(සිරංගිකා ලොකුකරවිට)
පුහුණු කාලය ගතකරමින් සිටින සීමාවාසික වෛද්‍යවරුන්ට ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමේ තත්ත්වයක් උදාවී ඇති බැවින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස්කර දෙන්නැයි මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් ටී.ඩී.විමලසූරිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
සීමාවාසික වෛද්‍යවරුන් ලෙස පුහුණු කාලය ගතකරමින් සිටින වෛද්‍යවරුන්ට තම සේවා ස්ථානයේ සිට ඡන්දය සළකුණු කිරීම සඳහා යාම දුෂ්කර බැවින් මේ තත්ත්වය උදාවී තිබේ.
මානව හිමිකම් කොමිසම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට මේ බව දැනුම් දී ඇත්තේ 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභා පනත අනුව යමිනි.
මෙම ලිපියෙහි පිටපතක් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වෙත ද යවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමා සැබෑ ප්‍රශ්න. අනික ඔවුන්ගෙන් මුලු දවසම වගේ වැඩ ගන්නවා. හරිහමන් නිවාඩුවක් හෝ විවේකයක් ලැබෙන්නේත් නෑ. ඉතින් ඔවුන් වැඩකරන්නේ මානසික පීඩනයත් එක්ක. මේවා තමා හදාගන්න ඕන. ඕන මනුස්සයෙක්ට විවේකය අවශ්‍යයි.
සෞඛ්‍ය සේවයේ සියළු දෙනාටත් සීමාවාසික වෛද්‍යවරුන්ටත් තැපැල් ඡන්දය පාවිච්චි කිරීමට හැකියාවක් ඇතිකරනවා නම් සුදුසුයි.
මෙහි සදහන් කාරනාව අපි හැමට වඩා වෙෙද්‍ය සංගමය දන්නවා අධීක කාලයක් වැඩ කිරි්ම අඩු නින්ද වැඩි වගකි්ම දැරි්මට අපහසුතරම් යමක් කිරි්මට උනන්දු වෙන්න.
අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බව ඇත්තයි. එම සීමාවාසිකයින් බොහෝ ප්‍රධාන වගකීම් දරමින් සිටින අතර ඔවුන් ගැනද සිතා බැලිය යුතුය.