ජනපති ආරක්ෂක අංශයට වැඩ බලන අධ්යක්ෂවරයෙක් ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ වැඩ බලන අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී නෝමන් සිල්වා මහතා පත්කිරීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නියෝග කර ඇත. 30 October 2018
උද්ඝෝෂකයින්ට අධිකරණයෙන් කොන්දේසි දෙකක් නව අගමැතිවරයා පත් කිරීමට එරෙහිව විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර ඇති උද්ඝෝෂණයට රාජ්‍ය ආයතනවලට ඇතුළු වීම හා පොදු දේපළවලට හානි කිරීම වළක්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පියන්ත ලියනගේ මහතා අද(30) නියෝගයක් නිකුත් කළේය. 30 October 2018
ඩොලරය 175 ත් පනී ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අගය අද (30) රුපියල් 175 සීමාව ඉක්මවා ගියේය. 30 October 2018
මිල සූත්‍රය මළ සූත්‍රයක් වෙයි මින් ඉදිරියට මිල සූත්‍රය මළ සුත්‍රයක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. 30 October 2018
'විපක්ෂ නායක ධුරය වෙනස් කරන්නේ නෑ' දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන් මහතා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කිරීමට අදහස් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 30 October 2018
වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි යුරෝපා සංගමයෙන් දෙවැනි නිවේදනයත් එයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම පාර්ලිමේන්තුව කැදවීමට පියවර ගත යුතු බව යුරෝපා සංගමය අද (30) යළිත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 30 October 2018
කතානායක පක්ෂ නියෝජිතයන් කැඳවයි කතානායක කරු ජයසූරිය මහතා අද උදේ 11ට පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමක් කැඳවා ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 30 October 2018
එජාප සාමාජිකයෝ අදත් අරලියගහ මැඳුරට රොක්වෙති පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ඉල්ලමින් අද (30) කොල්ලුපිටියේදී පැවැත්වෙන වෘත්තිය ජන හඬ උද්ඝෝෂණය වෙනුවෙන් කොළඹ නගරය පුරා කොළ පැහැති කොඩි ඔසවා තිබෙන අයුරු දැකිය හැකිය. 30 October 2018
හිටපු ඇමැතිවරුන්ගේ ආරක්ෂාව අඩු කෙරේ හිටපු ඇමැතිවරුන්ගේ ආරක්ෂාව ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු දක්වා අඩු කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ. 30 October 2018
විපක්ෂ නායක අගමැති සමඟ සාකච්ඡාවක විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් මේ මොහොතේ විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වේ. 30 October 2018
‘‘ලංකාවේ දේශපාලන කටයුතුවලට චීනය මැදිහත් වෙන්නේ නෑ‘‘ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට චීනය මැදිහත් වන්නේ නැතැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කන්ග් පවසා ඇත. 29 October 2018
මානව හිමිකම් දේශපාලනයේ ගොදුරක් නොවිය යුතුයි - ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ‘මානව හිමිකම්’ ශ්‍රී ලංකාවේ පවත්නා දේශපාලන අර්බුදයේ ගොදුරක් නොවිය යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ගෝලීය මෙහෙයුම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ මිනාර් පිම්ප්ලේ මහතා සඳහන් කර ඇත. 29 October 2018
රාධ ක්‍රිෂ්ණන් යළි රනිල් ළඟට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළද එක්සත් ජාතික පක්ෂය හැර දමා නොයන බව කඳුරට ජනතා පෙරමුණේ නායක වී රාධා ක්‍රිෂ්ණන් මහතා අද (29) පැවසීය. 29 October 2018
කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශකය වන ‘සියලු කොටස් මිල දර්ශකය’ අද (29) ඒකක 112.22 කින් එනම් සියයට 1.92කින් ඉහළ ගියේය. 29 October 2018
පාර්ලිමේන්තුව කැඳවා රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්නැයි කලාකරුවෝ ඉල්ලති ව්‍යවස්ථාවට පටහැනි ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයකු පත් කිරීම සහ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට විරෝධය පළ කරන බව ප්රජාතන්ත්රවාදය සඳහා වූ කලාකරුවෝ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසූහ. 29 October 2018
‘මැතිවරණ කොමිසම ඕනෑම මැතිවරණයකට සූදානම්‘ මැතිවරණ කොමිසම ඕනෑම මැතිවරණයකට සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. 29 October 2018
කැබිනට් මණ්ඩලය වැරදි තීරණයක් ගත්තා නම් ජනපතිත් වගකිව යුතුයි පාර්ලිමේන්තුව කැඳවා බහුතරය පෙන්වන්න කියා නිත්‍යනුකූල නොවන ඇගමැතිට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා අද (29) පැවසීය. 29 October 2018
අර්ජුනගේ ආරක්ෂක නිලධරයා රිමාන්ඩ් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා නොවැම්බර් 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය. 29 October 2018
තෙල් සංස්ථාවේ වෙඩි තැබීමට 15 කගෙන් ප්‍රකාශ ගනී දෙමටගොඩ පිහිටි ඛණිජතෙල් සංස්ථාවේ මුලස්ථාන පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමෙන් සේවකයකු මිය ගොස් තවත් සේවකයන් දෙදෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනෙකුගේ පමණ අද (29) ප්‍රකාශ සටහන් කර ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 29 October 2018
මහින්දානන්දට එරෙහි නඩුව ලබන 07 වැනිදා විභාගයට මුදල් විශූද්ධීකරණ පණත යටතේ මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුව ලබන නොවැම්බර් මස 07 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා අද (29) තීරණය කළේය. 29 October 2018
වැරැද්ද වහගන්න විවිධ දේ කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ලෙස පත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරින් වැඩිදෙනකුගේ විශ්වාසය ඇති කෙනා බවත් එසේ නොමැතිව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමේ වරද වසා ගැනීමට විවිධ දේ පවසමින් සිටින බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (29 වැනිදා) සවස පැවසීය. වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශ කරමිනි. 29 October 2018
නිතී විරෝධීව දකුණු කොරියාවේ රැදී සිටින්නන්ට පිට වෙන්න පොදු සමා කාලයක් නිත්‍යනුකූල නොවන අයුරින් දකුණු කොරියාවේ රැදී සිටින ශ්‍රමිකයින් සඳහා එරටින් පිටත්වීමට පොදු සමා කාලයක් ලබා දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 29 October 2018
තෙල් වර්ජනය අවසන් දෙමටගොඩ ලංකා ඛනිජතෙල් සංස්ථා මුලස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමෙන් සේවකයකු මියයාමේ සිද්ධිය සම්බන්ධව සංස්ථා සේවකයන් ආරම්භ කළ වර්ජනය අද (29) පස්වරුවේ සිට නතර කිරිමට තීරණය කළ බව ඛනිජ තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උප සභාපති කේ.ජි.එස්.ප්‍රේමන්ත ගමගේ මහතා පැවසීය. 29 October 2018
වැඩබලන ඇමරිකානු තානාපති - දේශපාලන අංශ ප්‍රධානී කතානායක හමුවෙති ශ්‍රී ලංකාව පත්ව ඇති අස්ථාවරභාවයට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තුළින් ඉක්මන් විසඳුමක් සොයාගනු ඇතැයි යන්න ඇමෙරිකාවේ අපේක්ෂාව බව ශ්‍රී ලංකාවේ එරට වැඩ බලන තානාපති රොබට් හිල්ටන් මහතා කතානායක කරු ජයසූරිය මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ. 29 October 2018
අර්ජුනට ඇප කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතාට ඇප ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය. 29 October 2018
බහුතර බලය පෙන්වීමේ යෝජනාව හෙට කතානායකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලය සඳහා සහාය පළ කරන යෝජනාව කථානායක කරු ජයසුරිය මහතාට හෙට (30) බාර දීමට නියමිතය. 29 October 2018
බංගලි හිටපු අගමැතිනියට 7 වසරක සිරදඬුවම් බංගලාදේශයේ හිටපු අගමැතිනී බේගම් ඛලීඩා සියාට සත් වසරක සිරදඬුවමක් නියම කිරිමට එරට අධිකරණය තීරණය කර තිබේ. 29 October 2018
ජනතාව පෙළගැස්වීමේ ජවිපෙ රැළිය 01 දා ජරාජීර්ණ දේශපාලනය පරාජයට පත්කර ජනතාවාදී දේශපාලනයකට ජනතාව පෙළගැස්වීමේ ජනතා මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා වන පළමු රැළිය නොවැම්බර් 01 වැනිදා සවස 3.00ට නුගේගොඩදී පැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 29 October 2018
හිටපු අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 5ට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. 29 October 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026