‘සේනානායක - බණ්ඩාරනායකගේ දේශපාලනය කරන්න යනවා නම් ඔහු පිස්සෙක් විය යුතුයි’ කවුරුන් හෝ අද ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායකගේ දේශපාලනය කරන්න යනවා නම් ඔහු පිස්සෙක් විය යුතු යැයි ප්‍රාදේශීය සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකදී අද (23) පැවසීය. 23 October 2018
පා ගමනක් නිසා බොරැල්ල අවට මාර්ග අවහිර වෙයි පා ගමනක් හේතුවෙන් බොරැල්ල -පුංචි බොරැල්ල අවට දැඩි වාහන තදබදක් ඇති වී තිබේ. 23 October 2018
බිම්බෝම්බ ඉවත් කරන්න ඇමෙරිකාවෙන් රුපියල් මිලියන 600 ක මුල්‍ය ආධාර ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල බිම්බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් මේ වසර තුළදී පමණක් රුපියල් මිලියන 600 ක මුල්‍යමය ආධාර ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇතැයි මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි. 23 October 2018
පොලිසියෙන් යැයි කියා සිසුවිය අපයෝජනය කළ රියදුරා අත්අඩංගුවට සිය පෙම්වතා සමඟ මාතර මුහුදු තීරයේ කතා බහ කරමින් සිටින අතරතුර පොලීසියෙන් යයි පවසා 16 හැවිරිදි පාසල් සිසුවියක් කැඳවා ගෙන ගොස් අපයෝජනයට ලක් කළැයි දකුණේ දේශපාලනඥයකුගේ රියදුරෙකු අද (23) අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 23 October 2018
උද්ඝෝෂණය මෙහෙයවා ඇත්තේ පාතාලයට සම්බන්ධ රැඳවියෝ 8 ක් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය එහි රඳවා සිටින පාතාල ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් 8දෙනෙකු මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. 23 October 2018
2019 දී සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන ’’ලෝන්ලි ප්ලැනට්’’ ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවට අනුව ලබන වසරේ සංචාරය කිරීමට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. 23 October 2018
සුළු වැරදි වලට සිරගතව සිටින වියපත්වූවන්ට නිදහස මනුෂ්‍ය ඝාතන හා මත්කුඩු චෝදනා මත මරණ දඬුවම හා ජීවිතාන්ත සිර දඬුවම් විඳින සිරකරුවන් හැර වෙනත් චෝදනා මත දීර්ඝකාලීන සිර දඬුවම් විඳින වයස අවුරුදු 70ට වැඩි සියලුම සිරකරුවන් නිදහස් කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර ඇත. 23 October 2018
අඟුණකොලපැළැස්ස බන්ධනාගාර උද්ඝෝෂණය ගැන වෙනම පරීක්ෂණයක් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ආරම්භ කර තිබූ උද්ඝෝෂණ සිද්ධියට පිටුපස නිලධාරී කණ්ඩායම් සිටියේද යන්න සොයා බැලීම සඳහා බන්ධනාගාර පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්(සංවර්ධන) බන්දුල ජයසිංහ මහතා පැවසීය. 23 October 2018
සබරගමු ආණ්ඩුකාරවරියට එරෙහිව පොහොට්ටුව උසාවි යාමේ සූදානමක් සබරගමු පළාත් සභාව විසුරුවා හැර වසරකට වැඩි කාලයක් ඉක්ම යද්දී වර්තමානයේ එහි ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කරන නිලූකා ඒකනායක මහත්මිය පළාත් සභා ප්‍රඥාප්ති සහ නීතිරීති උල්ලංඝණය කරන බැවින් ඇයට එරෙහිව නොබෝ දිනක් තුළ අධිකරණය හමුවේ නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් සොයිසා මහතා පැවසීය. 23 October 2018
ඩොලරය 174 පනී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 174 ඉක්මවා ගියේය. 23 October 2018
මින්නේරිය-හබරණ ප්‍රධාන මාර්ගයේ කොටස් ගිලා බසී පැවති අධික වර්ෂාවත් සමඟ මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ 7 කණුව දේවාලය ආසන්නයේ රිලා වංගුව ප්‍රදේශයේ මීටර 25 පමණ කොටසක් ගිලා බැස තිබේ. 23 October 2018
නාලක - නාමල් හඬපට ගැළපෙයි ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සහ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර නැමැත්තාගේ දුරකතන සංවාද ඇතුළත් හඬපට 124 න් 123 ක්ම සැසදෙන බව රජයේ රස පරීක්ෂකවරයා අද (23) අධිකරණයට දැනුම් දුන්නේය. 23 October 2018
ආහාර විස වීමකින් ශ්‍රීපාද විද්‍යා පීඨ සිසුන් 70 ක් රෝහලේ හැටන් පතන ශ්‍රී පාද විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 60 දෙනෙකු පමණ ආහාර විස වීමක් හේතුවෙන් කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය සවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවාය. 23 October 2018
ඉන්දීය සාගරය ලෝක බලවතුන්ගේ පොර පිටියක් - නාවික හමුදාපති ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්ව තිබෙන ඉන්දීය සාගරයේ වැදගත් තැනක පිහිටි ශ්‍රී ලංකාවට ආරක්ෂාකාරී සහ බුද්ධිමත් පියවර අනුගමනය කිරීමට සිදුව ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැසීය. 23 October 2018
සීඅයිඩිය තුළදී තමා ඝාතනය කිරීමට සැලසුමක් ඇතැයි ඉන්දීය ජාතිකයා අධිකරණයට කියයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ දී තමා ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ දෙපාර්තමේන්තුවේදී ප්‍රශ්න කිරීම් සිදු කරන ඉන්දියානු ජාතික මර්සලීන් ගෝමස් නැමැත්තා අද (23) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේදී විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය. 23 October 2018
දෙමළ ජනතා සභාවේ මන්ත්‍රීවරුන්ට කොටි ලාංඡන සහිත පත්‍රිකා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන්මඟ පිළිබඳව හෙට (24) පැවැත්වෙන සාකච්ඡාව සඳහා සහභාගීවන මන්ත්‍රීවරුන්ට කොටි ලාංඡන සහිත පත්‍රිකා බෙදා හැර ඇතැයි දෙමළ ජනතා සභාවේ මන්ත්‍රීවරු පවසති. 23 October 2018
පස්කන්දක් කඩා වැටී තලවකැලේ ‘ඒ7‘මාර්ගය වැසෙයි නුවරඑළිය සහ නානුඔය ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ තලවකැලේ ඩෙස්පොඩ් හරහා නුවරඑළිය දක්වා ( ඒ 7) මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇනහිට ඇති බව නානුඔය පොලිසිය පවසයි. 23 October 2018
පළාත් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් සැර ලිපියක් පළාත් සභාවල පරිපාලනය නිලධාරීවාදයට යටත් කිරීම ඒකාධිපති පාලන තන්ත්රයකට සමාන යැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට සහ පිළිගත් දේශපාලන පක්ෂවලට දැනුම්දී තිබේ. 22 October 2018
මේ ඩී.එස් - ඩඩ්ලිලාගේ එජාපය නොවේ - ජනපති මෛත්‍රී 2014 වසරේදී තමා පොදු අපේක්ෂකයා ලෙස එජාපය හා සන්ධාන ගත වන විට බලාපොරොත්තු වූ ඩී.එස් - ඩඩ්ලි සේනානායක මැතිතුමන්ලාගේ එජාපය එහි නැති බව තේරුණේ පසුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී අද (22) පැවැසීය. 22 October 2018
මත්ද්‍රව්‍ය නිවාරණට තොරතුරු ගන්න විශේෂ මෙහෙයුම් මැදිරියක් මත්ද්‍රව්‍ය නිවාරණ සඳහා මුළු දිවයිනම ආවාරණය වන පරිදි මහජනයාට තොරතුරු ලබා දිය හැකි විශේෂ මෙහෙයුම් මැදිරියක් අද (22) පොලිස් මුලස්ථානයේදී ස්ථාපිත කළ බව පොලිස් මුලස්ථානය කියයි. 22 October 2018
පිටුවහල් කරන්න ගිය ලක් පවුලට යළි නවසීලන්ත රැකවරණ මවට වැළඳුනු රෝගයක් නිසා නවසීලන්තයෙන් පිටුවහල් කිරීමට සිටි පස් දෙනෙකු ගෙන් යුතු ශ්‍රී ලාංකික පවුලකට යළි එරට නීත්‍යානුකූල ලෙස රැඳී සීටීමට එරට රජය අවසර ලබා දීමේ සිද්ධියක් නවසීලන්තයෙන් වාර්තාවේ. 22 October 2018
දෙසැම්බර් 31ට පෙර උතුරු නැගෙනහිර ඉඩම් මුදාහරින්නැයි ජනපතිගෙන් උපදෙස් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ඒවායේ මුල් පදිංචිකරුවන්ට ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර භාරදී අවසන් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම පළාත් ආණ්ඩුකාරවරුන්ට අද (22) උපදෙස් දුන්නේය. 22 October 2018
ගාල්ල ජේලර් ගැන පරීක්ෂණ වාර්තාව බන්ධන්ගාර කොමසාරිස්ට මීටීයාගොඩ ප්‍රදේශයේ පාතාල කණ්ඩායමක් විසින් පවත්වාගෙන ගියැයි කියන හෙරොයින් බෙදාහරින ස්ථානයක සිටි බවට චෝදනා ලත් ගාල්ල බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයා සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා සිදුකළ පරීක්ෂණ වාර්තාව අද (22) බන්ධන්ගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා වෙත යවා ඇත. 22 October 2018
පැය 28 ක් ප්‍රශ්න කළ නාලක ද සිල්වා හෙටත් කැඳවයි ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද තෙවැනි දිනටත් පැය නවයකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. 22 October 2018
කටුගම්පලට ගල්ගමුවට අලුතින් ශ්‍රීලනිප සංවිධායකවරු කටුගම්පළ හා ගල්ගමුව ආසන සඳහා නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (22) පත්වීම් ලැබූහ. 22 October 2018
‘‘ලංකාවේ ඇත්තේ බොහෝ රටවල් ප්‍රතික්ෂේප කළ අධ්‍යාපන ක්‍රමයක්‘‘ ශ්‍රී ලංකාව තුළ ඇත්තේ අද වන විට ලෝකයේ බොහෝ රටවල් ප්‍රතික්ෂේප කළ අධ්‍යාපන ක්‍රමයක් බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. 22 October 2018
මහනුවර මාර්ගයක් ගිලා බසී මහනුවර පේරාදෙණිය මාර්ගයෙන් හැරෙන ටී.බී.තෙන්නකෝන් මාවත මාර්ගයේ විශාල කොටසක් ගිලා බැසීමට ලක්වීමෙන් එම මාර්ගය මුළුමනින්ම වසා දමා ඇත. 22 October 2018
වැස්ස දිගටම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දිනවලදීත් සවස් කාලයේ වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 October 2018
දිස්ත්‍රික් 4 කට නායයාම් අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් දිස්ත්‍රික්ක 4ක නායයෑමේ අවදානමක් මතුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 22 October 2018
ජවිපෙ අයවැයට විරුද්ධයි මෙවර අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි එම පෙරමුණ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 22 October 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026