අග්‍රාමාත්‍ය ලේකම් ඉවත්කරයි අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු මොහොතකට පෙර ඉවත් කරනු ලැබීය. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ. 27 October 2018
ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙන යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි. 27 October 2018
ජනපති සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායම අද (27) රාත්‍රී 7.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවනු ලැබ ඇත. 27 October 2018
මෙය දේශපාලන කුමන්ත්‍රණයක් - චම්පික මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස ප්‍රකාශ කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක මහකා කියයි. 27 October 2018
අර්බුද එපා - පාර්ලිමේන්තුව කැඳවන්න රටේ අර්බුදයක් ඇති කිරීම අවශ්‍ය නැති බවත්, වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියයි. පාර්ලිමේන්තුවේ දී බහුතරය ඇත්තේ කාටදැයි බලා ගත හැකි බව ද එමහතා පවසයි. 27 October 2018
පාර්ලිමේන්තු සැසිය දින 21 කින් කල්තබයි පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දින 21 ක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව ලබන මස (නොවැම්බර්) 16 වැනිදා නැවත රැස්වීමට නියමිතය. 27 October 2018
සති 50 ක් බලයේ ඉන්න සත පනහට ඇද වැටිලා - හරීන් සති පනහක් බලයේ සිටීම වෙනුයෙන් ජනාධිපතිවරයා සත පනහට වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා කියයි. 27 October 2018
පොලිසියේ නිවාඩු අවලංගු කරයි දැනට රටේ උද්ගතව ඇති වාතාවරණය සැලකිල්ලට ගෙන වාහම ක්‍රියාත්මක වන පරිදි සියලුම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 27 October 2018
පාර්ලිමේන්තු සැසිවාරය මසකින් කල් දමන්න යයි පාර්ලිමේන්තු සැසිවාරය මාසයකින් පමණ කල්දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 27 October 2018
අමාත්‍යාංශ ලේකම්වරු අලුතින් පත් කිරීමට යයි අමාත්‍යාංශ ලේකම්වරුන් අද (27) දිනයේ අලුතින් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 27 October 2018
ඉරිදා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලීමක් පවතින දේශපාලන වාතාවරණය හමුවේ ඉරිදා පාර්ලිමේන්තුව රැස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 26 October 2018
බහුතර බලය ගැන රනිල් ජනපතිට ලියයි තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි බැවින් දිගටම අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දුන්නේය. 26 October 2018
එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ සහය මහින්දට මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 26 October 2018
අගමැති ධුරයෙන් ඉවත් කළ බව ජනපති රනිල්ට ලිඛිතව දැනුම් දෙයි තමා වෙත ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී ඇත. 26 October 2018
මහින්දට ගෝඨාභයගෙන් සුබපැතුම් අගැමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට සතුටින් හා ආඩම්බරයෙන් සුබපැතුම් එක් කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි 26 October 2018
ඒකාබද්ධ මන්ත්‍රීවරු රාත්‍රී 10ට නව අගමැති හමුවෙති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද රාත්‍රී 10ට මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ආරංචි මාර්ග කියයි. 26 October 2018
එජාප මන්ත්‍රීවරු අරලියගහ මැදුරේ සාකච්ඡාවක ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයේදී රැස්වී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. 26 October 2018
ප්රජාතන්ත්රවාදයේ කඩාවැටීමක් - සාගල රත්නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම ප්රජාතන්ත්රවාදයේ කඩාවැටීමක් බව තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කියයි. 26 October 2018
අගමැති මහින්දට මාලදිවයිනෙන් සුබපැතුම් මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත. 26 October 2018
මහින්ද පත් කිරීම නීති විරෝධියි - මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි. 26 October 2018
මහින්දගේ දිවුරුම් දීම අසා හම්බන්තොට රතිඤ්ඥා දල්වති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දුන් පුවත සැලවීමත් සමඟම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද (26) රාත්‍රීයේ රතිඤ්ඥා හඩින් ගිගුම් දෙන්නට විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වීදී බැස රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නගන්නට වූහ. 26 October 2018
මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. 26 October 2018
සන්ධානය ආණ්ඩුවෙන් අයින් වෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය. 26 October 2018
සෞදි මාධ්‍යවේදියාගේ ඝාතනය හෙළා දකිනවා - ජනපති සෞදි අරාබියේ මාධ්‍යවේදියෙකු තුර්කියේ දී ඝාතනය වීමේ සිද්ධිය ශ්‍රී ලංකා රජය හෙළා දකින අතර මෙවැනි සිදුවීම් ලෝකයේ කිසිඳු තැනක සිදු නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 26 October 2018
මත්තේගොඩ බැංකුවක් කොල්ලකයි මත්තේගොඩ රාජ්‍ය බැංකුවකට ගිනි අවි රැගෙන කඩා වැඳුණු පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කා පලා ගොස් ඇතැයි මත්තේගොඩ පොලිසිය කියයි. 26 October 2018
නාලක අත්අඩංගුවට ගත්තේ ඒ.එස්.පී ඝාතන කුමන්ත්‍රණයටයි - පොලිස් මාධ්‍ය ප්‍රකාශක හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ප්‍රධාන වශයෙන් අත්අඩංගුවට ගත්තේ සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න සිල්වා මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (26) පැවසීය. 26 October 2018
රාජපක්ෂලාත් විමලුත් හිටියේ කරුණා, පිල්ලෙයාන්, කේ.පීලාගේ කරට අත දමාගෙනයි කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ කේ.පීලාගේ කරට අත දමාගෙන සිටි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ විමල් වීරවංශලා හානි පූර්ණ පනතට විරුද්ධ වීම රටට විහිලූවක් බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය. 26 October 2018
ව්‍යාජ නෝට්ටු සමඟ මාලි ජාතිකයෙක් අත්අඩංගුවට රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 4 ක් සන්තකයේ තබාගෙන සිටි මාලි ජාතිකයකු පානදුර වලාන දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 26 October 2018
අග්නිදිග සරසවියේ සිසුන් 15 දෙනා රිමාන්ඩ් අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන සිටි පසුව අක්කරපත්තුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් තාක්ෂණ පීඨයේ සිසුන් 15 දෙනා නොවැම්බර් 1 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අක්කරපත්තුව මහේස්ත්‍රාත් ඇන්තනී පෝල් මහතා නියෝග කළේය. 26 October 2018
මිනිස් වෙළදාමට එරෙහි නීතී දැඩි කෙරේ මිනිස් වෙළදාමේ යෙදෙන විදේශ රැකියා නියෝජිතායතන වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 26 October 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026