ගාල්ලට නුදුරු මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් කළ විශේෂ මෙහෙයුමක් අතරතුර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළැයි කියන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
එම බහුදින යාත්‍රාවේ කිලෝග්‍රෑම් 200 කට අධික හෙරොයින් බවට සැකකරන මත්ද්‍රව්‍ය තොගයක් තිබූ සොයා ගෙන ඇත.
නාවික හමුදාව සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට සැක පළ කරයි.
අත්අඩංගුවට ගත් යාත්‍රාව පුද්ගලයින් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දීමට නියමිතය.
මෙම වසර තුළ පමණක් නාවික හමුදාව විසින් කළ මෙහෙයුම් වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 739 ක් පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව නාවික හමුදාව කියයි.
( නාවික හමුදා මාධ්‍ය අංශය )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවෙක්ගේ බෝට්ටුවක් වෙන්නැති. ඕක දැන් නිදහස් කරාවි.
ෆේස්බුක් පාටි වලට යන අයට නොවෙයි. මෙන්න මේ අයට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න. මේවා ගෙවන අය විශේෂයෙන්ම දඬුවම් විඳිය යුතුයි.