(රංජන් කස්තුරි)
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ රවි විද්‍යාලංකාර මහතාගේ බිරිඳ සහ පුත්‍රයා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන්නැයි මැතිවරණ කොමිසන් සභාව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
මැතිවරණ කොමිසන් සභාව එම දැනුම්දීම කර ඇත්තේ රවී විද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා විසින් මැතිවරණ කොමිසන් සභාවට කරන ලද පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමිනි.
මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශ්‍රාමික රවී විද්‍යාලංකාර මහතාගේ පුත් අසේල ජයම්පති රාජසුන්දර විද්‍යාලංකාර මහතා මැතිවරණ කොමිසමට පැමිණිලි කරමින් ඉල්ලා ඇත්තේ තමාට සහ තමන්ගේ මවට මේ මස 4 සහ 5 යන දිනයන්හි මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශ ලබා දෙන ලෙස දන්වා තිබෙන බවය.
තමන් සහ මව එම දිනවල මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශ ලබාදීම පිළිබඳව මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදෙන ඇතැයිද එමගින් ජනාධිපතිවරණයේ අපේක්ෂකයකුට විශාල වාසියක් සිදුවන බවද එම පැමිණිල්ලේ සඳහන් කරන අසේල විද්‍යාලංකාර මහතා තමාට සහ මවට මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණීම ජනාධිපතිවරණය නිමවූ පසුව එනම් මේ මස 20 වැනිදායින් පසුව සිදුකරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කපටි මිනිස්සු.
අසත්‍ය ප්‍රචාරයක්, අසත්‍යය බව සඟවා එහි වාසිය ඒ අපේක්ෂකයාට ලබා දීමට,මැතිවරණ නීතියේ පිහිට ලබා ගැනීම සාධාරණීකරණය කරන්නේ කොහොමද ?
එහෙනම් ලෝකයේ සියලුම පොලිස් පරීක්ෂණ කල්දාන්න ඕනේ.. විහිළු තමයි. ඡන්දෙයි, නීතියයි අදින්න හදනවා...
රවි මහත්මයා කරුණු හෙළිදරව් කළාට පස්සෙද.. කලු සල්ලි ප්‍රශ්නෙ මතු වුනේ..? ඊට පස්සෙද මේක හොයා ගත්තේ...? සිද්ධියේ ඇත්ත නැත්ත කොහොම වෙතත් මේක තනිකරම පළිගැනීමක්...
ප්‍රකෝටි ගණන් මහජන මුදල් හොරාකාපු නඩු ඔක්කොම උසාවියෙන් ප්‍රතික්ෂේප වුනේ ඒ නඩුවල ඉදිරිපත් කරපු පොලිස් වාර්තා වැරදි නිසා. මේවට මේ නිලධාරින් සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ... රටේ රාජ්‍ය නිලධාරින් මෙහෙම නම්... අපේ රටට අබසරණයි.
අපේ ඡන්දය, අවසාන ප්‍රතිඵලය කෙරෙහි වඩාත්ම බලාපොරොත්තුවෙන් ඉන්නේ චූදිතයන් රැසකි. ඔවුන් සියල්ල නිදොස් වීමට, නඩු වලට වඩා, තම අපේක්ෂකයාගේ ජයග්‍රහණය කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටියි. ඉදිරියේ දී සිදුවන දේ ඉතා පැහැදිලියි.
එහෙමනම් පුතා දන්නවා පියාගේ බරපතල කම්... මේ අපේක්ෂකයා එක පැත්තෙන් නඩු අහන්න දෙන්නේ නැහැ. තහනම් නියෝග ගන්නවා. අධිකරණයත් ඔහු ඉල්ලන නියෝග දෙනවා. අනිත් පැත්තෙන් මේ තහංචියක්. ඔහු බලයට අාවොත් රටට අධිකරණ පද්ධතියක් අවශ්‍ය නැහැ. කැලේ නීතිය තමයි ඉතින්.
දැන් බලාගෙන ගියාම ඕනෙම රජයේ නිලධාරියෙකුට ඕනෙම හොරකමක් කරලා පොලිසියෙන් අල්ලන්න එනකොට කියන්න පුළුවන්නේ ඡන්දෙන් පස්සේ එන්න කියලා, මේක මහවිකාරයක්.. විශාල ජාත්‍යන්තර හොරකමක් කරලා, අල්ලන්න කියලා පිටරටකින් සවිස්තර වාර්තාවක් දීලා තිබෙනවා. මේකට ඡන්දෙත් එක්ක තිබෙන සම්බන්ධතාවය කුමක්ද? මොහු ඡන්දෙ ඉල්ලන්නේ නැහැනේ? ඡන්දෙන් පස්සේ මේ ගොල්ල හොයනකොට අර අර්ජුන මහේන්ද්‍රන් වගේ පිට රටකට පැනල හැංගිලා ඉඳීවි..
වැරදි හොයන්නත් නැකතක් තියනවද? මරු රටක් මේක.. වැරැදි නැතිනම් බොරුවට කල්මරන්න අවශ්‍ය නැහැ නේද උගත් පුරවැසියනි...
ලොකුම ගොට්ටා තමයි මැකෝ.. ස්වාධීන මැතිවරණ කොමිසම නෙමෙයි, රාජපක්ෂ මැතිවරණ කොමිසම කියලා නම වෙනස් කරන්න ඕනෑ.
බටහිර රටවල නම් මෙවැනි විශාල වංචාවක් කළ බවට සාධාරණ සාක්ෂි තිබෙනවා නම් නීතිපති දෙපාර්තමේන්තුව කරන්නේ, කාර්යාල සෝදිසි කිරීමට සහ අවශ්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් අරන් ගිහින් අදාල පුද්ගලයන් සහ ලියකියවිලි, පරිගණක දත්ත ගබඩා අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කිරීමයි. මේ විදිහට ඡන්දෙන් පස්සේ එන්න කියන්නේ නැහැ. එහෙම කළාම සියලුම සාක්ෂි විනාශ කිරීමට සහ පරීක්ෂණ කරන නිලධාරීන්ට බාධා කිරීමට ඕනේතරම් කාලය තිබෙනවා. මෙතැනදී පොලිසිය කෙලින්ම සැකකරුවන්ට වාසිවෙන විදිහට ක්‍රියාකරන බව පේනවා. මේ සැකකරුවන් දෙදෙනාම ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. මේ ප්රශ්නය ඡන්දයට කිසිම සම්බන්ධයක් නැහැ.
ඔව් ඔව් එහෙම කොහොමද ? නැත්නම් සාධාරණය ඉෂ්ඨ වෙයිද?
බොහෝ රජයේ සේවකයන් තමන්ට ව්‍යාපාර කටයුතු වල යෙදෙන්න තහනම් බව දන්නා නිසා ව්‍යාපාර කරන්නේ භාර්යාවගේ, දරුවන්ගේ සහ සහෝදර සහෝදරියන්ගේ නමින්. අනිවාර්යයෙන් මේ ජාවාරමට පොලිස් නිලධාරියා හවුල්.