(රොමේෂ් මධුෂංඛ)
ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ තෝරාපත් කරගනු ලබන අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් ඇතුලු පිරිසක් අතර යාපනයේදී අද (30) සවස පැවති රැස්වීමක් එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව වාර්තා වෙයි.
තැපල් ඡන්දයට පෙර දෙමළ ජනතාව වෙනුවෙන් ජනාධිපති අපේකෂකයා පිළිබඳව තීරණයක් ලබා දීමට අද සවස දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකවරු මෙසේ සාකච්ඡාවකට සහභාගී වූහ.
නමුත් සාකච්ඡාවට සහභාගී වූවන්ගේ පරස්පර යෝජනා හා තීරණ හේතුවෙන් එක් ජනාධිපති අපේක්ෂකයෙකු වෙනුවෙන් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එම සාකච්ඡාව පසුවට කල් දමා ඇති අතර නැවත රැස්වෙන දිනයක්ද තීරණය කර නොමැති බව දෙමළ පක්ෂ වල සාමාජිකයෝ පැවසූහ.
ජනාධිපති අපේක්ෂකයින් සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා 13 ට අත්සන් තැබූ දෙමළ ජනතා පෙරමුණේ නායක හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සහභාගී වී නොමැත.
මෙම සාකච්ඡාව වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරා , දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන්, ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී.ටී.සිද්ධාර්තන්, ටොලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් ඇතුලු තවත් සිවිල් සංවිධාන නායකයින් පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර උන්නැහේ නම් නොහිටි එකම හොඳයි. නමුත් සම්බන්ධන් වගේ මධ්‍යස්ථ මතධාරීන් සමහරවිට අවසාන එක්කෙනා වෙන්න පුළුවන්... ඒ නිසා ඒ අයගෙන් අපි ප්‍රයෝජන ගත යුතුමයි.
එ් කියන්නේ මහලොකුවට යෝජනා 13ක් ගෙනාවට එයාලම දන්නවා කරන්නේ සක්කිලි වැඩක් කියලා...
ජනපතිවරණය දිනුවත්, නොදිනුවත් මෙන්න මේවා තමයි තරඟ බිමට පැමිණීමෙන් රට, ජාතිය ලැබූ සැබෑම සැබෑ ජයග්‍රහණ. දෙදෙනාටම තව දුරටත් ඒ ප්‍රතිපත්තියේ පිහිටා සිටිමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා යන්න අපගේ ඒකායන ප්‍රාර්ථනයයි.
අපි අහුවුණා කියලා හිතාගන්නකෝ...
මොන යෝජනා ගෙනාවත් අනිත් මොන පක්ෂයක්වත් එකඟ වෙන්නේ නැහැ...
මේ ගොල්ලත් බොරුකාරයෝ බව උතුරේ ජනතාව දන්නවා.