(විනීතා එම් ගමගේ)
පුද්ගලික භාරයේ සිටිය දී අත් අඩංගුවට ගෙන රජයේ භාරයට පත් කළ හීලෑ අලි ඇතුන් 49 දෙනා ගෙන් දැනට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටින අලි ඇතුන් 30 දෙනා යළි පෙර හිමිකරුවන්ටම භාරදීමට ඉදිරිපත් කර ඇති කැබිනට් සංදේශයකට අනුමැතිය හිමිව ඇත.
රජය විසින් නඩු පවරා ඇති අලි ඇතුන් පිළිබදව සියලූ නඩු සමතයකට පත් කිරීම සදහා ප‍්‍රතිපත්තිමය තීරණයක් ගැනීමටත් එම තීරණය නීතිපතිවරයා සතු අධිචෝදනා නිවර්තනය කිරීමේ බලය යටතේ සමතයකට පත් කිරීමට හෝ නීතිපතිවරයා සතු අභිමතානුසාරී බලය යටතේ ඉල්ලා අස්කර ගැනීමටත් කටයුතු කරමින් එම නඩු අවසන් කිරීමට ද අදාළ කැබිනට් පත‍්‍රිකාව යටතේ අවසර හිමිවී තිබේ.
අග‍්‍රාමාත්‍යවරයා, සංචාරක සංවර්ධන වනජීවී හා කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍යවරයා සහ බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යවරයා විසින් ඒකාබද්ධ කැබිනට් පත‍්‍රිකාවක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම කැබිනට් පත‍්‍රිකාවට ඉකුත් සැප්තැම්බර් 10 වැනිදා මෙසේ අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව විහාරස්ථාන සහ දේවාල භාරයේ සිටිය දී රජයේ භාරයට ගත් අලි ඇතුන් එකී විහාරස්ථාන හා දේවාලවලටත් පුද්ගලික භාරයේ තබාගෙන සිටි අලි ඇතුන් එකී පුද්ගලයින්ටත් යළි භාරදීමටත් තීරණය කර තිබේ.
එම අලි ඇතුන් ගේ සන්තකය යලි පැවරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සහ ෂත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගෙන් හා වනජීවී සංවිධාන නියෝජිතයෙක-ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමටත් බලපත‍්‍ර සහිතව ඕනෑම ස්ථානයකට පැමිණ හීලෑ අලි ඇතුන් පරික්ෂා කිරීමේ බලය එම කමිටුවට ලබා දීමටත් මේ අනුව තීරණය වී ඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් හීලෑ අලි ඇතුන් තබා ගැනීම් 39ක් පිලිබ`ද නීතිමය කටයුතු ආරම්භ කර ඇති අතර එයින් එක් අලියෙකු මේ වනවිට මියගොස් ඇත. ඉතිරි 38 දෙනාගෙන් 19 දෙනෙක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ පින්නවල අලි අනාථාගාරයේ ද ඉතිරි 19 දෙනා වනජීන්‍ී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ උඩවලව නව අලි රැදවුම් මධ්‍යස්ථානයේ සහ උඩවලව ඇත් අතුරු සෙවනේ ද රදවා සිටී.
මේ 39 දෙනා අතරින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු 25 ක විමර්ශන කටයුතු අවසන් කර නීතිපතිවරයාගේ උපදෙස් සදහා යොමු කර ඇති අතර එයින් ගොනු 07 ක් ස`දහා නීතිපති උපදෙස් මේ වනවිටත් ලැබී තිබේ.
මෙසේ හිටි අඩියේ නඩු ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කිරීම පිළිබදව පරිසරවේදීන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.
ජනාධිපතිවරණය ආසන්නයේ මෙසේ කැබිනට් පත‍්‍රිකාවකින් බලතල ලබා ගෙන නඩු ඉවත් කර ගැනීමට කටයුතු කිරීම දේශපාලන උවමනාවක් මත සිදුකරන බව පෙනී යන බවත් මෙය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැදිලිවම දේශපාලන වාසි ලබාගැනීමට කරන දෙයක්...
මේක නම් සෙවල ආණ්ඩුවක්... මේ අයට ඡන්දෙ දෙන්න වටින්නේ නැහැ.
හෑ...! දැන් ඔය එනකොට මාධ්‍ය සංදර්ශන එහෙම තියලා ඝෝෂාවල් දාලා අපේ සල්ලි වියදම් කලේ මොන කෙන් ගෙඩියටද? තව යන එකාට ගියායින් පස්සේ අපේම සල්ලි වලින්ද යැපෙන්න හදන්නේ?
මෙය අති බිහිසුණු අයුක්ති සහගත ක්‍රියාවකි. කිසිසේත් සිදු නොවිය යුත්තකි. වැරදි පුර්වාදර්ශයකි. රටේ සිදුවන සියලු අනීතික අපරාධ ක්‍රියාවන් නීතිපති ලවා අනුමත කරවීමකි. මෙහි ඊළඟ පියවර වන්නේ සියලු මිනීමැරුම්, මුල්‍ය වංචා සහ අනිකුත් අපරාධ කළ හිටපු සහ දැනට ඉන්නා මැති ඇමැතින් සහ අනිකුත් නිලධාරීන්ට එරෙහිව ඇති නඩු නුදුරු අනාගතයේදී නීතිපති විසින් ඉල්ලා අස්කර ගැනීමයි. එබැවින් මෙවර අනිවාර්යෙන්ම තුන්වන බලවේගයක අපේක්ෂකයෙකු ජනපතිවරණයෙන් දිනවිය යුතුමයි.?
අද ගම්බද ගොවීන් අලි මිනිස් ගැටුමෙන් විඳින දුක නැති කිරීමට ගත හැකි එක විසඳුමක් නම්, හැකියාවක් ඇති අයට අලි රැකබලාගැනීමට අවසර දීම... එ් නිසා මා සිතන්නේ මෙය හොඳ තීරණයක් කියායි. මෙවැනි තීරණවලට විරුද්ධ වන්නේ අද ගම්බද ගොවීන් අලි-මිනිස් ගැටුමෙන් විඳින දුක නොදන්නා උදවියයි.
මේක මහා බිහිසුණු තීරණයක්... මේ අයට හදවතක් කියලා දෙයක් නැහැ. එම සතුන්ගෙන් ලක්ෂ ගණනක් ජීවත් වෙනවා. තව මහ ලොකුවට බෞද්ධ රටක්ලු...
මේක ඉතාම වැරදි වැඩක්... ලොකුවට රටට පේන්න පිරිත් නූල් බැඳගෙන ඉන්නේ නැතුව සත්ව හිංසාවට විරුද්ධ බව ඔප්පු කරලා පෙන්වන්න..