(නිමන්ති රණසිංහ)
විරෝධතාවක් සිදුකර, මහජනතාවට පීඩාකළැයි කියන සිද්ධියට අදාළව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු හයදෙනා සම්බන්ධ නඩුව පෙබරවාරි 17 වැනිදා තෙක් කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(04) නියෝග කළාය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරෝධය දක්වමින් කළ විරෝධතාවක් සම්බන්ධයෙන් වීරවංශ මහතා ඇතුළු පිරිසට චෝදනා එල්ල වී තිබිණි.
මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් මැතිවරණ වැඩකටයුතු සඳහා යොමුවී තිබීම හේතුවෙන් නඩුව කල්තබන ලෙසට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ අධිකරණ තියෙන්නෙ නඩු කල් දාන්න විතරද? අපේ රටට විශේෂයෙන් ප්රජාතන්ත්රවාදයට යන කල දවස හොඳට කල්පනා කරන්න
කුමාර මහත්තයෝ, නීතියට ඉහලින් ඉන්න පිරිසක් මෙහෙ ඉන්නවා. කල් දාන්නේ ආන්න ඒ ගොල්ලන්ගේ ඒවා. නඩුත් ඒ අයගේ. බඩුත් ඒ අයගේ.
සිසිල් පැන් පොවා නැගිට්ටුවේ නඩු දමන්නද?