(ඩයනා උදයංගනී)
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 15ක් එක්ව පිහිටුවන ‘ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම එම දෙපාර්ශවයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්රී ලංකා පදනම් ආයතනයේ දී හෙට (31) පෙරවරු 9.30ට සිදුකෙරේ.
මෙහි සම නායකයින් ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්රීපාල සිරිසේන, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් පත්කෙරෙන අතර සභාපති, මහලේකම්, සමලේකම්, උප සභාපති ආදී සෙසු තනතුරු සඳහා පුද්ගලයින් නම්කිරීම ජනාධිපතිවරණයෙන් පසුව සිදුකෙරෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම තනතුරු ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර මෙන්ම මෙම සන්ධානයේ සෙසු සාමාජික පක්ෂ වෙත ද ලබාදීමට නියමිත බව මහලේකම්වරයා කියා සිටියේය.
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ මහජන එක්සත් පෙරමුණ ඇතුළු ශ්රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පක්ෂ 15ක් එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බව ද අමරවීර මහතා සඳහන් කළේය.
ඉදිරි මහ මැතිවරණය ඇතුළු මැතිවරණවලදී ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ ‘පුටුව’ ලකුණින් තරග කිරීම සඳහා මෙම ගිවිසුම අත්සන් තැබෙන බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා සඳහන් කළේය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, එම පක්ෂයේ නායක හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් හා එම දෙපාර්ශවයේ නියෝජිතයින්, සෙසු පක්ෂවල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2009 දී මහින්දට ලැබුනේ දුටුගැමුණු මහරජතුමන්ට ලැබුනා වැනි අවස්තාවක්. දුටුගැමුණු රජතුමා රට සශ්රීක කළා පමණක් නොව ජාතික සමගිය ඇතිකොට මහා සංස්කෘතික පෙරලියක් ඇතිකළා. 2009 දී අපිත් 'මහා රජාණෙනි' කියලා අවංකවම කටපුරා කිව්වේ හරි අභිමානයෙන්, මුළු හදවතින්. අනේ ඒ ස්වර්ණමය අවස්තාව පවුලේ කට්ටියයි, හෙන්චයියෝ ටිකයි එකතුවෙලා විනාශ කරපු හැටි. දැන් ඉතින් සන්ධාන අටවාගෙන එන්නේ මොකටද කියන්න අපි හොඳින්ම දන්නවා.
පාර්ලිමේන්තුවේ ගුටිකෙලි කරන සෙට් එකක් එක්ක ඉදිරියට යන්නේ... ඔක්කොම අවලංගු කාසි වගේ...
ජේ.ආර් ව්යවස්තාව හැදුවේ එක් කෙනෙකුට... අවු 10ක් තුළ රට හදන්න බැරිනම් එයාට කවදාවත් එය කරන්න බැහැ කියන පදනමේ ඉඳන්. ඉතින් සන්ධානෙට නායකයින් තොරාගන්න කොට එය සිහියට ගත යුතුයි.