(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය පළ කිරීමේ ගිවිසුමකට අත්සන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසට එරෙහිව ගත යුතු විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අනිද්දා (5) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරන බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගෙන තිබියදී එයට පිටින් ගොස් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකිරීම පක්ෂ විනය කඩකිරීමක් බව මහලේකම්වරයා සඳහන් කළේය.
පක්ෂ තීන්දුවට පිටින් ගොස් කටයුතු කරනු ලබන පක්ෂ සංවිධායකවරුන්ගේ සංවිධායක තනතුරු ඉවත් කිරීමට කටයුතු කරන බව ද මහලේකම්වරයා කීවේය.
හිටපු ජනාධිපතිනියගේ සහ මේ වන විටත් පක්ෂයේ සංවිධායක ධුරවලින් ඉවත් කරනු ලැබ සිටින පිරිසකගේ සහභාගිත්වයෙන් අනිද්දා (5) සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව කියන සමුළුවකට පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව ද ක්‍රියාමාර්ග ගන්නා බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින බව කියමින් කටයුතු කරන්නේ පක්ෂය වෙනුවෙන් නොව තමන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් බවද මහලේකම්වරයා කියා සිටියේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෙවරක්ම දෙකඩ කළ අයෙක් ලෙස ඉතිහාසගත වන බවද ඔහු සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන ප්‍රවෘත්තිවලත් පෙන්නපු, පොහොට්ටුව ප්‍රවර්ධනය කරමින් රැස්වීම් පවත්වන කට්ටිය ගැන තීරණය ගන්නේ ඡන්දෙන් පස්සෙද? සමහරවිට අර අපේක්ෂකයා ජය ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් ඉතුරුවෙන එකකුත් නැතිවෙයි කියලා පක්ෂයේම ජ්‍යෙෂ්ඨයින් කියනවා ඇහුනේ නැද්ද? අර නුගේගොඩ රැස්වීමේ වේදිකාවට ගොඩවුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා කී සැරයක් නම් කීවද? " අලුතෙන් පක්ෂයක් හදලා බලමුකෝ.. මම දන්නවා ඒ ගොල්ලන්ට කරන වැඩේ " කියලත් කියනවා අපට ඇහුණා.
චන්ද්‍රිකා හරිද? නැත්ද? යනවග මට අදාළ නැහැ. ඔය ප්‍රධාන පක්ෂ සියල්ලම එකයි. පුදුම ජනතාවාදී සමාජ සේවකයෝ. අපිට හරිම ආදරෙයි. පුදුම වෙහෙසක් දරන්නේ අපිට සැපවත් ජීවිතයක් දෙන්න. නමුත් තමන්ට අවශ්‍ය විටක පමණක් විනය, ක්‍රියාමාර්ග ගන්නේ පිට කොන්දේ ප්‍රශ්නයක් නිසා වෙන්න ඇති. අපිට මතකනේ මහින්ද සුළඟ ගැන කියපු කතා..
මේකට එච්චර දඟලන්න ඕනෙනේ. ඔය එළොවටත් නැති, මෙලොවටත් නැති සෙට් එකක් එකතුවෙලා පොඩි නාටකයක් පෙන්නන්නේ. ඕකට මිනිස්සු සල්ලිවලට ඇරෙන්න එන්නේ නේ. සජිත්ට නම් එ්කත් ලොකු දෙයක් වෙන්න ඇති.... එ්ත් ගෝඨාභයට දන්වන්නවත් ඔය සෙට් එකට බෑ...
එහෙම බැලුවා නම් තමුනුත් ඇතුළුව විනය ක්‍රියාමාර්ග ගන්නවා නම් ඔය ඕනෑ තරම් අය ඉන්නේ.... හොර දූෂිත දේශපාලුවෝ කීදෙනෙක් කියලද? හරියට, නීතියට වැඩ කරන අය කියලා හිතාගෙන ඇති... තමුන්ගෙ පැවැත්මට, වාසියට එහෙට මෙහෙට පනින රිලවුන් ගැන කවර කතාද?
ඔබත් සභාපති මහාචාර්යතුමත්, ශ්‍රීලනිපයට හොඳක් කළ අය නොවේ. පොහොට්ටුවට දිය කිරීම අරමුණයි. අන්ත ධනපති පවුලකට සේවය... මෙය මැදුම් පිළිවෙතට දුරස්තයි. වඩා සමීප සජිත්ටයි. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි. එය බණ්ඩාරනායක ප්‍රතිපත්තිය. දුප්පතුන්ට සේවය කරන්නේ කවුද ?
සිරි... සපථ කලේම පොහොට්ටු ලකුණ යටතේ නම් සහායක් නැහැ කියා නේද? ඒක එහෙම වුණාද?
එජාපයෙන් ශ්‍රීලනිපයට එ්කෙන් පොහොට්ටුවට ගිය දයාසිරි පළමුව විනය පරීක්ෂණය කළයුත්තේ දයාසිරිටයි. මෙෙත්‍රී දයාසිරි වැරැද්ද කරනවා නම් අනෙක් හැමෝම එම වරද කළ යුතුද? රට හදන්න පළමුව පක්ෂයේ ප්රජාතන්ත්රවාදය අාරක්ෂා කළ යුතුයි. මීට කලින් අයට මුලින් විනය පරීක්ෂණ කර අනතුරුව පරීක්ෂණ කළ යුතුයි.
දයාසිරි ජයසේකර මහතා අනෙක් අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න යන්නේ තමාගේ අතීතය අමතකද? මොනවද මේ කතා කරන්නේ..?
ඔය පොහොට්ටුව කියන්නේ මව මරා උපන් කුමරා. කෙහෙල්මුව... එතකොට පොහොට්ටුවේ ඉන්න අයට විනයක් නැද්ද?
පොහොට්ටුව කියන්නේ දේශපාලු තක්කඩි සහ ලෝකෝත්තරයන් කිහිප දෙනෙකුට තියන නඩුවලින් බේරෙන්න ඔවුන්ගේ අන්තේවාසිකයන් එකතු කරගෙන උයාගත්තු කැඳ හැලියක්! දැන් .. රැවුලත් ඕනෑ, කැඳත් ඕනෑ කියන තත්වෙටයි ඇවිල්ල තියෙන්නේ. ඔහොම ගියොත් ඒ දෙකම නැතුව යන්න පුළුවනි. මේ ගොල්ලෝ රටත් කාලා කාලා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කනවා..!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොහෙන් ආපු කෙනෙක්ද බණ්ඩාරනායක පවුලේ කෙනෙකුට මෙහෙම කතා කරන්න?
අපේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න තමයි මේ පක්ෂේ එකා අනිත් පක්ෂෙට අත ඉස්සුවා.. අනිත් එකා එක්ක හිනාවුණා කියලා පක්ෂේ ප්‍රතිපත්ති ඔලුවට අරගෙන නටන එක.. රටේ ප්‍රතිපත්ති බල්ලට ගිහිල්ලා රට ඉබාගාතේ යනවා. ආර්ථිකය නන්නත්තාර වෙලා ඒවා මුකුත් මොවුන්ට අදාළම නැහැ.. කෙහෙල්මල් පක්ෂේ ප්‍රතිපත්ති තමයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා වගේ කතා කරන්නේ.......