(ඩයනා උදයංගනී)
හෙක්ටයාර 446 ක වපසරියකින් යුත් වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත නිල වශයෙන් පැවරීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (30) සිදුකෙරිණි.
එම අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම පැවරුම් සහතිකයට අත්සන් තබා ඇත.
චීන සමාගමක් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක ආයෝජනයකින් පුරවන ලද වරාය නගර භූමිය සම්පූර්ණයෙන්ම ශ‍්‍රී ලංකා රජයට අයත් වන අතර එහි හෙක්ටයාර 116 ක ඉඩම් ආයෝජනය කිරීම සඳහා අවුරුදු 99ක් සඳහා බදු දීමේ අයිතිය චීන සමාගම වෙත පැවරී තිබේ.
මෙම බදුදීම සිදුකරනුයේද නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ, චීන තානාපති ෂෙං ෂුයැං, චෙක්පෝට්සිටි පෞද්ගලික ආයතනයේ කළමනාකරණ අධ්‍යක්‍ෂ ජියැං හූලියැං යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කෑල්ලක් චීනයට අවුරුදු 99ට බදු දුන්නට කමක් නැද්ද? ඒක තීරණය කලේ කවුද? රට නොරටුන්ට විකුණන කතාව මෙතනට අදාල නැතිද? මහින්ද, ගෝඨාභය, වීරවංශ, සජිත් මේක ගැන කථා නොකරන්නේ ඇයි?
චීනයට සින්නක්කර ඔප්පුවකින් නේද පසුගිය රජය ඔය ඉඩම පැවරුවේ. ඒක මෙහෙම හරි ආපහු ගන්න කටයුතු කලාට මේ රජයට ස්තුතියි. මේ රජයෙන් කල වැදගත්ම හොඳ දේ ඒක වෙන්න ඕන.