(දයාරත්න ඇඹෝගම)
පොලිස් නිලධාරියෙකු සහ කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු ගමන් ගනිමින් සිටි මෝටර් රථයකට අද (30) මිහින්තලේ පොලිස් වසමේ මානෙල්වැව ප්‍රදේශයේදි වන අලි රංචුවක් පහරදී තිබේ.
කහටගස්දිගිලිය පොලිසියට අනුයුක්තව සේවය කරන මෙම තිදෙනා කහටගස්දිගිලියේ සිට මැදවච්චියට රාජකාරි කටයුත්තක් සඳහා යමින් සිටියදි වන අලි ප්‍රහාරයට ලක්ව තිබිණි.
මෙම තිදෙනා ගමන් ගත් මෝටර් රථය අනුරාධපුර ත්‍රිකුණාමලය ඒ 12 මාර්ගයේ ධාවනය වෙමින් තිබියදි මානෙල්වැව ආසන්නයේ මාර්ගයේ රැදි සිටි වන අලියෙකු දැක මෝටර් රථය නවත්වා තිබේ. අනතුරුව ඒ ආසන්නයට පැමිණි වන අලියා මහා හඩින් කෑ ගැසීම නිසා අවට කැලයේ රැඳී සිටි 25කට අධික වන අලි රංචුවක් පැමිණ මෝටර් රථය වටකර පහරදි ඇතැයි පොලිසිය කියයි.
පසුව අවට සිටි පිරිස කෑ ගැසීම නිසා මෝටර් රථය වටා සිටි අලි රංචුව ඉවත් වී ඇති අතර රථය අසීරුවෙන් මීටර් 100ක් පමණ දුරට ධාවනය කර පොලිස් නිලධාරින් තිදෙනා සිය ජීවිතය ආරක්ෂාකර ගැනීමට සමත්ව තිබුණි.
මොවුන් තිදෙනා අද (30) මැදවච්චිය නගරයේ පැවති දේශපාලන රැස්විමක් සඳහා ආරක්ෂක රාජකාරියේ නිරතවීමට යමින් සිටියදි මෙම අනතුරට ලක්ව තිබු බව පොලිසිය කියයි.
වන අලි ප්‍රහාරයෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර මිහින්තලය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවකට දේශපාලුවෙක්වත් මේ අලි රැලට අහුවුනේ නැහැනේ... එහෙම වුණානම් ඒ ප්රවෘත්තිය අපේ රටේ ලොකු කුඩා අයගේ පමණක් නොව නූපන් දරුවා පවා සතුටින් පිනායන එකක් වෙන්නට තිබුණා. කාලය කියන්නේ මහා පුදුම දෙයක්. අප හැමගේ ජීවිතවල පැවැත්ම තීරණය කරන්නේ කාලයයි. කාලය සොබාදහමත් එක්ක... මිනිස්සුන්ගේ සෝ සුසුම් එක්ක හරි පුදුම බැඳීමක් තියෙනවා. ඒ නිසා කාලය අරන් වැඩට බසීවි. හෙටවත්...
පොහොට්ටුවන්ට හොඳ වෙලාවක් සජිත්ගේ අලි තමයි කරන්න ඇත්තේ කියලා කියන්න...
සජිත්ගේ සාමාජිකයෝද?
මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්න......
ඔය පොලිස්පතිතුමාටත් ගැහුවේ වැටෙන්නම..