(රංජන් කස්තුරි)
ජනාධිපතිරවණය පැවැත්වෙන අවස්ථාවකදී ජනතාව මුලානොකර මිලේනියම් චැලෙන්ජ් සහයෝගීතා ගිවිසුමෙන් (MCC) රටට සිදුවන හානියක් වේ නම් ඒ පිළිබඳ හෙළිකරන්නැයි අභියෝග කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.
එහිදී මෙසේ සඳහන් වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කෝටම කලින් අත්සන් කරන්න යන ගිවිසුම ජනතාවට හෙලිකරන්න. එතකොට ඔවුන් හානියක් තිබේද? සොයාබලා තිබේ නම් හෙළිකරාවි. වරදක් නැත්නම් මොකද මේ හැංගිලා කඩිමුඩියේ අත්සන් කරන්නේ..?
මෙච්චර මේ ගැන කතා කියන එකේ මොකද ඔය ගිවිසුම මහජනතාවට පෙන්නන්ට බැරි!. මොනවද මේ හංගන්නේ? විලිලැජ්ජාවක් තියෙනවා නම් ඕක හංගන්නේ නැතුව හෙලිකරන්න. මේ ගැන වහාම මහජනයා දැනුවත් විය යුතුයි. සැවොම මේ ආණ්ඩුව ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි.
ලංකාවට ලැබෙන ප්රතිලාභ නම් කිව්වා.. ඒත් මේක ගිවිසුමක් නිසා ඇමෙරිකාවට මොනවද ලැබෙන්නේ? පිනටද මෙච්චර මුදලක් දෙන්නේ..?
රජයේ ඉඩම් අක්කර ලක්ෂ ගණනක් ඇමෙරිකාවට දෙන්න යන්නේ... ඊගාවට ඇමෙරිකන් හමුදාවට ඕන ඕන වෙලාවට මෙහෙ යන්න එන්න පුළුවනි. වීසා නැතිව...ඒ අය අපේ කවුද...? හරි බලමුකෝ... අපි සංවිධානය වෙනවා. හැංගිලා ඉඳලා ඇමෙරිකන් හමුදාවට ගරිල්ලා වර්ගයේ සටනක් දෙන්න. දවසකට එකෙක් මරාගත්තොත්... අවුරුද්දකට 350ක්... ඇමෙරිකන් කාරයගේ මළගම ශ්‍රී ලංකාවයි.
ජනාධිපතිවරණයට දින 15යි. අපේ රට සහ වෙනත් රටක් සමග ගිවිසුම්ගත වෙන්න පුදුමාකාර හදිස්සියක් තියෙන්නේ. අපට නම් හිතාගන්න පුළුවන් යන යකා කොරහත් බිඳගෙන යන බව. නමුත් මොවුන් මේ රටට මේ තරම්ම ද්රෝහීවෙන්නේ අපේ රට මොවුන්ට මොනවා කළාටද කියලයි නොතේරෙන්නේ..? ජනතාවට පෙන්නලා, ජනතා අදහස් විමසලා ගිවිසුම් ගහන එක ප්රජාතන්ත්රවාදයේ කොටසක් නෙවෙයිද? අනික මොවුන්ගේම අපේක්ෂකයා දෙසාබානවා. දස රාජ ධර්මයට රට පාලනය කරනවයි කියලා. එතකොට අපි අහන්නේ රටේ මිනිස්සුන්ට කොලේ වහලා තවත් රටක් එක්ක ගිවිසුම්ගත වෙන එක ඔය අපේක්ෂකයාට ගැටළුවක් නැද්ද කියලයි. අනේ මෙහෙමත් මිනිස්සු...
ඔය කෑගහලා මැරෙන්න යන අයට ඔය ගිවිසුම හොයාගෙන කියවලා වැරදි දේවල් විවේචනය කරන්න පුළුවන්නේ...
ඔක්සිජන් නැතිව හුස්ම ගැනීමට අපහසු යැයි සිතේ නම් ඒ ගැන හෙළි කරන්න.
ඇයි ගොනාට ඉස්සරහින් කරත්තය තියන්නේ? පළමුව පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් ඉදිරිපත්කර බහුතරය කැමති නම් අත්සන් කරන්න හැකිනේ...!
ගිවිසුම පෙන්නන්නේ නැතුව කොහොමද ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්නේ?
ගිවිසුම හොඳද, නරකද කියන්න ඉස්සෙල්ලා අපිට මේක බලන්න ප්‍රසිද්ධ කරන්නකෝ...!!
ඇමැතිතුමනි, එක දවසක් ටීවී එක ඉස්සරහ වාඩිවෙලා ප්රවෘත්ති බලන්න. අන්න එතකොට ඔබතුමාටම බලගතහැකියි ගිවිසුමේ හොඳ නරක...
හොරෙක් කඩේට ගිහිල්ලා සල්ලි දීලා මොනවා අරන් ගියත් දකින එකා කියන්නේ හොරකම් කරන් යනවා කියලා. ඒ වගේ තමයි හොර තක්කඩි වැඩමනේ කරන්නේ. අනෙක තව පෙන්නන්න දෙයක් නැහැ. ඔක්කොම පෙන්නලා දීලා ඉවරයි. ඇහුනේ නැත්ද? පේන්නේ නැත්ද?
ඇමෙරිකාව ඩොලර් මිලියන 480 දෙන්නේ අපිට තියන ආදරේට.. ඔබලාට ඕවා තේරෙන්නේ නැහැ.
මතක හැටියට ඔබතුමා තනියම තීරණ අරගෙන රටට අනවශ්‍ය දේ කලිනුත් තනියම රටට හොරෙන් ලෝකයට ඉදිරිපත් කළා. මේ ඕක අකුලාගන්න, මොකද ශ්‍රී ලංකා කියන්නේ ඔබේ බූදලයක් නොවේ.
හොඳම දේ නම් ඔය ගිවිසුම ප්‍රසිද්ධ කරන එක... කිසිම කෙනෙක් තමන්ට වාසියක් නොමැතිව ගිවිසුම් සකස් කරන්නේ නැහැ. නිකන් දෙන්න ඇමරිකාවේ ඉඳලද අපේ මුතුන් මිත්තෝ ආවේ? නැතිනම් පැරණි ලාංකිකයින්ගෙන් පැවතෙන පරම්පරාවක්ද ඇමරිකාවේ ඉන්නේ? අනික ඇයි මේ හදිස්සියේ? ශරීර කෘත්‍යයේ අවශ්‍යතාවය එහෙම ඇතිවෙලාද?
මේක කලින් අත්සන් කරන්න යන්නේ මහින්ද අගමැති වුනොත් මේක දෙන්නේ නැති නිසයි. 2005දී මහින්ද මේක ගන්න හැදුවේ මංගල යවලා. එ්ත් ඒක දුන්නේ නැහැ. මේ මගින් ගම දියුණු කරන්න, පාසල්, රෝහල් දියුණු කරන්න පුළුවන්. ඔය දේශපාලුවෝ කලබල වෙලා තියෙන්නේ මෙමගින් දියුණුවන ගම්වල ජනතාව ගොනාට අන්දලා පාලම්, බෝක්කු විවෘත කරගන්න බැරි වෙන නිසයි. ගම දියුණු වුණොත් මෙයාලට ඡන්දෙ දෙන්නේ කව්ද?
හොරකම, වංචාව නැවැත්තුවොත්, පාලකයෝ අවංකනම් පිටරට ගිවිසුම් නැතුව රට ගොඩගන්න පුළුවන්...
රටේ ගමේ දියුණුව පසුවට තබා අපි රට රැකගනිමු. මහා අත්වරදකින් ඔබලාව පත් කර ගත්තා. ඒ සාපය මා පමණක් නොව රටම අත් විඳිනවා. ඉදිරි දිනවලදී අපි එය නිවැරදි කරනවා. සාමයේ මල් පිපෙනවා...!!!
ජිනීවා ගිහින් අපේ රටට විරුද්ධව දෙමළ ඩයස්පෝරාවේ යෝජනාවට පක්ෂව අත උස්සපු මංගලට රට විකුණන එක දෙයක් නෙවෙයි. ඒ නිසා මොහුගේ කතා විශ්වාස කරන්න එපා. චන්ද්‍රිකායි, මංගලයි 98දී කැබිනට් එකටත් නොකියා ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් ගුවන් සමාගමට විකුණලා ලංකාවේ සංචාරක කර්මාන්තය විනාශ කළොත් ඔහොම හොරෙන්.... එමිරේට්ස් ලංකාව වෙනුවට මාල දිවයිනට සංචාරකයන් ඇරියා...
අතින් වියදම් කරලා අපේ ඉඩම් මැනලා සිතියම් ගත කරලා අපට දෙන්න ඇමරිකාවට තිබෙන අවශ්‍යතාවය කුමක්ද ?
හිතෙන හිතනෙ ගිවිසුම් ගහලා එක එක රටල්වලට මේ රට විකුණන්න මේක ඔහෙලගේ බූදලයක් කියල හිතුවද?
මෙන්න අපේ මුදල් ඇමතිගේ අපුරු කතාව. ඩොලර් මිලියන 480 කට රට විකුණන එක සාධාරණය කරන්න හදනවා. අපි විදේශ සේවයේ ඉන්නවා ලක්ෂ 14 ක් පමණ. මේ ඩොලර් මිලයන 480 වගේ කීප ගුණයක් අපි මාසෙකට එවනවා අපේ රටට. මාසෙකට එක්කෙනෙක් ඩොලර් 500ක් එව්වොත් ඩොලර් මිලියන 700ක් ලැබෙනවා. අපිට මොනවද මේ රජය කළේ? අපි එවන මුදලටත් ටැක්ස් ගහනවා ඇරෙන්න. ඉස්සෙල්ගාම ඔය ගිවිසුම ප්‍රසිද්ධ කරන්න බලන්න.
ඔච්චර සද්භාවයෙන්නම් ඔය ගිවිසුම ගේන්නේ ඇයි ඕක ජනතාවට විවෘත කරන්න බැරි? ඔය ගිවිසුම කියවන මහත්තුරු ටිකක් කියන්න ඕක කොහෙන්ද ගන්න පුළුවන් කියලා? අපිත් කැමතියි ඕක ගැන දැනගන්න.
සල්ලි ලැබෙනවානම් ඕනේ දෙයක් කරයි.
මෙතෙක් කලක් පැවැති ආණ්ඩු විදේශීය සමාගම් හා රටවල් සමඟ අත්සන් කළ ගිවිසුම්වලින් රටට සෙතක් වෙනුවට සිදුවූ අහිතකර බලපෑම් වැඩිනිසා ජනතාව තුළ මෙවැනි ගිවිසුම් සම්බන්ධයෙන් සැක මතුවීම සාධාරණයි. ගිවිසුමෙන් සිදුවන්නේ රටට සෙතක් නම් එය ජනතාවටත්, පාර්ලිමේන්තුවටත් වසන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැනේ. ආණ්ඩුව මේක හංගන එක තුළම සැකයක් ඇති කරනවා. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට එය සංවාදයට ගන්න පුළුවන් කියලා ඇමෙරිකානු තානාපති කාර්යාලය කියලා තිබෙනවා. ඒකෙන් කිසිම වෙනසක් කරන්න බැහැ. හොඳම ක්‍රියාමාර්ගය නම් ජනතාව දැනුවත් කර පාර්ලිමේන්තුවත් දැනුවත් කර ඇති කරගන්නා සංවාදයකින් පසු රටට හිතකර ලෙස ගිවිසුම් අත්සන් කිරීමයි. නැත්තන් මෙතන වෙන්නේ කොලේ වහලා ගැහිල්ලක්...
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමෙන් හානියක් වේ නම් ඒ ගැන හෙළිකරන්නලු... හෙළි කරන්න තමයි පාර්ලිමේන්තුවට ගේන්නේ කියන්නේ. නැතුව ඔවැනි දෙයක් කඩපිල්වල කතා කරන දෙයක් නොවෙයි, මංගලයෝ.
හානියක් නැති නම් මොකද හංගගෙන අත්සන් කලේ ? ජනතාවට දැනුවත් කරලා අවබෝද කරලා පැහැදිලිව කරන්න තිබුනනේ ?