
(ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 610 ක් පමණ දුර ගැඹුරු මුහුදේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා අසාධ්‍යව සිටි, මෙරට බහුදින යාත්‍රාවක ධීවරයෙකු බේරාගෙන නාවික නෞකා ‘සයුරල’ නෞකාව මගින් අද (18) හම්බන්තොට වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව පවසයි.
බේරාගත් ධීවරයා ප්‍රතිකාර සඳහා කඩිනමින් හම්බන්තොට රෝහල වෙත යොමු කර.ඇත..
ගාල්ල ධීවර වරායෙන් 2021 ජූනි මස 29 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති ධීවරයින් හය දෙනකුගෙන් සමන්විත ‘SGS' නැමැති බහු දින ධීවර යාත්‍රාවේ සිදු වු හදිසි අනතුරකින් යාත්‍රාවේ සිටි ධීවරයෙකුගේ උදරය ප්‍රදේශයට සිදුවූ කැපුම් තුවාලයක් හේතුවෙන් ධීවරයා ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුවිය.
එම ධීවරයා ප්‍රතිකාර සඳහා යොමුකිරීමට සහයවන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සාගරික මුදවා ගැනීම් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ආපදා සඥාවක් මගින් දැනුම් දෙන ලදි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd