(බන්දු තඹවිට)
තම කුඩා දරුවන් දෙදෙනාගේ ගෙලට ලණුවක් දමා ගෙළ සිරකර මරා දැමීමට තැත් කළ මවක් අගලවත්ත පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අගලවත්ත, පොලේගොඩ පදිංචි 39 හැවිරිදි කාන්තාවකි.
සැකකාර කාන්තාව පළමු විවාහයෙන් වෙන්වී සිටින අතර එම විවාහයෙන් ඇයට අවුරුදු 20 ක පමණ පුතෙකු සිටින අතර ඉන්පසුව ඇය වෙනත් විවාහයක් කරගෙන ඇති අතර එම විවාහයෙන් වයස 10 සහ 7 පුතුන් දෙදෙනෙකු සිටී.
එම සැමියා විදේශ රැකියාවක නිරතව සිටින අතර ඒ අතරතුර මෙම කාන්තාව තම පළමු විවාහයේ පුතාගේ මිතුරෙකු තම නිවසේ රඳවාගෙන අනියම් සම්බන්දයක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
ඇයගේ මෙම ක්‍රියාවන් වලට බාදා වීම නිසා කුඩා දරුවන් දෙදෙනාට මෙම කාන්තාව විසින් ඉතා කෘර ලෙස වද හිංසා පමුණුවා ඇති අතර වයස 10 සහ 7 කුඩා දරුවන් දෙදෙනාට වේවැලකින් සහ බඳ පටියකින් පහර දී නිවසේ පිටුපසට ඇදගෙන ගොස් දරුවන් දෙදෙනාගේ ගෙලට ලණුවක් දමා ගෙල සිර කිරීමට උත්සාහ දරා ඇත. එම අවස්ථාවේ එතැනට පැමිණි මෙම කාන්තාවගේ අනියම් පුරුෂයා යැයි කියන පුද්ගලයා කාන්තාව පසෙකට තල්ලුකර දමා දරුවන් දෙදෙනා බේරාගෙන ඇත. අනියම් පුරුෂයා යැයි කියන පුද්ගලයා විසින් මේ සම්බන්ධව පොලීසිය පැමිණිලි කර තිබේ.
ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ අගලවත්ත පොලිසියේ නිලධාරීන් විසින් පිඹුර ප්‍රදේශයේ බස් නැවතුම් පොළක අඩමින් සිටි වැඩිමල් ළමයා සොයාගෙන ඇත.ඔහුගෙන් කරුණු විමසීමේදී තම මව විසින් තමාට සහ මල්ලීට ඉතාම කෘර ලෙස වේවැල් ,බඳ පටි ඇතුළු අතට අසුවන සෑමදේකින්ම පහර දෙන බවත් පෙරදින රාත්‍රියේ තමාගේ සහ මල්ලීගේ බෙල්ලට ලණුවක් දමා ගෙල සිරකර මරා දැමීමට තැත් කළ බවත් ,එදින අලුයම ගිරිකොල ප්‍රදේශයට මල්ලීවත් තමාවත් රැගෙන ගියේ මරා දැමීමට දැයි සැක සිතු නිසා මවගේ අතට ගසා පැන ගිය බවත් වැඩි දුරටත් පවසා ඇත.
වධ හිංසා වලට ලක්වූ දරුවන් දෙදෙනා නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමටත්, සැකකාර මව අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්කාර අම්ම කෙනෙක් නේ , තිරිසන් සත්තු උන්ගේ පැටියට මොන තරම් ආදරේද.
මිනිස් වෙසින් ඉන්න තිරිසනුන්
බලන්න අපේ හැදියාව. සකල සිරින් පිරි සිරි ලංකාවේ සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය. තව මොනවද ?
ඇග හිරි වැටෙනවා මේ කතා අහනකොට..
නොසන්සිඳෙන රාග ගින්නෙන් තැවෙන කතක්. දරු පැටව් දෙදෙනා පරිවාස භාරයට ගනීවියැයි මම සිතමි. නැවත එම මවට දුන්හොත් දරුන්ට අනතුරක් සිදුවේවි. අයථා ලිංගික ඇසුරක බැඳී පව් කර ගත්තද ඒ පිරිමියාට අපි ස්තුති වන්ත වෙමු. ඔහු උතුම් කාර්යයක් කර ඇත.
මේ ධර්මය වනාන්තර ගතවීගෙනයන කාලයයි .සංසාරය කෙතරම් බියකරුද ?
මරණ දඬුවම ගේන්න ඔක්කොම හරියනවා..