(අංජුල මහික වීරරත්න)
වත්මන් ආණ්ඩුව පැමිණි පසු රටේ දියුණු වූ එක ක්ෂෙත්‍රයක් හෝ තිබේ නම් පෙන්වන්නැයි ආණ්ඩුවට විවෘත අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද(18) පැවසීය.
තිබුණාට වඩා හැම අතින්ම රට ආපස්සට ගොස් තිබෙන බව කී රහුමාන් මහතා නිදහසින් පසු ශ්‍රී ලංකාවේ අවම ආර්ථික වර්ධනය වී ඇත්තේ 2020 වසරේ දී බවත් එය ඍණ 3.6 ක ආර්ථීක අවපාතයක් බවත් පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මේ අභියෝගය කළේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුජිබර් රට දියුණු කරන්න කලින් කොවිඩ් වලින් මිදෙන්න ඕනේ නේද? 2020 රට ආපසු බාරදුන්නේ ට්‍රිලියන 7 තව ණය ගොඩක් සමග කොවිඩ් වසංගතයත් එක්ක නේද? ඔහෙලා හිටියා නම් අපිට එන්නත වෙනුවට ලැබෙන්නේ මැලේරියාවට දෙන බෙහෙත්. රට දියුණු වෙන්න තමයි ඔහෙලා ජයටම කරපු ප්‍රතිඅපනයන නැවැත්තුවේ අපේ තේ කර්මාන්තය වලපල්ලට යවපු කසල තේ රට යවන එක නැවැත්තුවේ, රටේ වවන්න පුළුවන්, නිෂ්පාදනය කරන්න පුළුවන් හැමදේම පිටරටින් ගෙන්වන එක නැවැත්තුවේ... ඔහෙලගේ බිස්නස් වැටෙන්න ඇති... ඒවා රට ගැන හිතනකොට අපිට කොහෙත්ම අදාළ නැහැ. තේරුණාද මුජිබර්, ඔහෙලා හිටියත් එකයි, රට අත්හැරලා ගියත් එකයි අපි ඔබලාගෙන් ජීවත් වෙන්නේ නැහැ..