(දිමුතු සඳරුවන්)
නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාරිසරික ප්‍රතිපත්තිය සමාජ ගත කිරීම අද (1) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදි පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ වන ජීවීන්ගේ ආරක්ෂාව උදෙසා කෙටුම්පත් සකස් කිරීම, ඉවතලන ප්ලාස්ටික් කලමණාකරණය, ශ්‍රී ලංකාවේ වන සම්පත තිරසාර ලෙස කලමණාකරණය සහතික කිරීමට කටයුතු කිරීම ඇතුළු පරිසර ප්‍රතිපත්ති කිහිපයක්ම මෙහිදි එළිදැක්විණි.
මෙම අවස්ථාවට, කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූ අතර පරිසරවේදී රුක්ෂාන් ජයවර්ධන, යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විජය මොහොන්, කීල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති චිත්‍රාල් ජයතිලක, පරිසරවේදී වල්මික් තාපාර් යන මහත්වරු පරිසරය සහ වන සතුන් පිළිබඳ කෙටි දේශන කිහිපයක් ඉදිරිපත් කළහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කොළඹදි කිව්වා සජිත් දිනුවොත් එයා තමයි අගමැති කියලා. 19 සංශෝධනයෙන් සජිත්ට කිසිම බලයක් හෝ ඇමතිකමක් ලැබෙන්නෙත් නැහැ. සියලු බලතල රනිල්ට සහ හිටපු හොරු ටිකට. ඉතින් සජිත් කියන ඒවා කරන්න පුලුවනිද?
ඕවා ඔක්කොම කරන්න රටක් ඉතුරු වෙන්නත් එපැයි. ඇමෙරිකානු ගිවිසුමෙන් පස්සේ මේ රටේ භුමිය ගැන තීරණය කිරීමේ අධිකාරි බලයක් ඇමෙරිකාවට ලැබෙනවා. එතනින් එහාට ඔවුනුයි තීරණය කරන්නේ රක්ෂිත වනාන්තර ප්‍රදේශය, ඔවුන්ගේ ව්‍යාපෘති කරන්න අවශ්‍ය ප්‍රදේශය ආදී වශයෙන්. ලංකා රජයට කළ හැක්කේ අත්සන් තැබීම පමණයි. එහෙව් ඇමෙරිකානු උගුලට හසු වූ ඔබේ පාරිසරික ප්‍රතිපත්තියෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?
බදුර්දීන්....