සමගි තරුණ බලවේගයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග විසින් සිදු කරනු ලබන යුක්රේන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පනත සහ නිරෝධායන නීති උල්ලංඝනය වන බව පවසමින් සමගි තරුණ බලවේගය පොලිස් මූලස්ථානය වෙත අද (22) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 22 January 2021
අටළුගම ඉතිරි ග්‍රාමසේවා වසම් හෙට සිට නිදහස් බණ්ඩාරගම අටලුගම හුදකලා කර ඇති ඉතිරි ග්‍රාම සේවා වසම් හතර හුදකලා බවින් හෙට (23) දින සිට ඉවත් කිරීමට හැකියාවක් ඇති බව සඳහන් නිර්දේශය ලිඛිතව කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කළ බව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් රුවනි සමරතුංග මහත්මිය පැවසුවාය. 22 January 2021
රුපියල තවත් පල්ලම් බහී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (22) නැවත වරක් 199 සීමාව ඉක්මවා පහළ ගියේය. 22 January 2021
කතරගම අනවසර වෙළඳසැල් ඉවතට කතරගම සහ සෙල්ල කතරගම පවත්වාගෙන ගිය අනවසර වෙළඳසැල් රැසක් අද(22) ඉවත් කළ බව කතරගම නාගරික සංවර්ධන අධිකාරි කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී සුනිල් කාරියවසම් මහතා පැවසීය. 22 January 2021
රියදුරුබලපත් අලුත්කිරීමේ කාලය තවත් මාස 3 කින් දීර්ඝ කරයි රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කාලය තවත් මාස 03කින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 22 January 2021
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ගෙදර එන්න විදේශ අමාත්‍යාංශ අනුමැතිය ඕනෑ ගුවන් තොටුපොළ යළි විවෘත කරනු ලැබුවත් විදේශ ගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය මව්රටට පැමිණීම සඳහා තවමත් විදේශ අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමට සිදුවී ඇත. 22 January 2021
මිශ්‍ර කසළ අද සිට ගන්නේම නෑ බස්නාහිර පළාත තුළ කුණු කඳු වලට මුදාහරින කසළ නිවෙස් වලින් බැහැරලීමේදී ඉඳුල් සහ පොලිතීන් ලෙස 100% ක් වෙන් කර පළාත් පාලන අයතන කසළ එකතුකරන්නන් වෙත ලබා දීමට නොහැකි නම් එකී කසළ සඳහා සිය නිවෙස් තුළම විසඳුමක් සොයා ගන්නැයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා අද (22) පැවසීය. 22 January 2021
කලාශූරී එඩ්වින් ආරියදාස සමුගනී කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද(22) අභාවප්‍රාප්ත වී තිබේ. 22 January 2021
චක්‍රලේඛ උපදෙස් නොතකා දරුවන් 16,000ක් සුපිරි පාසල්වලට අරගෙන පළමු වන ශ්‍රේණියේ පන්තියක් සඳහා තෝරාගත යුතු සිසුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් ලබාදී ඇති චක්‍ර ලේඛ උපදෙස් නොසලකා හරිමින් 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා සිසුන් 16,036ක් ප්‍රධාන පාසල්වලට ඇතුළත් කර ඇති බව විගණන වාර්තාවලින් අනාවරණය වී තිබේ. 22 January 2021
රාජ්‍ය ඇමැති පියල්ගේ ආරක්ෂකයකුට කොරෝනා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයන් ලෙස නිරෝධායනය වෙමින් සිටි ඇමැති ආරක්ෂක නිලධාරියකු හා ආධාරකරුවෙකු වන පුද්ගලයන් දෙදෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි පොලිසිය හා සෞඛ්‍ය අංශ අද(22) සදහන් කළහ. 22 January 2021
‘අන්තර්ජාල මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්න‘ අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. 22 January 2021
ටෝකියෝ ඔලිම්පික් අවලංගුවන ලකුණු කොරෝනා අවදානම හේතුවෙන් මේ වසර මැදදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල යොදාගත් පරිදි පැවැත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ජපන් රජයේ අභ්‍යන්තර වාර්තාවකින් හෙළිවී ඇති බව එංලන්තයේ ඩේලි මේල් පුවත් පත කියයි. 22 January 2021
හෙට කොළඹට වතුර කපයි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(23) දිනයේදී පැය 24ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදනය සහ ජලාපවාහන මණ්ඩලය පවසයි. 22 January 2021
ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයිමට ඇමෙරිකාව එකඟවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම නැවත ආරම්භ කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. 22 January 2021
බිළිඳා සම්බන්ධ පෙත්සම් සළකා බැලීමට විනිසුරු අකමැතියි කෝවිඩ් -19 වයිරසය ආසාදනය වීමෙන් මියගිය තම දින 21 වයසැති බිළිදාගේ සිරුර සම්බන්ධයෙන් මියගිය බිළිදාගේ දෙමව්පියන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීමට අකැමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් මහතා අද (22) විවෘත අධිකරණයේ දී සදහන් කළේය. 22 January 2021
අම්බලන්තොට මැලේකොළණියට සංචරණ සීමා අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයට අද (22) උදේ සිට සංචරණ සීමා පැනවීමට තිරණය කළ බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා කිය. 22 January 2021
නැගෙනහිර ජැටියේ ගැටලුව හැඟීම්වලට බරව සිතනු එපා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගම සමඟ හවුලේ පවත්වාගෙන යාමට රජය ගෙන ඇති තීරණය බරපතළ මත ගැටුමකට තුඩු දෙමින් තිබේ. එයට හේතුව වරායේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පසුගියදා පැවැත්වූ සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කර තිබූ ප්‍රකාශයයි. 22 January 2021
වෙන්නප්පුව සමූපකාර සමිතියේ 40කට කොරෝනා වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රධාන කාර්යාලයේ සේවකයින් 40 දෙනෙකුට කොව්ඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (21) රාත්රියේදී තහවුරු වී ඇතැයි වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 22 January 2021
ඇකිරියේ භූ කම්පන 3ක් මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය ගම්මානයේ ස්ථාන කීපයක අද (22) අලුයම 3.30 ත් 4.00 ත් අතර භූ කම්පන තුනක් සිදුවූ බව ඇකිරිය ගම්වාසීහු පිරිසක් පැවැසූහ. 22 January 2021
අද කොරෝනා ආසාදිතයන් 873 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 536 දෙනෙකු අද (21) හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.40 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 21 January 2021
තවත් කොරෝනා මරණ 2 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 January 2021
මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් බැග්ඩෑඩ්හි 32 ක් මරුට ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට අද (21) පස්වරුවේ එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකෙන් මියගිය ගණන 32 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 21 January 2021
උඩවලව වනයේ දඩයමේ ගිය අයකුට වනජීවියෙන් වෙඩි උඩවලව ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගිය පුද්ගලයකුට අද (21) වනජීවී නිලධාරීන් වෙඩිතබා ඇත. 21 January 2021
පෙබරවාරි අවසන් වනතුරු ශ්‍රීපාදය වඳින්න එන්න එපා එළැඹෙන පෙබරවාරි මාසය අවසන් වනතුරු ශ්‍රී පාද වන්දනාවේ නොඑන ලෙස දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පවසයි. 21 January 2021
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසුවාට වසර 6 ක් හිරගෙට අටුලුගම මාරාව ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගසමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුට එරෙහිව වසර 6 ක සිර දඬුවම් නියම කිරීමට පානදුර අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (21) නියෝග කළේය. 21 January 2021
රාජ්‍ය ආරක්ෂක යාන්ත්රණයට අන්තවාදීන් රිංගා ඇතැයි නාහිමිවරු 12 නමක් ජනාධිපතිට කියති අන්තවාදී අදහස් ඇති කණ්ඩායම්වලට රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයේ තීරකයින් ලෙස කටයුතු කිරීමට පහසුවන මාර්ග සැකසීම ජාතික ආරක්ෂාවටත් නීතියේ ආධිපත්‍යයටත් තර්ජනයකැයි, නාහිමිවරුන් ඇතුළු නාහිමිවරු 12 නමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් කියා සිටිති. 21 January 2021
මහින්දානන්දගේ ලක්ෂ 39 ක සාවද්‍ය පරිහරණ නඩුව කල් යයි වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කළ බවට රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි මස 3 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (21) නියම කළේය. 21 January 2021
ඉන්දියාවේ සේරම් ආයතනයේ ගින්නක් ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගම වන ඉන්දියාවේ සේරම් ආයතනයේ ගින්නක් ඇති වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 21 January 2021
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෘත්තිකයන්ගේ සංදේශය ප්‍රතික්ෂේප කරයි වෘත්තීකයන්ගේ ජාතික පෙරමුණේ සාමාජිකයින් විශේෂ සංදේශයක් බාරදීමට අද (21) කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ගිය අවස්ථාවේදී කල් තියා වේලාවක් වෙන්කර නොපැමිණිමෙන් සංදේශය බාර ගැනීමට ප්‍රතික්ෂේප කළේය. 21 January 2021
කිලෝමීටරයක්වත් නැති පාරක් හදන්න මාස 18 ක් යනවා කිලෝමීටරයකටවත් වඩා අඩු පාරවල් සකස් කිරීමට වසර එකහාමාරකටත් වඩා කාලයක් ගතව ඇති බවත් ව්‍යාපෘතිවල වැඩ නිසි පරිදි සිදුනොවීමෙන් ජනතාවගෙන් තමන්ට බැනුම් ඇසිමට සිදුවන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹදි අද(21) පැවසීය. 21 January 2021
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026