(නිමල කොඩිතුවක්කු)
ප්රජාතාන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා කුරුණෑගල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන රැළියකට ගිය හෙලිකොප්ටර් යානය ගොඩබෑමට ඉඩනොදීම පිළිබද වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධාන තිස්ස අත්තනායක මහතා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත අද (31) දිනයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
කුරුණෑගල පැවති රැළියට සහභාගී වීම සදහා සජිත් පේ‍්‍රමදාස මහතා රැගත් හෙලිකොප්ටර් යානය ගොඩබෑමට අවස්ථාවක් ලබානොදීම හිතා මතාම කළ කඩා කප්පල් ක්‍රියාවක් බවට සැක මතු වන බැවින් මේ පිළිබද වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් තිස්ස අත්තනායක මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
පැමිණිල්ල භාර දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා :
‘‘රැස්වීම් ගණනාවකට සහභාගිවීමට නියමිතව තිබීම නිසා කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ(30) පැවති ජන රැලියකට සහභාගී වීම සදහා සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා හෙලිකොප්ටර් යානයකින් ගමන් කිරීමට සැලසුම්කර තිබුණා.
දඹුල්ලේ සිට කුරූණාගල දක්වා යාමේ දී, කුරුණෑගල ප්‍රදේශයේ ගොඩබෑම සඳහා අවශ්‍ය සංඥා එළි ක්‍රියාත්මක වූයේ නැහැ. සෑම ජනපති අපෙක්ෂකයකුට හිමි මෙම අවස්ථාව සජිත් පේ‍්‍රමදාස මහතාට ද ලබාදීම බලධාරින්ගේ වගකීමක්.
එම අවස්ථාවේ විදුලිය විසන්ධි වෙනවා නම් විකල්ප පියවරක් අනුගමනය කළයුතු වෙනවා. ඒය ක්‍රිඩාංගනය භාරව සිටි නිළධාරින්ගේ වගකීමක්. එතුමන් රැගත් හෙලිකොප්ටර් යානය ගොඩබෑමට අවස්ථාවක් ලබානොදීම හිතා මතාම සිදුකළ කඩා කප්පල් ක්‍රියාවක් බවට අපට සැක මතුවෙනවා. ඒ නිසා මෙම සිදුවීම ගැන වහාම පරික්ෂණයක් කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා’’ යැයිද ඔහු එහිදි පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හෙලිකොප්ටරයෙන් යන්නේ ජනතාව ළඟට බඩ ගාගෙන එනවා කියපු අපේක්ෂකයා නේද?
තිස්ස මහතෝ, මේවා ඔහෙලගේ ඡන්ද ගුණ්ඩු. අනුකම්පාව දිනාගන්න කරන බාලවැඩ. කවුරුත් අහුවෙන්නේ නැහැ.
මෙයා ගියපාර එහාට පැනලා ගහපු බයිලම දැන් මෙහාට ඇවිල්ලා ගහනවා. ව්‍යාජ ලේඛන එහෙම හදන එකක් නැහැ නේද?
සජිත්ගේ ඉඳන් එජාප කඳවුරේ සියළු දෙනාගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි... ඒ තමන් විපක්ෂයේ වගේ කථා කිරීම... ආණ්ඩුව තමන්ගේ බව තමන්ටම අමතක වෙලා...! මේ අය බලයට එනකොට ප්රභාකරන් හිටියා නම් අනිවාර්යයෙන් දැන් රටම අල්ලලා, අරලියගහ මන්දිරයේ ඉඳන් ජාතිය අමතනවා අපිට අහන් ඉන්න තිබුණා..
ආණ්ඩුව කාගෙද දන්නේ නෑ නේද? මෙහෙමත් බැරිබැරියාව තියන අපේක්ෂකයෙක් දැක්කමයි. සෙනඟ නැතුව ලැජ්ජාවට ගියා කියලා නම් හැමෝම දන්නවා..
වහාම පරීක්ෂණයක් පවත්වන්න. එයට කොමිසමක් පත්කරන්න. ඔහුට කාර්යාලයක් දෙන්න. පඩි ගෙවන්න. ඡන්දය ඉවර වුනාට පස්සේ වාර්තාව දෙන්න.
තමුන්ගෙම ආණ්ඩුවක් තියාගෙන එහෙම දෙයක්වත් හරියට සන්නිවේදනය කරගන්න බැරිවද මේ රටක් කරන්න හදන්නේ?
කොහොමද සනිපෙන්ද?
මෙන්න රටේ දැවෙන ප්‍රශ්න....
කුරුණෑගල පළාතේ බලවත් මන්ත්‍රීවරයෙක් මේ වැඩේට හවුල් කියලයි කියන්නේ... සමහරවිට ප්‍රේමදාස මහතාගේ ජීවිතයට තර්ජනයක් ඇතිවීමට පවා ඉඩ තිබූ මේ කඩාකප්පල්කාරී ක්‍රියාවට සම්බන්ධ කවුද කියා සොයාබලා ඒ සියලු දෙනාටම නිසි දඬුවම් දීමත් මේ ගැන සැබෑ තොරතුරු ජනතාවට හෙළිදරව් කිරීමත් අත්‍යාවශ්‍ය වෙනවා.
එහෙ ප්‍රාදේශීය සභාව පොහොට්ටුවේ... ඒ ගොල්ලෝ තමයි වැඩේ කරලා තියෙන්නේ.. මොනවා වුණත් ඒවා නිවට වැඩ..
මේක මහා ගොන් නාට්‍යයක්!. හෙලිකොප්ටර් ගොඩබාන්ඩ දැන් කාලේ ඕනෙම කලුවරක පුළුවන්!. කොටි ගහලා තුවාල වුණු රණවිරුවෝ ගේන්ට ඒ කාලේ කලුවරේම අපේ පයිලට්ලා හෙලිකොප්ටර් ගොඩබෑවේ මහා කැළෑවේ... එතකොට කොටි ටෝර්ච් පත්තු කරගෙන හිටියේ නැහැ..!
සුදුවෑන් එකකවත් නැද්ද කට්ටිය උස්සන්න. හයර් එකටවත් ගන්න...
මමත් හෙලිකොප්ටර් පයිලට් කෙනෙක් හැටියට දැනට වසර 23ක් ලංකාවේ සේවය කරනවා. මේ පුවත හාස්‍යයට කරුණක්. ලයිට් නැති තරමට මට නම් හෙලිකොප්ටර් එක බිමට බාන්න ලේසියි. බාන තැන වෙන ලයිට් තිබුණොත් ඇස්වලට අමාරුයි. එහෙම වුණොත් බාන ලොකේෂන් එක අවුල් වෙනවා. මේ නිසා තමයි DC 8 ගුවන් යානයක් එක්දහස් නමසිය හැත්තෑ ගණන්වල නෝටර්න් බ්රිජ්වල කන්දේ හැපුනේ... ඔවුන් ලක්ෂපාන විදුලිබලාගාරේ ලයිට් දැකලා ගුවන් යානය පහත් කරලා. ඕනෑම ගුවන් යානයක GPS ස්ථානය හරියටම දෙනවා. අද තියෙන අධිනවීන තාක්ෂණය ඔස්සේ මුළු පළාතම මීදුමින් වෙලාගත්තත් හෙලිකොප්ටර් එකක් බාන්න පුළුවන්. අනෙක හෙලිකොප්ටර් එකෙත් අධි බල ෆ්ලෑෂ් ලයිට් එකක් තියෙනවා. මට ආරංචි විදියට රැස්වීමට සෙනඟ නැති නිසා ආපහු හරවාගෙන ගියාලු...
හිටපු ගරු මහලේකම්තුමනි, මේ කාරණය ඉක්මණින් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න.
ලකුණු දාගන්න වැඩක්.