ග්‍රේටා තන්බර්ග් ඇයට ලැබුණු පාරිසරික සම්මානය සහ ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
සම්මානය ප්‍රතික්ෂේප කරමින් ඇය පවසා ඇත්තේ දේශගුණික ව්‍යාපාරයට තවත් සම්මාන අවශ්‍ය නොවන බවයි.
තමාට මෙම සම්මානය පිරිනැමීම පිළිබඳව නෝර්ඩික් කවුන්සිලයට ස්තූති කරන බවත් එය විශාල ගෞරවයක් බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.
යූරෝ 40000ක ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය පැහැදිලි කරමින් ඇය පවසන්නේ දේශගුණික හා පාරිසරික ගැටලු සම්බන්ධයෙන් උතුරු දිග යුරෝපීයයන් හෙවත් නොර්ඩික් රටවල් ලොවපුරා විශාල කීර්තියක් ලබා ඇති බවයි.
"මේ ගැන පුරසාරම් දෙඩීමේ අඩුවක් නැහැ. ලස්සන වචනවල අඩුවක් නැහැ. නමුත් නොර්ඩික් රටවල දැවැන්ත බලශක්ති පරිභෝජනයෙන් පැවසෙන්නේ වෙනත් දෙයක්. ස්වීඩනයට හා බොහෝ උතුරු යුරෝපීය රටවල්වලට ග්‍රහලෝක හතරක සම්පත් තියෙනවා.
ගෝලීය උෂ්ණත්වය සීමා කිරීම සඳහා විද්‍යාව පවසන දෙය සහ ක්‍රියාත්මක වෙමින් පවතින දෙය අතර දැවැන්ත පරතරයක් තිබෙනවා. අප අයත් වන්නේ වැඩිපුරම යමක් කළ හැකි රටවල් අතරට. එහෙත් අපේ රටවල් තවමත් මූලික වශයෙන් කිසිවක් කර නැහැ" තන්බර්ග් මෙනවිය පවසන්නීය.
ඩෙන්මාර්කය, ෆින්ලන්තය තන්බර්ග් මෙනවියගේ මව්රට වන ස්වීඩනය නෝර්ඩික් කවුන්සිලයට අයත් වේ.
(බීබිසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලිවලට සම්මානවලට නැමෙන්නේ නැති අපේ රටේ උන්නු කැප්පෙටිපොල කොඳු නාරටියක් ඇති මේ ගෞරවනීය සහෝදරිය, දියණිය මේ රටේ කන් කෙඳිරි ගාන නායකයින් ගැන මහත් වූ පිළිකුලක් අප තුළ ජනිත කරයි. මැය තමන්ගේ ආත්ම විශ්වාසය පෞරුෂය ලෝක නායකයින් ඉදිරියේ පෙන්වූ මිහිකතගේ මාහැඟි තිළිණයකි.
යහපත් දරුවෙක්. ඇගේ කුඩා වයසට වඩා බොහෝ මුහුකුරා ගිය බුද්ධියක්, දැනුමක් ඇති, මේ ලෝකයටම ආදරය කරන, සොබා දහම ආරක්ෂා කරගැනීමට සටන් කරන ඇය වැනි දරුවන් බිහිකළ මව්පියන් මොන තරම් වාසනාවන්තද.. ආදරණිය දුවේ ,මේ ලෝකය ආරක්ෂා කරගන්න ඔබ දරන උත්සාහය පල ගන්වන්නට ඔබට දිරිය ශක්තිය නොඅඩුවම ලැබේවා.
දෙනෙත් හැර බලන්න.. පරිසරයට ඇත්තටම ආදරය කරන අය නිහඬව විශාල සේවයක් කරයි.
දුව ඔබත් සොබාදහම, පරිසරය වගේම සුන්දරයි...
සොබාදහමට විනාශ වූ තැන මිනිසාට පැවැත්මක් නැහැ. ඔය පොදි ගහගත්තු සල්ලි හෝ කීර්තිනාමය හෝ බලය වෙනත් දේවලින් කිසිවැඩක් නැහැ. මේ දරුවාගේ සටනට ජයපතමු..
ඕනවට වඩා පහත් වෙන්නත් හොඳ නෑ. යම්කිසි සාධාරණ ඇගයීමකින් ඕනෑම ව්‍යාපෘතියකට ලැබෙන්නේ වටිනාකමක්. ඒ මුදල ගොඩක් වටිනවා. එක කුඩා කැලයක් හරි වගා කරගන්න. සම්මානය වුණත් අරගෙන එයා දන්න වගේම විශිෂ්ඨ කෙනෙකුට නැවත දෙන්න තිබුණා. එතකොට අර වෙනත් තැනකින් ආපු ඇගයීම් ධාරාවට ලොකු වටිනාකමක් ලැබෙනවා.
ගහ කොළ සතා සීපාවට ආදරය කරනවානම් සොබාදහම මෙතරම් අකාරුණික වෙන්නේ නැහැ.
කටින් බතල හිටවන නාලිකා ඉදිරියේ වාචාල ලෙස දොඩවන ශ්‍රී ලාංකික මෑන්ලාට ජයවේවා !