද Wednesday, 23 October 2019 11:34 PM
ඔප්පු කරන්න බැරි කමට වඩා සැකකරුවන්ගේ කූඨ උපක්‍රමයි, අධිකරණ ක්‍රියාවලියේ තිබෙන මන්දගාමී ස්වභාවයයි මේකට ප්‍රධාන හේතුවක්. වරදකට අහුවෙලා හිරේ තපිනකොට පුදුම අසනීප මේ අයට හැදෙන්නේ. එලියට ආපුවාම උඩ පැන පැන යන්නේ.
වීරවිජේThursday, 24 October 2019 08:05 AM
අම්මෝ මොලේ..... ඒත් ඡන්ද කාලෙට විතරක් මේවා ඇහෙන්නේ මොකෝ දන්නෑ නේද? ඒකත් සැකකරුවොම කරන දෙයක් වෙන්නැති නේද?
Hafeel Wednesday, 23 October 2019 12:24 PM
මේක පුදුම නඩුවක්. මේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට මෙයාටත්, මරණ පරීක්ෂණ වාර්තාව වෙනස් කළ බවට හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරියාටත් අධි චෝදනා ගොනු කරමින් මහාධිකරණයේ නඩු පවරලත් ඉවරයි. නමුත් මිනීමරුවන්ටත්, වාහන දීලා අනුබල දුන් අයට තාම නඩු නැහැ. කොහොමද නීතිය නවන හැටි...
සෙනෙවිරත්න Wednesday, 23 October 2019 01:03 PM
මේක කවදාවත් අහන නඩුවක් නෙවෙයි. අහලා ඉවරවෙන එකකුත් නෙවෙයි.
Jaya Wednesday, 23 October 2019 01:48 PM
අප්පා... තාජුඩීන් ආයෙත් නැගිටලාද?
sharm warn Thursday, 24 October 2019 05:56 AM
මම මේ බැලුවේ ... "තාජුඩීන්" සහ "බැදුම්කරේ " වෙළඳ ලකුණු යටතේ චුවින්ගම් හදලා ඡන්දෙ කාලෙට වැඩියෙන් විකුනන්න. තව ඕනෙනම් ... "ඩේසි ආච්චි " , " සිරිලිය " , "මගනැගුම " වෙළඳ නාම යටතේත් මොක මොකව හරි වික්කුනන්න පුළුවන් ... මේ කාලෙට මොකෝ කියන්නේ කස්ටිය ? දෙන්නකෝ ඔයාලගේ මනාපේ.