(මුදිතා දයානන්ද)
ඇමැතිකමෙන් හෝ වෙනත් ධූර වලින් හෝ ඉවත් වන්නේ නැති බවත් දිගටම ඇමැතිකමේ කටුයතු කරන බවත් රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා අද (30) පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයදීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් දැන් සිදුවන දේවල් හේතුවෙන් අනාගතයේ දී ඒ ගැනත් සළකා බලන්න සිදුවෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ වසන්ත සේනානායක මහතා මෙසේ ද පැවසීය.
‘‘දේශපාලනික වශයෙන් මාව නැති කරන්න සමහරුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ නිසා මාව පක්ෂයෙන් හා මා දැරු තනතුරුවලින් ඉවත් කරන බවට එක්තරා පුද්ගලයෙක් මාධ්‍යයට පවසා තිබුණා.
මම හිටියේ මේ ඇමතිකමනේ ඉල්ලා අස්වෙන්න. එහෙම කරලා සිවිල් පුරවැසියෙක් ලෙස ඔහුට සහය දෙන්නයි හිතාගෙන හිටියේ. දැන්නම් මම ඇමැතිකමෙන් අයින් වෙන්නේ නැහැ. පුලුවන්නම් ඉවත්කර පෙන්වන ලෙස මම අභියෝග කරනවා. මගේ පිටිපස්සෙන් ඇවිත් මට පහරදීලා කොනිත්තලා මාව ආපස්සට හරවා ගත්තා.
පක්ෂ සාමාජිකත්වය සහ රාජ්‍ය අමාත්‍යධූරයෙන් තමා ඉවත්කර තිබෙන බවට යම් යම් පාර්ශවයන් ප්‍රකාශ කළත් ඒවා සම්පුර්ණයෙන්ම බොරු.
මෙය පක්ෂය විසින් ගත් තීරණයක් නොව අත්වැරදීමකින් සිදුවූවක් බවට එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා මට දුරකතන ඇමතුමක් ලබාදී පැහැදැලි කළා. නිදහසට කරුණු විමසීමක් නොකර කිසිදු විමර්ශනයක් සිදුනොකර පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ නොහැකියි.
දින 52 ආණ්ඩුවෙන් ඉවත් වූ පසුව ඇතැමුන් අවස්ථා කිහිපයක දී තමාගේ නිවෙසෙට පැමිණ යළි කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය තුළ තමාට කෙණෙහිලිකම් නොකරන බවට දැනුම් දුන් නමුත් අද වනවිට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා. ඔවුන් මගේ නිවසට ඇවිත් කළ කී දේවල් ගැන සාක්ෂි මා සතුව තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් මට ලොකු විශ්වාසයක් තිබුණා. එහෙත් ඔහු වටා සිටින පිරිස ගැන මට විශ්වාසයක් නැහැ. සජිත් ප්‍රේමදාස මහතා තරාදියේ එක පැත්තකටත් ඔහු වටා සිටින මා අනුමත නොකරන පිරිස එහි අනෙක් පැත්තටත් දැම්මාම සජිත් මහතාගේ පැත්ත බර වැඩිනම් ඔහුට සහය දෙනවා.එසේ නොවේ නම් මට කණගාටුවෙන් වුණත් වෙනත් තීන්දුවක් ගන්න සිදුවෙනවා. මා සම්බන්ධයෙන් මෙවැනි තීරණයකට එළැඹි පුද්ගලයින් දෙදෙනාගේ ඉවත්වන කාලය ඉතාම ළඟයි.
මම ගෝඨාභයට සහය දෙන බවට අද ප්‍රකාශ කරයි කියන බයට තමයි මාව මේ විදිහට ඉවත් කළේ. කොන්ද පණ නැති මෙවැනි පුද්ගලයන්ට මම බය නැහැ.
ඩී.එස් ගේ එක්සත් ජාතික පක්ෂය අද වනවිට සිටින තැන සම්බන්ධයෙන් කණගාටු වෙනවා. එදා තිබුණ ඒ පක්ෂය ආසන්නයට හෝ සජිත් ප්‍රේමදාස මහතාට ගැනීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කළා.
සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දුන්න ද ඔහු පරාජය කරන්න එක්සත් ජාතික පක්ෂයේම යම් යම් පාර්ශවයන් උත්සාහ දරනවා. ඒ අය මේ මැතිවරණයේදී වැඩ කරන්නේ නැහැ'' යැයිද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ආයෙත් යූටර්න් එකක් ගහලා වගේ. ගෙම්බන්ටත් අපහාසයක්..
ලැජ්ජාවක් නැතිව කියවන හැටි. මහ හපන්කමක් වගේනේ කියවන්නේ පැත්තෙන් පැත්තට... ලංකාවෙම ඉපදුණු හින්දා හොඳා ඉතිං...
කරන කියන වැඩ දැක්කම හිතන්නේ ඔබතුමා සුදුසු පාර්ලිමේන්තුවට නොවේ...
විලිලැජ්ජා නැති කතාවක්...
පක්ෂයෙන් එළවන්න නෙමෙයි, මිනිස්සු එකතුවෙලා ඉන්න පැත්තෙනුත් ගහලා එලවන්න ඕනේ...
ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක අභීත නායකයින්ට මහා අපහාසයක්නේ වෙන්නේ...
ගිය ඔක්තෝබර් ගත්ත කෝටි පහ බෙදනවා කියලා මිනිස්සු එන්න ලැස්ති වුණා නේද?
ඇමතිකමෙන් හෝ වෙනත් ධුරවලින් හෝ ඉවත් වන්නේ නොමැති නම් ඔබ කාර්යභාරයක් නොමැති ඇමති වනු ඇත. මේ මනුස්සයාට අර හිටපු අධිකරණ අමැතිට වගේ එකතැන වැඩි දවසක් ඉන්නට බැරි බව පේනවා..
වසන්තගේ පළමු ප්‍රශ්නයට අද රනිල් උත්තර දුන්න. සජිත් දිනුවොත් අගමැති රනිල් ඇමතිවරු නම් කරන්නේ අගමැති.
මෙයා ඇත්තටම මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන් ගේ මුණුපුරෙක්ද..? ලැජ්ජයි මහත්තයෝ...
"...දැන්නම් මම ඇමතිකමෙන් අයින් වෙන්නේ නැහැ. පුලුවන් නම් ඉවත් කර පෙන්වන ලෙස මම අභියෝග කරනවා..." මෙවැනි දේවල් ගැන අහන්න ලැබීමත් අපේ පවක්...
පව් මෝඩකමට කරගන්න දේවල්...
කොතන හරි වැරැද්දක් තියනවා කියන එක නම් පිරිසිදුව පේනවා...
ලැජ්ජා නැතිකම රාජ්‍ය ඇමැතිකමටත් වඩා ලොකුයි...
ඔය අය හරියට කඳුකරයේ ඇවිදින විට කකුල්වල එල්ලෙන එවුන් වගේනේ... දත ගහගත්තම ගලවගන්නේම නැහැ. ඒ සත්තු බඩපිරුණාම ඉබේ හැලෙනවා. ඔය ගොල්ලෝ එහෙම කරන්නේ නැහැනේ.
මෙතුමා කියන්නේ ඇත්තයි. සජිත් ඕනෑ කියලා මුලසිටම කියපු අතලොස්සෙන් මෙතුමාත් එක් අයකු බව කව්රුත් දන්නවානේ. මෙතුමා හිතන්න ඇති රනිල්ට වඩා පිරිසිදු රටට ආදරේ කෙනෙක් තමයි සජිත් කියන්නෙ කියලා. වසන්ත මහතා සජිත් මහතාට යොමුකලේ කාලීනව ලංකා දේශපාලනයට වැදගත් ප්‍රශ්න කීපයක් හා ඒවාට පිළිතුරු. නමුත් සජිත් මහතාට රට ජාතියට වඩා ජනාධිපතිකමට ඇඹලවෙලා මුලසිටම පාක්ෂිකයින් පිළිකුල්කළ පුද්ගලයන් නැවත ගාවාගත්තා. අතීතයේ සේනානායක මහතුන් නොසිටියා නම් මේ තරමටවත් නැගෙනහිර පළාත කොහොමට වෙන්න තිබුණාද? ඒ සේනානායක මහතුන්ගේ ලේ තමයි මෙතුමාගේ ශරීරයේ දුවන්නේ... පවතින රජයන් වැරදි මාර්ගයේ යනවිට මුදලට, වර්දානවලට යට නොවී කරන්නේ ගෙඹිපැනීමක් නොව අතිශය තීරණාත්මක මොහොතක ගතයුතු තීරණයකි. එසේ බලනවිට රටේ බහුතරයක් පාවෙන ඡන්ද දායකයින්ටත් ගෙම්බෝ කියලා කියනවාද? එයාලා වහල්කමෙන් මිදිලා එකවරක් අර පක්ෂයට... අනෙක් වර ආයේ අනිත් පක්ෂයට ඡන්දය පාවිච්චි කරනවා. 2015 දීත් එහෙමකළා. මෙවරත් ඔය ඡන්ද පාවෙනවා. මහා බ්‍රිතාන්‍යයේ, ජපානයේ ඇමතිවරු වෙනස් තීරණ ගැනීම ලංකාවට වඩා වැඩියි.
ආදිවාසි චරිතයක්... කෑමට වැඩකරන ජාතියේ වහල් චරිතයක්... සේනානායක පරපුරේ නම ගාගත්තට වැඩ නම්...!!!
අපි අනුකම්පා කරමු...
බයියන්ට නම් ඉතින් වීරයෙක්...!
මෙහෙම චරිත තමයි ඔය දියවන්නාවේ වැඩි පිරිසකට තියෙන්නේ...
ප්‍රතිපත්තියක් වගේම කොන්දක් නැතුව හතර අතට වැනෙන කෙනෙක්. නැවත මෙයාට පාර්ලිමේන්තුවටනම් එන්න ලැබෙන්නෑ. මිනිස්සු මේ වගේ අයට ඡන්දේ දෙන්නේ නෑ.